පොහොට්ටුවේ ජාතික ලයිස්තුව එජාපයට.. රනිල්ට කැමති අය පත් කරන්න දෙයි..
May 13, 2022 at 10:22 pm | lanka C news
රටට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ නියෝජනයක් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් ලබා දීම පිළිබඳ කිසිදු ගැටළුවක් නැතැයි එම පක්ෂය ප්‍රකාශකයෙක් උපුටමින් මව්බිම පුවත්පත සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍යවරයා පරිණත දේශපාලනඥයෙක් නිසා රටේ වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නේ නම් තම පක්ෂය ඊට සහාය දෙන බව ද මේ අවස්ථාවේදී රට ශක්තිමත් කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකඟ විය යුතු බවද ඔහු සඳහන් කර ඇත.
පක්ෂයේ අඩුපාඩු ඇත්නම් ඒවා සකස් කරගෙන ඉදිරි මැතිවරණයට මුහුණ දීමට සූදානම් බව ද සඳහන් කර ඇති එම ප්‍රකාශකයා පක්ෂයට මේ මොහොතේ අවශ්‍ය පක්ෂය දියුණු කරගැනීමට වඩා රටේ අර්බුද විසඳීම වෙනුවෙන් ප්‍රමුඛත්වය දීම බවද සඳහන් කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ඉදිරියේදී තම පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි. ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා නව අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙලට සහාය දෙන බව ද ඔහු සඳහන් කළේය.
ජීවන උමන්දාවේ යාමට නම් අපි අපේ රට ගැන හිතමු. බල පෙරේතයින් කරන්නාවු මායවන් පරයා ගමන් කරමු. විශේෂයෙන්ම මේ ගොල්ෆේස් උන්මාදය වර්ධනය වීමට ඇයි රජය සහයෝගය දෙන්නේ. ඇයි මේ විපරිතයට වැට බදින්නේ නැත්තේ. ගරු. නිතිඥවරුණි නුඔලා පෙර අප රටේ සිදුවුන කිසිදු දෙයක් සඳහා මෙලෙස ක්‍රියා කලාද? ඇයි දැන් රැල් පිටින් රට විනාශමුඛයට යවන මිනිමරුවන් වෙනුවෙන් කටයුතු කරන්නේ. මිනිසෙකු මැරීම සේම මිනිසෙකු නොමග යැවීමත් මිනිමැරුමක් හා සමානයි. ඒ බෞද්ධ ධර්ශනය. නිතිඥවරුනේ මේ බෞද්ධ දේශයක් නුඔලා කරන කියන දේ බෞද්ධ ධර්ශනය අනුවද සිදුවන්නේ. නුඔලාගේ මුහුණ කථාව හා හැසිරීම රංගනයක්ද?
(අපි ගොන්නු වුනා)…….අපරාදේ පොහොට්ටුවට චන්දෙ දීලා ගොටා ජනපති කලේ…රනිල් ජනපති කලා නම් මේ ප්‍රශ්න මුකුත් නෑ….
හයියෝ.. පොහොට්ටු බයියෝ බේරේ වැවේ නාල අන්තිමට අලින්ට සාටකේ දාපු ඒකනේ කරේ.
දැන් එතකොට රතු අලි නැද්ද?
මෝඩ කුහක Jeepo/Peretto න්ට තේරෙන්නෙ නෑ මේ වෙලාවේ රට ආර්ථික වශයෙන් වැටීම නවත්තන්න මුක්කු ගහන්න ඕන බව. මුක්කුව ලීද, යකඩද , රත්තරන් ද යන්න අදල නෑ.
පොහොට්ටුවෙ මන්ත්‍රීල 112ක් ඉල්ලා අස්වෙලා රනිල්ට එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීලා පත් කර ගන්න කියල පොහොට්ටු ලේකම් කිව්වත් පුදුම වෙන්න එපා…!