පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..

May 6, 2022 at 8:02 am | lanka C news
පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..

රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීම සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.

නිමල් ලාන්සා මහතා මෙම ඉල්ලීම කර සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“රටේ මිලියන 22 ක් වූ ජනතාව මේ තුන්වෙනි සභාවාරයත් බලන් ඉන්නවා. මිනිස්සුන්ට අද විශාල ප්‍රශ්නයක් තියෙනවා. අද රටේ පවතින සත්‍ය තත්ත්වය මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළා. ඒනිසා පළමුවෙන් මුදල් අමාත්‍යවරයාට ස්තූතිය පළ කර සිටිනවා.මේ වගේ අමාරු අවස්ථාවක, සියලු දෙනා මේක බාර ගන්න බැරිව ඉන්නකොට එතුමා මේක භාර අරගෙන, ඕන කෙනෙකුට මේක භාර දීලා යන්න කැමතියි කියලා. එවැනි තත්ත්වයක් තුළ අවකංවම මේ රටට, මේ සභාවට පවතින තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීම.

මේ රටේ ජනතාව දැනගන්න ඕනේ, අපි දැනගන්න ඕනේ රටේ තියෙන ආර්ථික අර්බුදයේ ඇත්ත තත්ත්වය. ඒනිසා හෙට කවුරු නායකත්වයට ආවත්, කවුරු ජනාධිපතිවුනත්, කවුරු අගමැතිවුනත්, කවුරු කැබිනට් මණ්ඩලයට ආවත් ප්‍රශ්නය විසදන්න ඕනේ ක්‍රමවේදය එතුමා කීවා. ගරු කතානායකතුමනි අපි අද දවස තුළත් මේක සාකච්ජා කරලා යයි. තව සාකච්ජා ඕන තරම් තියයි. විවිධ විද්වතුන් ⁣විවිධ යෝජනා දෙයි. ඒ යෝජනා පාර්ලිමේන්තුව තුළ සාකච්ජාවට ආවම අපි ඉතිහාසය පුරා දැකලා තියෙනවා පක්ෂ විපක්ෂ අය කතා කරන හැටි.

අපි සියලු දෙනා ගැටලුව දන්නවා. රට තුළ තියෙන අභියෝගය සියලු දෙනා දන්නවා. ඒනිසා පක්ෂ විපක්ෂ බේදයක් නැතිව තේරීම් කාරක සභාවක් දාලා, එක දිගට සති දෙකක් අපි රැස්වෙලා කෙටිකාලීනව මේ අර්බුදය විසදලා , එළියේ ඉන්න ජනතාවට අපහසුතාවයක් නැතිව ප්‍රශ්න විසදලා දෙමු. පෝලිම් යුගය අවසන් කරලා, උද්ධමනය අඩු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පක්ෂ ⁣බේදයක් නැතිව අපි සියලු දෙනා එකතුවෙලා ගමු කියන යෝජනාව ඔබතුමාට කර සිටිනවා.

ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන්න. මධ්‍ය කාලීනව අපි ගන්න ඕන තීන්දු තීරණ ගන්න පක්ෂ බේදයක් නැතිව සාකච්ජා කරන්න. දීර්ඝ කාලීනව මේ සභාවේ කවුරු බලයට පත්වුවත් තව අවුරුදු 10 ක් 20 ක් මේක වෙනස් වෙන්නේ නැතිව ආර්ථික අර්බුද ජයග්‍රහණය කරලා, මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජන ජීවිතය නගා සිටුවන්න කටයුතු කරන්න කියන එක ආදරයෙන්, ගෞරවයෙන් මේ සභාවෙන් හා සියලුම පක්ෂ වලින් ඉල්ලා සිටිනවා. ඒ සදහා ඔබතුමාට විශාල වගකීමක් පැවරී තිබෙනවා” යැයි නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් කීය.

– මාධ්‍ය ඒකකය

39,274 views

14 Comments to “පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..”

  1. පූචානං says:

    අස් වෙච්ච එක් කෙනා නේද මේ? මෙයා නාට්‍යය අධ්‍යක්ෂක වෙන්න ඕනෙ..!!

  2. FACT says:

    ඔබතුමා නගන ප්රශ්නයෙන් තේරුම් ගන්න පුලුවන් ඔබතුමාලා රට පාලනය කලාට රටේ ආර්ථිකය ක්රියාත්මක වෙන ආකාරය පිලිබද කිසිම අවබෝධයක් නැහැ කියලා. පවතින ගැටලුවලින් මිදෙන්නට අඩු වශයෙන් අවුරුදු දහයක්වත් යනවා. කොයි කවුරු ආන්ඩු කලත්, කවුරු රටේ නායකයා වුනත් තත්වය ඕක තමයි.ලොකු පොඩි හැමෝම ලොකු කැප කිරීමක් කරන්න වෙනවා, එය ඉතා වේදනාකාරියි. ඉවසීමෙන් පමනයි මෙයින් ගොඩයන්න පුලුවන්. කෙටි විසදුම් නැහැ.

    • JBW says:

      දැවැන්ත ආර්ථිකයක් තියෙන හැමදාම වෙළෙඳ ගිණුමේ අතිරික්තයක් තිබුනු ආර්ජන්ටිනාව 2001 වසරේ Sovereign Bonds පමනක් default කරලා නැවතත් අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳ පොලට ගිහිල්ලා බැදුම්කරයක් නිකුත් කරන්න අවස්ථාව ලලබාගත්තේ 2016 වසරේදී. අවුරුදු 16 කට පස්සෙ. එසේනම් ඉතින් ලංකාව ගැන කවර කතාද? සත්‍යය එයයි.

    • SARASI says:

      ඔව් මිනිස්සු කොහොමත් දුක් විදගෙන ඉදී නැතිනම් කොහේ යන්නද, හැබැයි හොරු ගෙදර යන්න ඕනෑ .

  3. Hora Gudda says:

    I don’t know about bloody Nimal Lansa, but we see that Ali Sabri is a capable, honest, educated, upright, forward-thinking open person who should be considered as the New Prime Minister for SL. Ali Sabri’s greatest credential is he can communicate well in English with the Western leaders and Global Economic and Financial Agencies. He is like the late Raja Kadiragamar who was well respected by the Western Global Leaders as well as Asian and SE Asian leaders. So. let’s give the reins of the SL Govt. to Ali Sabri.

    • සුදුපරවියා says:

      පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ගය සදහා තමයි ඉන්දියාවෙන් ණය අරන් ජනතාව නතරකිරීමට යකඩ බාධක ගෙන්වුයේ .. ජනතාව මහා පාරේ මැරි වැටෙද්දී විදේශීය රටවලින් ණය අරන් මේ රාජපක්ෂ ආණ්ඩුව ..ඔවුන්ගේ දේශපාලන බලය ශක්තිමත් කිරීමට උත්සාහ දරනවා ..මේ දේශද්‍රෝහී ආණ්ඩුව ජනතාව ගැන තැකීමක් නැහැ රට ජාතියට ආදරයක් නැහැ ..බෞද්ධාගමට නිගා කරනවා .අරගල කරන ජනතාව ඉදිරියේ පිරිත් ප්‍රචාරය කරමින් බුදු දහම අවභාවිතය කළා ..තිරුපති මිත්‍යා විශ්වාසයෙන් අන්ධවූ ,ඥානක්කා වැනි මන්ත්‍ර කාරියකාගෙන් උපදෙස් ගන්න පාලකයින් ගෙන් රටට යහපතක් සිදුවේවිද ?
      පොහොට්ටුව ආණ්ඩුව විසුරුවා ගෙදර යායුතුයි ..ජනතා හඩට සවන් දිය යුතුයි

    • SALMAL says:

      ”So. let’s give the reins of the SL Govt. to Ali Sabri.”..What ?ARE YOU CRAZY ?
      Don’t write bullshit you fool …This is not a islam country ..This is Sinhalese Motherland .Islamic extremists are trying to seize political power in the country at this time

      • Hora Gudda says:

        You Racist Donkey Salmal! This is the biggest problem SL has, so-called Sinhala Buddhists, I am too a very good Sinhala Buddhist but not like a racist Salmal, racism, divisive thinking, that Sinhala Buddhists should always be the leaders of SL, what bullshit racism and divisive thinking that is. You idiot Salamal, most Sinkhalese are Extremists like you who donkeys think that all Tamil and Muslims are Extremists. that is because you Sinhala extremists can see only the Unreal world and not the real world.

  4. ගොඩේ මනුස්සයා says:

    මේ අයම කරල කාගෙන්ද දැන් ඉල්ලන්නෙ

  5. පව් බං මිනිස්සු....!!! says:

    Muoo Maara andillak andanna hadanne…maara aadareyi minissunta…Lankawe Number 1 Kudu dealer …muoo dilith jayaweera saha reynor silva

  6. ඇල්වතූර says:

    කූඩු ලන්සගෙ කූඩු තොගය විකූණා ඩොලර් ගෙනෙන්න.

  7. SARASI says:

    මොනවා කිව්වත් වැඩක් නෑ අසමත් එවුන් ඉල්ලා අස්වෙන්න ඕන . අද බැරිනම් හෙටත් බෑ . හොරු විස්වාස කරලා රට සල්ලි එවන්නේ නෑ .

  8. Sam says:

    මෙ වගෙ ගොන්නු ආවම තමය් මෙව වෙන්නෙ. මෙක පර්ලිමෙන්තු මන්තී නෙඩ. හිතන්න මොලයක් නඩ්ඩ. මෙ වගේ ගොන්නු පර්ලිමෙන්තු අරිනවට අපිට ගහන්න ඔන.

  9. රොනි says:

    රටෙ තිබෙන ආගමික මද්‍යස්තානවල තිබෙන වටිනා රන්, රිදී මුතු මැනික් යනාදිය රජයට පරිත්‍යාග කල යුතුයි මේ මොහොතේ , ඒ මගින් විදෙශිය නය සම්පුර්ණයෙන්ම ගෙවා දැමිය හැක .

Main News