ඇමතිකම් ගන්න පොහොට්ටුවේ තවත් 40ක් පෙලගැසේ…

May 21, 2022 at 2:10 pm | lanka C news
ඇමතිකම් ගන්න පොහොට්ටුවේ තවත් 40ක් පෙලගැසේ…

කැබිනට් මණ්ඩලයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත් කිරීමට නියමිතව සෙසු ඇමති ධුර සදහා මන්ත්‍රීවරු 40 ක් පමණ පෙළගැසී සිටින බව වාර්තා වෙයි.

ඔවුන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයා අමාත්‍යධුර ඉල්ලා සිටීම නිසා තරඟකාරී තත්වයක් නිර්මාණය වී තිබේ.

විසි පස් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ සෙසු අමාත්‍යවරු ලබන සදුදා වන විට දිවුරුම් දීමට සැලසුම් සකස් කර ඇත.

ඒ සමගම රාජ්‍ය අමාත්‍ය වූ තිස් දෙනකු පමණ ද පත් කරනු ඇති බවද වාර්තා වේ.

49,094 views

13 Comments to “ඇමතිකම් ගන්න පොහොට්ටුවේ තවත් 40ක් පෙලගැසේ…”

  1. මුන් කෑව අපේ රට .... says:

    මිනිස්සු බඩගින්නෙ මැරෙනවා..මේ කාඔයා මෙන් ඉන්නවා උන්ගේ හොඳම අවස්ථාව හොයා හොයා ඉන්නවා හොරා කන්න….ඉතින් මුන්ව මරලත් මදි මිනිස්සුන්ට

    • Sandy says:

      ඇමතිකම් දීල කියන්න පඩි නැතුව වැඩ කරපන් කියලා..අන්න එතකොට බලාගන්න පුලුවන්

  2. මුන් කෑව අපේ රට .... says:

    මිනිස්සු බඩගින්නෙ මැරෙනවා..මේ කාලකන්නි ටික උන්ගේ හොඳම අවස්ථාව හොයා හොයා ඉන්නවා හොරා කන්න….ඉතින් මුන්ව මරලත් මදි මිනිස්සුන්ට

  3. මුන් කෑව අපේ රට .... says:

    මිනිස්සු බඩගින්නෙ මැරෙනවා..මේ කාලකන්නි ටික උන්ගේ හොඳම අවස්ථාව හොයා හොයා ඉන්නවා හොරා කන්න….ඉතින් මුන්ව මරලත් මදි මිනිස්සුන්ට….කිසිම එකෙකුට වගේ වගක් නැහැ…..මිනිස්සු බඩගින්නෙ ඇවිලුනොත්….මිනිස්සු එන්නේ මරාගෙන මැරෙන්න මුන් ….මේ පාර සෙල්ලම් බැහැ ගිය පාර වගේ…..මෝඩ මූසල ගෝඨා අයින්වෙන්නෙත් නෑ

  4. මහදැනමුත්තා says:

    කවුද මේ ඇමතිලාට වැටුප් ගෙවන්නේ? ..රනිල්ට බලේ තියාගැනීමට කරන ඩිල් එකක්ද ?..මහබැංකු මගඩියෙන් සොරාගත් මුදල් වලින්ද කප්පන් දෙන්නේ .මදැයි ජනතා අරගලයක් කළා .තාමත් පොහොටුවේ හොරු රැල ගෙදර යැවීමට හෝ සිරගෙට යැවීමට නොහැකි වුනා ..ජනතාව දැන්වත් බුද් ධිමත්ව ජනතා අරගලය කල යුතුයි .පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතාව රවටා බලේ සිටීමට උත්සාහ කරන නරුමයෝ ..රටම බංකොලොත් ..මැති ඇමතිලාට නැව ගිලුනත් බෑන් චුන් .මේ ගිනිගත් පාර්ලිමේන්තු මැති ඇමැතිලාගේ ගෙවල් වල කිසිවකු නොසිටීම පුදුමයට කරුණක් ..මේ ගිනි තිබීම ආණ්ඩුවේම උප්පර වැට්ටියක්ද ?ගිනි ගත් ගෙවල් වලට ඉක්මනින් වන්දි ලබා දීමට රජයට මුදල් ලැබුනේ කෙසේද ?

  5. R. Prema says:

    මේ වහේ වෙලාවක
    ඇමතිකම් පසුපස යන සියළුම දෙනා තරයේ ප්‍රතික්ෂේප කරමු, උන් රටට ආදරේ ඇති උන් නොවෙයි

  6. John says:

    කලින් දේම නැවත සිදුවෙමින්.
    ලෝකයේ ලොකුම රටවලත් ඇමති මන්ඩලය 20 ට අඩුයි.

    • Alapaluwa says:

      ලෝකයේ ලෝකුම රටවලත් 20 වුනාට බ්‍රෝ අපේ රට පොඩිවුනාට එවුන්ගේ සිත් ලොකුයි අන්න එකයි ප්‍රශ්නය මොකද හැමඑකාම ලොකුවට සිතන්නේAlapaluwa from**

  7. Alapaluwa says:

    දැන් එතකොට කවුද අකමැතිවූ අය?මෙතනින්න්ම පෙනේනවා නේද මුන්ගේ තිබෙන නපුංසක කම ද පැහැදිලිවම පෙනේනවා මුන් ඉන්නේ ජනතාව වෙනුවෙන්ද නැතිනම් උන් වෙනුවෙන්ද කියා.අමතක කරන්න එපා ඊළඟ චන්දයකදී මුන්ට චන්දය වෙණුවට දෙන්න ඕනේ මොනවද කියා අර තිලක් ලක්සිරි කිවේ අන්න එවාවලින් තමයි සළකන්න ඕනේ.Alapaluwa from**

  8. Haritha says:

    හොරා කාපු පරණ ගොන්නුම එකින් එකා හෙමින් හෙමින් බැඳගෙන අර අබලන් වෙච්ව පරණ කරත්තෙම ආපහු යනවා නේද? මුන් එකෙක්වත් තාමත් පාඩමක් ඉගෙනගෙන නැති හැටි.

  9. Sri Lankan says:

    Balu haththa, bedagena kaapiyaw

  10. මරතේනිස් අයියා says:

    පොහොට්ටුවේ සෙට් එකට දැන් විලි ලැජ්ජාව කියල දෙයක් නැහැ මොකද උන් දන්නවා මේ උන්ගෙ අන්තිම අවස්තාව කියන එක මොකද ආයෙ මුන්ට පාර්ලිමේන්තුවට තියා දියවන්නාව ලඟටවත් එන්න බැහැ මොකද දැන් බහුතරයක් රටේ ජනතාව තමන්ගෙ ඡන්දෙ බුද්ධිමත්ව පාවිච්චි කරන්න හිතල තියෙන්නෙ

Main News