21 කඩාකප්පල් කරන්න බැසිල් කුමන්ත්රණයේ…- අරගලකරුවන්ගෙන් නිවේදනයක්…
May 23, 2022 at 11:20 am | lanka C news
ඉදිරිපත් කිරීමට යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමේ කුමන්ත්රණයක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිරතවන බව සර්ව පාක්ෂික අරගල කරුවෝ නම් සංවිධානයක් චෝදනා කරති.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව කියා සිටින අතර මෙම පිරිස ගාළු මුවදොර අරගලකරුවන්දැයි පැහැදිලි නැත.
අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.
මාධ්‍ය නිවේදනයයි
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය වළකාලීමේ බැසිල් මෙහෙයුම පරදවමු.
ජනතාව පීඩාවට පත්කරමින්, අරාජික දේශයක් නිර්මාණය කිරීමට හේතු වූ සහ අත්තනෝමතික අශිෂ්ට පාලනයකට මග පෑදූ 20 වැනි ව්‍යවස්ථාව පිළිබඳ මේ වන විට රට තුළ පැන නැගී ඇති විරෝධය හා අප්‍රසාදය හමුවේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා පාර්ලිමේන්තුවට වගකීම පැවරෙන ප්රශස්ත පාලන ක්‍රමයක් ගෙන ඒමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අද (23දා) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නමුත් අසාර්ථක පාලනය හා දූෂණය නිසා ජනතාව විසින් රාජ්‍ය පාලනයෙන් පන්නා දමන ලද රාජපක්ෂ අවතාර විසින් එකී ප්රජාතන්ත්රවාදී සහ ජනහිතකාමී කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම යට ගැසීමේ, කල් යැවීමේ හෝ පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමේ කූට කුමන්ත්‍රණයක් ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීම මත දියත් කර ඇතැයි දැනගන්නට ඇත. රට මෙවැනි ආගාධයකට ඇදදමමින්, ජනතාව මහමඟට ඇද දැමූ රාජපක්ෂ පවුල් පාලනය තවදුරටත් පොදුජන හැඟීම් මායිම් නොකොට, හුදෙක් තම පවුලේ දේශපාලන බලය තහවුරු කිරීමේ පටු ආකල්පයෙන් යුතුව ගන්නා මෙම නීච උත්සාහයන් අපි තරයේ හෙළා දකිමු.
ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හරහා බැසිල් රාජපක්ෂ නම් ඇමෙරිකානු පුරවැසියා විසින් දියත් කිරීමට සැලසුම් කර ඇති මෙම අශිෂ්ට හා නින්දිත ක්‍රියාවලිය පරාජය කර, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යථාර්ථයක් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සියලු භේද අමතක කොට එක්ව ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
තවද රට වෙනුවෙන් යැයි පවසමින් නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර ලබාගත් මහජන නියෝජිතයන් මේ ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් සිදුකරන සාධනීය සහ සක්‍රිය මැදිහත්වීම පිළිබඳවද අපි දැඩි අවධානයෙන් පසුවෙමු.
තවද සෑමවිටම ප්රජාතන්ත්රවාදී ජයග්‍රහණ රටට අත්කරදීමේ අරගලයේ පෙරමුණ ගනිමින් අප ශ්‍රී ලාංකේය පුරවැසියන් සමග එක්ව කටයුතු කරන අතර, එකී අරමුණ වෙනුවෙන් අප සමඟ එක්ව අත්වැල් බැඳගන්නා ලෙසට ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අපි සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.
– සර්වපාක්ෂික අරගලකරුවෝ
අර රෑ නිදාගත්ත වෙස ගෑණිගෙ ගවුම ඇදන් කතා කරපු එකාට කියන්නත් දෙයක් තියෙන්නත් එපායැ.
Why are people fighting amongst themselves and specially on social media without holding accountable the people who are actually responsible for the country situation???
Criminal charges (and curses ) apply to Cabral, PB Jayasundera and the Rajapaksa’s clan including gota and their administration for the down fall of a country of 22million people leaving them in an extremely bad state.
Also Don’t think only these current politicians can run the country and that they have to be there …
සර්ව පාක්ෂික අරගල කාරයො කිව්වට මුන් තනිකරම දුවන්නේ යුරෝපා හා ඇමරිකානු සැලසුම් අනුව.මුංට ඕන මේ රට බටහිරයන්ට පාවා දෙන්න.මෙතැන අරගල භූමිය තනිකරම එවෙන්ජලිකල් ක්‍රිස්තියානි ගුබ්බැයමක් .තනිකරම වියදම් දරන්නේ බටහිර තානාපති කාර්යාල සහ බටහිර මුදල් ලබන එන්ජීඕ
ඔව් මචන්. රාජපක්ෂලා තමා දේශප්‍රේමී. උන් ඇමරිකන් පිල්ලි නෙවේ.
Who are basil and gota? Are they true Sri Lankans??? What is this person is talking about.??? Is he in this country????
ඇමරිකානු පිල්ලිය එලවා දැමිය යුතුය
කටු කන බල්ලෝ සෙට් එක මෙන්න කෑ ගහනවෝ.
සරම පාත්වෙන අරගලකරුවෝ…😈🧟♀️👽👹 පිස්සු පීකුදු තමයි.