රාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව්ර කරනවා..- GMOA දන්වයි..
May 8, 2022 at 8:02 am | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය මර්දනය නවතනු…
දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ හදිසි නීතිය පැනවීම මගින් තම ආරක්ෂාව සලසා ගැනීමට දේශපාලනඥයින් කටයුතු කලද, දුෂිත දේශපාලන ක්‍රමය අවසන් කර ජනතාවගේ අරගලය සඳහා සැබෑ විසදුමක් ලබා දීමට වර්තමාන රජය හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයකට අවංක උවමනාවක් නොමැති බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුලින්ම පසක් වෙමින් පවතී.
පාර්ලිමේන්තුවේ රැස්වන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ජනතා ගැටලු සඳහා යථාර්ථවාදී විසඳුම් සාකච්ඡා කිරීම පසෙකලා ජනතාවගේ මුදල් වැයකරමින් ඔවුන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර සපුරාගැනීම සඳහා පමණක් කටයුතු කරමින් සිටින බව පසුගිය දින ගණනාවක් පුරා රැස්වූ සියලු පාර්ලිමේන්තු නියෝජිතයින් මනාව සනාථ කර ඇත. එමගින් අද වන විට වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රායෝගික වලංගු භාවය පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී ඇත.
ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම ප්රජාතන්ත්රවාදී රාමුව තුළ විරෝධතා දැක්වීමට සහ භාෂණය සඳහා ඇති මූලික අයිතීන් උල්ලංඝනය කරමින්, ජනතාව මර්දනය කිරීම උදෙසා රජය විසින් හදිසි නීති රෙගුලාසි පනවමින් සිදුකරන ලද ප්රජාතන්ත්ර විරෝධී පියවර සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටින අතර වහාම එම මර්දනකාරී නීති ඉවත් කර ජනමතයට හිස නමන ලෙස දේශපාලන අධිකාරියට බල කර සිටිමු.
තවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලනඥයින් වර්තමාන අර්බුදය සහ ජනතා ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම්, සියලු ආගමික නායකයින්, වෘත්තිකයන් සහ ජනතාව සමග එක්ව ජනතා ගැටළු වලට සංවේදී නොවන, වගකීම් විරහිත සියලුම අසමත් දේශපාලනඥයින්ට එරෙහිව ඇති විරෝධය තව දුරටත් පුළුල් කරමින්, ඉදිරි ක්‍රියාමාර්ග තීව්ර කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව කිසිසේත් නොපැකිළෙනු ඇත.
කොහොමත් ස්ට්රය්කේ වගේ නේ …වෙනසක් නැ
මේ දොස්තරලා ගෙන් බදූ අය කරන්න. මිල පාලනයක් යෝජනා කරන්න. රටෙ වෙනූවෙන්.රාජිත හරි.
Padadeniyada pakadeniyada ane manda mata nama mathakanaha. Ehema matalen apu buruwek needa ubalage carbonic fertilizer pissuwahaduwe?
GMOA is always right ✅ 👌
Genuinely think about the country
කවූරුත් රට ගැන හිතමූ. මම මගේ බඩ ගැන විතරයි කාට හෙන ගැහූවත් මොකෝ.
tax the buggers, pin padi athi dan..
Ah GMOA has finally woken from their deep slumber.
කට වහගනිං ඝ්මො උත්තෝ !