පොහොට්ටුවේ ජාතික ලයිස්තුව එජාපයට.. රනිල්ට කැමති අය පත් කරන්න දෙයි..

May 13, 2022 at 10:22 pm | lanka C news
පොහොට්ටුවේ ජාතික ලයිස්තුව එජාපයට.. රනිල්ට කැමති අය පත් කරන්න දෙයි..

රටට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ නියෝජනයක් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් ලබා දීම පිළිබඳ කිසිදු ගැටළුවක් නැතැයි එම පක්ෂය ප්‍රකාශකයෙක් උපුටමින් මව්බිම පුවත්පත සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා පරිණත දේශපාලනඥයෙක් නිසා රටේ වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නේ නම් තම පක්ෂය ඊට සහාය දෙන බව ද මේ අවස්ථාවේදී රට ශක්තිමත් කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකඟ විය යුතු බවද ඔහු සඳහන් කර ඇත.

පක්‍ෂයේ අඩුපාඩු ඇත්නම් ඒවා සකස් කරගෙන ඉදිරි මැතිවරණයට මුහුණ දීමට සූදානම් බව ද සඳහන් කර ඇති එම ප්‍රකාශකයා පක්ෂයට මේ මොහොතේ අවශ්‍ය පක්ෂය දියුණු කරගැනීමට වඩා රටේ අර්බුද විසඳීම වෙනුවෙන් ප්‍රමුඛත්වය දීම බවද සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ඉදිරියේදී තම පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි. ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා නව අග‍්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙලට සහාය දෙන බව ද ඔහු සඳහන් කළේය.

137,051 views

27 Comments to “පොහොට්ටුවේ ජාතික ලයිස්තුව එජාපයට.. රනිල්ට කැමති අය පත් කරන්න දෙයි..”

  1. Kamal says:

    පන්ඩිතයන්ට ඒදන්ඩෙ යන්න බැ කියත්මග අයින් වෙන්න කරපු විනාසය ඇති

  2. samamali says:

    ඉංගිරිසි බාසාව කියන්නෙ රටක් ගොඩදාන්න පුලුවන් ආයුදයක් කියලා ඉගෙනගත්තෙ රනිල් මැතිතුමාගෙන්.රටටම ජයයි.

  3. Sandy says:

    Whatever you do, keep Pa Cha Ranawaka OUT !!

    He’s a back stabber

  4. Buddhist says:

    Pinata seat MP now pinata seat PM. Rajapaksas have surrendered the entire 69 lacs votes to save their necks. Now the same SLPP MPs who attacked Ranil have to bend into three in front of Ranil. What a betrayal!

  5. vis8 says:

    Well done, this is a selfless decision by the SLPP, at this time of need. Let Ranil appoint who he is most comfortable working with. After all the scrutiny ongoing now, there will be little or no corruption in the future. Please be patient and let the country recover.

  6. Sakshi says:

    Island nation fools got another good lesson from Mara family. Hoooooooooooo

  7. උද්ඝෝෂණ says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනවිට ටනිල්ට 164 යි. සුමන්තිරන් ඇතුලු දෙමළ සන්ධානයත් රනිල්ට. විමල්, ගම්මන්පිල පාඨලී නඩුවලින් යටත් කරල. අනුර බණ්ඩාරනායව අලියට එකතු කළා වගේ නාමල් අලියට එකතු වෙනව. රාජපක්ෂලගෙ අලුත් නවාතැන එක්සත් ජාතික පක්ෂයයි. කොහොමද ගෝටාගෝගමේ සැළසුම. අනේද කියන්නෙ පොහොට්ටුවට ඡන්දය දුන් ලක්ෂ 69ය.

  8. ජෛනයා says:

    ජාතික චින්තන බයියන්ට සොරි.. කලයේ නලීන් හඬනවාද ?
    අප නම් පඬි නැට්ටන් නොවේ , පඬි පෝතකයන්ද නොවේ..

    • seppa says:

      උඹ නම් පුතී පෙරට්ටෙක්ද කොහෙද​? නලින් නම් අන්ඩන්නෙ නැනැ. නිකන් ගොන් කතා නැතිව​. ඌ ලියන එක තෙරුම් ගන්නා බලපන්.

  9. කැපුවත් පොහොට්ටුවට says:

    රට ගොඩගන්න පුලුවන් ගෝටා-රනිල් සුසන්යෝගයට පමනයි.

  10. සුබ says:

    මේ මොහොත වෛරය නොව තන්හාව නොව බලය නොව රට වටින්නේ. පිනට කන අපිට බැරිද ජාතිය ගැන හිතන්න. දැන්වත් මිත්‍යාවට නොව යථාර්තයට මුහුණ දී මේ ප්‍රපාතයෙන් ගොඩ එමු ඒ සඳහා සහයෝගය දෙමු. සියලුම මාධ්‍ය සහෝදරයණි ඊට සහයෝගය දෙමු. ඔබ පෙන්නන්නාවු රූප රාමු තුල ඇත්තේ කුමක්ද? නිකරුනේ දරුවන් උන්මාදයට පත් කිරීම නොවෙද. පෙර සේ රටේ උන්නතිය උදෙසා කටයුතු කරමු. මාධ්‍ය සහයනි සහයෝගය දක්වමු දක්වමු.

Leave a Comment

Main News