බොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට.. තවත් පිරිසක් අත්අඩංගුවට…

May 2, 2022 at 4:40 pm | lanka C news
බොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට.. තවත් පිරිසක් අත්අඩංගුවට…

යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 13 දෙනෙකු සහ බෝට්ටු 2 ක්  (30 ) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පලාලි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස ත්‍රීකුණාමලයේ තිල්ලෙයිනගර් සිට පලාලි ප්‍රදේශයට පැමිණ ඇති අතර අනතුරුව පලාලි ප්‍රදේශයෙන් බොට්ටු දෙකක් යොදාගෙන පලාලි මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පැන යාමට උත්සහ දරා ඇති බවට අනාවරනය වෙයි.

අදාල පිරිස පලාලි මුහුදු මාර්ගයන් ඔස්සේ ගමන් කරමින් සිටින අතරතුර උතුරු නාවික විධානයට අයත් නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් පසු එම පිරිස බොට්ටු දෙකක්, ඉන්ධන තොගයක්ද සමගින් නාවික හමුදා භාරයට ගෙන පසුව පලාලි පොලීසියට භාරදීමට කටයුතු යොදනු ලැබීය.

නාවික හමුදා භාරයට පත් වූ පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් පිරිමි තිදෙනෙක් සහ ළමුන් 05 දෙනෙකු වන අතරම පලාලි ප්‍රදේශයේ පදිංචි බෝට්ටු හිමිකරුවන් දෙදෙනෙකුද වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අද දිනයේදී යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවටද පරික්ෂණ සිදුකරන පලාලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගිය මාර්තු 22 වනදා සිට උතුරු මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්දියාවට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් 80 කට අධික පිරිසක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බවටත් එලෙස පැමිනෙන පිරිස් ආරක්ෂක අංශ වෙතට පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පවතින ආර්ථික තත්වය අනුව තමන්ට ජීවත් වීමට නොහැකි ලෙසින් ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් මෙලෙස පැමිණි බවට ඉන්දීය මාධ්‍ය පවසා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,134 views

4 Comments to “බොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට.. තවත් පිරිසක් අත්අඩංගුවට…”

  1. gO HOME මයිනා says:

    සාජපක්ක්ක සජතුමා ට ඔව දැනෙන්නේ නැහැ, පඬුපුල් ආසනේ උණු වෙන්න නම ඩොලර් කුට්ටියක් OFFSHORE ACCOUNT එකක ට වැටෙන්න ඕනේ.

    පකනිල් ට ඕව දෙන්නෙත් නැහැ, උටත් ඕනේ සාජපක්ක චුන් එකම තමා.

    රතු අලියා ……………අනේ මන්ද. උටත් ඕනේ චන්දයක් ලු

    රජ තුන් කට්ටුවක් එකතු වෙලා මුළු ජන ජීවිතයම විනාශ කරනවා , නැතිද ලංකාවටම පරමාණුක අවියක් එවන්න එකෙක්.

  2. Banda says:

    Yako yana unta yanna deepalla pake naviga hamudava

  3. කැපුවත් පොහොට්ටුවට says:

    මුන් කොටි. ඉන්දියාවට පැනල ලංකාවට ගේම දෙන්න සෙට් වෙන්නෙ. දුටු තැන වෙඩි තබන්න.

  4. කිරිහාමි says:

    යන එවුන් ට යන්න දීපල්ලා

Main News