ජනාධිපති අතින් ඇමතිකම ගත්තේ පිලිකුලෙන් කැතෙන්.. මූණ බැලුවෙවත් නෑ.. ඒකයි පින්තූර නැත්තේ..

May 20, 2022 at 2:10 pm | lanka C news
ජනාධිපති අතින් ඇමතිකම ගත්තේ පිලිකුලෙන් කැතෙන්.. මූණ බැලුවෙවත් නෑ.. ඒකයි පින්තූර නැත්තේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අමාත්‍යධුරයක් භාර ගැනීමේදී පිළිකුලක් කැතක් දැනුන බව අද අමාත්‍යධූරයක දිවුරුම් දුන් හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නමුත් රට වැටෙන්න යන අගාධයෙන් බේරා ගැනීම ඊට වඩා වැදගත් නිසා එම කැත පිළිකුල දරා අමාත්‍යධූරය භාරගත් බව ද ඔහු සඳහන් කළේ ය.

‘ගෝඨා ගෝ හෝම්’ යන්න තමන් තවදුරටත් විශ්වාස කරන නමුත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන්නේ නැති බව සහතික යයිද කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට වඩා රට යම් ප්‍රමාණයකට හෝ ස්ථාවර කර ධුරයෙන් සමුගැනීම සුදුසු යයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

අමාත්‍ය ධුරය භාර ගනිද්දී ජනාධිපතිවරයාගෙන් මුහුණවත් බැලුවේ නැති බවත් වචනයක්වත් කතා කලේ නැති බවත් තමන් දෙදෙනාගේ පින්තූර ද නැත්තේ ඒ නිසා බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.

හරීන් ප‍්‍රනාන්දු, මනුෂ නානායක්කාර ඇමතිවරුන් විසින් කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද පැවසූ ඔහු තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද කීය.

තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද පැවසූ ඔහු තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන පැවසීය.

119,276 views

75 Comments to “ජනාධිපති අතින් ඇමතිකම ගත්තේ පිලිකුලෙන් කැතෙන්.. මූණ බැලුවෙවත් නෑ.. ඒකයි පින්තූර නැත්තේ..”

  1. Balababa says:

    මූ කියන්නෙ බොරු. මුහුණවත් බැලුවේ නැහැයි කිව්වට, මෙන්න බලන්න ගෝඨාභය රාජපක්ෂ එක්ක හිනා වෙන හැඩ

    https://www.youtube.com/watch?v=7I3QBea1Vtw

  2. kaalakanni says:

    මුණ බැලුවේ නැත්තේ පස්ස පැත්ත දිහා බලන්න ඇත්තේ… නේද කොට ජුන්ඩෝ

  3. bird eye says:

    ෆොටෝ නැති උනාට වීඩියෝ එකේ හරිම ලස්සනට පැහැදිලිවම දැක්කා ඒ අපූරු පිලිකුළ…..
    ඒ නිසා දැන් ලොරි ටෝක් නවත්වලා වැඩ පටන් ගන්න….

  4. On the spot says:

    හරින් කාටද මේ බොරු කියන්නෙ.අමාත්‍ය තනතුරක් බාර ගන්නා කෙනෙකු ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ඉදිරියේ කියවා තේරුම් ගෙන අත්සන් කර බාර ගත යුතුයි.ක්‍රමවේදය එයයි.අපි දන්නා දේ නොදන්න හරින් ගැන අපට ලැජ්ජයි,හිරිකිතයි,අප්පිරියයි,දුකයි,අවලස්සනයි.මූණ දකිද්දිම මතක් වෙන්නෙ වෘෂභයෙක්.

  5. Sepada says:

    Pala Boru Nokiya, api dekka uba muna balapu wediha

  6. කැපුවත් පොහොට්ටුවට says:

    09 ත්‍රස්ත ක්‍රියාවට ජෙප්පන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.වහාමා අනුර කුමාර කියන සමූල ඝාතකයව අතඩංගුවට ගනු…ජවිපෙ තහනම් කරනු…

  7. Expat says:

    ඔයාගෙ ඇස්දෙක තියෙන්නෙ මූනෙ නෙවෙයිද​?
    Who is the man in the picture that ඇපොයින්ට්මෙන්ට් ලෙටර් එක බාර ගන්න.

  8. Aaryaawa says:

    Mugea JAATHAKE waradha.

  9. john the Baptice says:

    කපටි නරියා

  10. දවසකට වූණත් ඇමතිකමක් බං. හෙට මැරුනත් හිතට සැපැයි අද බඩූ ගහලා. says:

    දවසකට වූණත් ඇමතිකමක් බං. හෙට මැරුනත් හිතට සැපැයි අද බඩූ ගහලා.ජහ්. .ජහ් …ඇමතිය. ජහ්. ජහ්…..දවසකට වූණත් ඇමතිකමක් බං. හෙට මැරුනත් හිතට සැපැයි අද බඩූ ගහලා. ජහ්. ..ජහ්….ජහ්….

Main News