ගෑස් බෙදාගන්න ගැටුමක්.. පොලිසිය කැදවයි..

April 29, 2022 at 8:40 am | lanka C news

ලිට්‍රෝ ගැස් සමාගම විසින් (28) දින හැටන් එම්.ආර් නගරයේ පිහිටි අලෙවි නියෝජිතයාට පාරිභෝගිකයන් වෙත නිකුත් කිරිම සදහා නිකුත් කල කිලෝ 12.5 ගැස් සිලින්ඩර් 120 න්  82 ක් පමණක් අලෙවි නියෝජිත වෙලදසැල වෙත රැගෙන ආ බව පවසමින් පාරිභෝගිකයන් පිරිසක් අලෙවි නියෝජිතයා සමග ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින්ට මැදිහත් විමට සිදුවිය.

ලිට්‍රෝ ගැස් සමාගමේ ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පිහිටි ගැස් ගබඩාවෙන් එම අලෙවි නියෝජිතයාට ගෘහස්ථ ගැස් සිලින්ඩර් 120 ක් නිකුත් කර ඇති අතර, එම ගැස් තොගය අලෙවි නියෝජිතයා කුලි පදනම මත ලබාගත් ලොරි රථයකින් හැටන් නගරයේ පිහිටි අලෙවි නියෝජිත වෙලදසැල වෙත ප්‍රවාහනය කර ඇත.

(27) දින පස්වරුවේ සිට ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට පොලිමේ රැදි සිටි පාරිභෝගිකයන් අලෙවි නියෝජිත වෙලදසැල වෙත ලොරි රථයෙන් ගැස් සිලින්ඩර් 82 ක් පමණක් වෙලදසැලට රැගෙන යන අයුරු ගණන් කර ඇත.

වෙලදසැලට රැගෙන යන ලද ගෘහස්ථ ගැස් සිලින්ඩර් ප්‍රමාණය පමණක් අලෙවි නියෝජිතයා විසින් පාරිභෝගිකයන් වෙත අලෙවි කිරිමෙන් පසු (27) දින රාත්‍රියේ සිට පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් අලෙවි නියෝජිතයාගෙන් කරුණු විමසිමේදි අලෙවි නියෝජිතයා කියා සිටියේ සෙසු ගැස් තොගය සමාගමේ නියෝගයක් මත ආපනශාලා හිමියන් වෙත නිකුත් කල බවයි.

ගැස් නොලැබුණු පාරිභෝගිකයන් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසිරිම නිසා තත්ත්වය පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් මැදිහත් වි පසුව සිද්ධිය සමථයකට පත් කර ගැස් අලෙවි නියෝජිත වෙලදසැල වසා දැමිමට පියවර ගැණින.

එම අලෙවි නියෝජිතයා මිට ප්‍රථම ගෘහස්ථ ගැස් සිලින්ඩර් වැඩි මිලට පාරිභෝගිකයන්ට අලෙවි කිරිමේ චෝදනාව මත සමගම විසින් විමර්ෂණයක් සිදු කර තාවකාලිකව ඔහුගේ අලෙවි නියෝජිත ධුරය නතර කර පසුව කොන්දේසි ගණනාවක් යටතේ යලිත් අලෙවි නියෝජිත බලපත්‍රය ලබාදි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

14,499 views

One Comment to “ගෑස් බෙදාගන්න ගැටුමක්.. පොලිසිය කැදවයි..”

  1. Lahiru says:

    ඔක්කොම යවල තියෙන්නේ අවුරුදු තුන් හතරක් තුල සුකොපබෝගී කාමර 100ට වැඩි හෝටල් හදපු හිටපු නගරාධිපති දොඩම්ප මලයට කියන්නේ

Main News