හරීන් ප‍්‍රනාන්දු කුණුහරුප කියන විකටයෙක්… මට කුණුහරුපෙන් බැන්නා..- ෆොන්සේකා

May 3, 2022 at 12:02 am | lanka C news

හරින් ප්‍රනාන්දු කුණුහරුප කියන විකටයෙක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

පක්ෂයේ දෙවනියා වන්නේ තමන් බවත් පසුගිය මැයි රැලියේදී කථික ලැයිස්තුව පිළිබඳ යම් යම් අඩුපාඩු තිබූ බවත් පැවසූ ඔහු ඒ ගැන විමසීමේ දී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එසේ අඹෝභන ලෙස හැසිරුණු බවත් තමන්ට අසභ්‍ය වචන භාවිතා කළ බවත් පැවසීය.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

“සංවිධාන කටයුතු සාධාරණ විදියට නිවැරදි ආකාරයට කරලා තිබුණේ නෑ. යම් කල්ලියක ටික දෙනෙක් එකතුවෙලා ඒගොල්ලොන්ගේ ප්‍රතිරූපය සහ නම් ඉදිරියට ගෙනියන්න යම් යම් පියවර අරන් තිබුණා යම් යම් තැන්වල. මම ඒකට විරුද්ධ වුනා. මම ඒක ප්‍රකාශ කළා. ඊට පස්සේ එතුමා අශීලාචාර විදියට අසභ්‍ය වචන පාවිච්චි කරමින් එතන හැසිරුණා. එතුමාට මම කතා කළ විදියට වැදගත් විදියට මට උත්තර දෙන්න තිබුනා. ඉතින් ඒක නිසා ඒ කුපිතවෙලා වෙච්ච හැසිරීම අපි පිළිකුලෙන් හෙළාදකිනවා. එතුමාට මට කියන්න තියෙන්නේ ඒවා පුරුද්දට තියාගන්න එපා කියලා විතරයි. එතුමා ආවා නායකතුමා එක්ක යමක් කතාකරන්න ඒ වෙලාවේ මම ප්‍රශ්න කළා එතුමාගෙන් මේ ගැන. ඒ ප්‍රශ්නය එතුමා නායකතුමාටත් දැම්මා. ඒ කථික ලැයිස්තුවේ වරදක් තිබුණා මට තේරුණා ඒක නායකතුමාත් දැනගෙන හිටියා කියලා කොහොමවුනත් ඒක නිවැරදි කළා. කොහොමවුනත් තව වැරදි ගොඩක් එතැන සිද්ධවෙලා තිබුනා. පසුපෙළ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් ඒවාට විරෝධය පාලා එතැනින් නැගිටලත් ගියා. පක්ෂයේ දෙවැනියා හැටියට මට අයිතියක් තියෙනවා යුතුකමක් තියෙනවා ඒක කතාකරන්න. ඒවා දිගින්දිගටම කරන්න ගියොත් පක්ෂයේ සමගියට, ශක්තියට බාධාවක් වෙනවා. අපි අතර කිසිම බලපොරයක් නෑ. එතුමා ආවා කියලා අපිට ප්‍රශ්නයක් නෑ, එතුමා ඇයි බදුල්ල අතහැරියේ ඒවා එතුමාගේ ප්‍රශ්න නේ. ඒවා මට අදාළ නෑ. අපි රන්ජන් රාමනායකළා ගම්පහ දිස්ත්‍රික්කයට අපේ පක්ෂයෙන් කොහොමත් පිළිගැනීමක් අරන් දීලා තියෙනවා. ඒක හින්දා කවුරු ආවත් කවුරු ගියත් අපිට බලපෑමක් වෙන්නේ නෑ. නායකතුමාට මම ඉදිරියේදී රාජකාරී මට්ටමින් මේක ගැන පැමිණිල්ලක් කරනවා අනිවාර්යයෙන්ම. එතකොට එතුමා නිසි පියවර ගත යුතුයි නායකයා හැටියට ඉතින් බලමු මොනවද වෙන්නේ කියලා.”

44,359 views

14 Comments to “හරීන් ප‍්‍රනාන්දු කුණුහරුප කියන විකටයෙක්… මට කුණුහරුපෙන් බැන්නා..- ෆොන්සේකා”

  1. ලප වානර says:

    හයියෝ……….තනියම යුද්ධ කරපු මෑන් ඇට පුංච ඉස්සරහත් ඇඹරෙන වෙල් විදානෙ කෙනෙක්.

  2. David Milli-banda says:

    හයියෝ…… ඇට පුංච lagata andagahala uge ඇට mirikuwaama ඇට පුංච (හරීන් ප‍්‍රනාන්දු) කුණුහරුපෙන් ෆොන්සේකා”ta එසේ අඹෝභන ලෙස හැසිරුණු බවත් තමන්ට අසභ්‍ය වචන භාවිතා කළ බවත් පැවසී ma. waradak da?”
    ඇට පුංච ta hondatama ridila. ….Paw .. ne…. Amaruwen araksha karagena inna ඇට deka ne.

    Ara galle face wala atharamang wela inna aragala kaarayo monawa hithanawada danne nehe?
    Unuth anith unge ඇට mirikanna patan ganida danne nehe.
    Aiyoooo… rattage n Bopage ge ඇට bera ganiyaw.
    A’pay deshapalane…… හයියෝ…Deiyooooo sakki…………..

Main News