මැදමුලන නිවසට ගිනි තැබූ දා අතුරුදහන් බලු පැටවුන් මන්ත්‍රී නිවසකින් හමුවේ.. දියණිය අත්අඩංගුවට..
May 16, 2022 at 10:00 am | lanka C news
පසුගිය 9දා ඇතුළු රට පුරා ඇති වූ කලබලකාරී තත්ත්වය මැද මැදමුලනේ පිහිටි රාජපක්ෂ මහ ගෙදරට පහර දුන් දිනයේ ගේ එහි සිටි බලු පැටවුන් අතුරුදහන් වී තිබිණි.
මෙසේ අතුරුදන් වූ එක් බල පැටවකු වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරයෙකුගේ දියණිය ළඟ සිටියදී පොලීසිය සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ එම දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
09 වනදා රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් මෙම නිවසට පහර දී අලාබ හානි සිදු කල අවස්ථාවේදී නිවස පිටුපස කූඩුවක රඳවා සිටි බලු පැටවුන් කිහිප දෙනෙකු අතුරුදහන් වී තිබිණි.
ඒ පිළිබඳව වීරකැටිය පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
වල් කන්ට්‍රි වල් ලෝ
කොල්ලට ගිණි තියලා බල්ලට ආදරය වපුරන new generation එක.