ශ‍්‍රී ලංකාවට විදුලිය ඉන්දියාවෙන්… පද්ධති සම්බන්ධ කරන්න සාකච්චා…

May 25, 2022 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවට විදුලිය ඉන්දියාවෙන්… පද්ධති සම්බන්ධ කරන්න සාකච්චා…

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

තවමත් මෙම යෝජනාව පවතින්නේ සාකච්ඡා මට්ටමේ බවද පැවසූ ඔහු මුහුදු යටින් රැහැන් පද්ධතියක් සම්බන්ධ කිරීමේදී පිරිවැය පැලිබදව ගැටලුවක් තිබුණද දැන් උඩින් සම්බන්ධ කරන පද්ධතියක් පිළිබඳව සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

නමුත් මේ සියල්ල පවතින්නේ සාකච්ඡා මට්ටමේ පමණක් යැයි ද හෙතෙම කියා සිටියේය.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ අදහස් පල කරන ලදී.

මීට පෙර මේ පිලිබදව රොයිටර් පුවත් සේවයද වාර්තා කර තිබින.

45,959 views

16 Comments to “ශ‍්‍රී ලංකාවට විදුලිය ඉන්දියාවෙන්… පද්ධති සම්බන්ධ කරන්න සාකච්චා…”

  1. විදුලි බල මණ්ඩලේ පරම දූෂිත අන්ත තක්කඩි පාපී දේශද්‍රෝහී ව්‍යාපාරික මාෆියාව රටේ බල ශක්ති සම්පාදන ජාලය විනාස කර දැමීම අරඹුවා. රටක බලශකත්ති සම්පාදනයේ ස්වාධීපත්‍ය පාවා දීම රටේ ‌ස්වෛරිත්වය පාවා දීමයි. රට විදේශීන්ට පාවාදීමේ දේශපාලුවන්ගේ ව්‍යාපෘතියට උන් පාර කපා දුන්නා.

  2. Ms.commonsense says:

    All Sri Lankans should stand against this mindless action 🤨

    • LION says:

      Stop the Nonsense on Energy, We need not want Indian any source of electricity…
      This is a great disaster for our country…

Main News