ඥාණක්කාට දේව බලය ලැබුනු හැටි….
May 26, 2022 at 10:22 pm | lanka C newsඉසුරුපුර උපත ලැබූ ඥානා, ඇගේ පියාද වී ගොවිතැනෙන් ජීවත් වූ අයකු නිසා වගා කිරීමට කැමැත්ත දැක්වූවාය.
දීපානි මහා විද්‍යාලයට ගිය ඇය (දැන් ජනාධිපති විද්‍යාලය) ඇගේ සාමාන්‍ය පෙළ විභාගය සමත්වී, දෙමාපියන්ගේ කැමැත්තට පිටින් ඇගේ ආදරවන්තයා සමග විවාහ වූවාය. කේ.ඒ. ජයසූරිය නම් වූ ඇගේ ස්වාමියා නුගේගොඩ වාසය කළ පවුලක අයෙකි. ඔවුහු නුගේගොඩින් අනුරාධපුරයට පැමිණ පදිංචි වූ අය වෙති. ඒ 1970 ගණන්වල අගභාගයේය.
අපි හමුවුණේ ඉස්කෝලෙ ගිය කාලෙදීමයි. මම ගියේ දීපානියට, එයා ගියේ නිවන්තක චේතිය මහා විදුහලට. ඇය කීවාය. විවාහ දිවිය ගත කරද්දීම තම උසස් පෙළ විභාගයට පෙනී සිටි ඥානා එක් විෂයකින් සමත්වී ඇටෙන්ඩන්වරියක ලෙස රැකියාව ඇරඹුවාය. පසු කලෙක විභාග සමත්වීම නිසා ඇය අනුරාධපුර රෝහලේ දුරකථන ක්‍රියාකරු තනතුරට පත් වූවාය. ජයසූරිය, ජීවත්වීම සඳහා කුඩා කොන්ත්‍රාත් කටයුතු කළ අතර පසුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුරකරු තනතුරකට පත්වූයේය. එම යුවලට පුතකු සහ දුවක ලැබුණි. පුතුගේ නම අනුරාධ නලින් කුමාරය. දුවගේ නම නදීශානිය. මේ වන විට ඥානා දරුවන් තිදෙනෙකුගේ ආච්චි කෙනෙකි.
ඇගේ සැමියාගේ මරණය වටා ගෙතුණු කතා රාශියක් ගැන අපි කතා කළෙමු. ඔව් එයා මැරුණෙ 1996 අප්‍රේල් 14 අවුරුදු දවසෙ. ඇය කීවාය. එය දේශපාලනය හා බැඳුනු යටි අරමුණු ඇතිව කළ මිනීමැරුමකි. වෙනත් අය සමග ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී මොහුව මරා දමා තිබිණි. ජයසූරිය එජාප ආධාරකරුවකු වූ අතර ශ්‍රීලනිප ආධාරකරුවන් ඔහු ඝාතනය කළ බව ඇය කියයි. ඔහුගේ මරණය පිළිබඳ කට කතාවක කියවෙන්නේ ඔහු තවත් 10 දෙනෙකු සමග දිය නෑමට ගිය අවස්ථාවේදී ගැටුමක් ඇතිවී මරණයට පත්වූ බවයි. පොලු මුගුරුවලින් පහර දී ඔහු මරා දමා තිබුණු අතර ඥානා ඔහුගේ සිරුර හඳුනා ගත්තාය.
තමා දැඩි වෙහෙස මහන්සිවී දරුවන් ඇතිදැඩි කළ බව ඥානා කියයි. වරෙක ඇය වැලි පටවන වැඩවලට උදව් වී තිබේ. වරෙක පමුණුවට පැමිණ ඇය අනුරාධපුරයට රෙදි තොග ගෙන ගොස් කුඩා ලාබයක් ඇතිව විකුණා මුදල් උපයාගෙන තිබේ. ඇයට වැඩිපුරම මුදල් ලැබුණේ ඉඩම් විකිණීමේ බ්‍රෝකර් වැඩ කිරීමෙනි.
1980 ගණන්වල ඈ සිය සැමියා සමග ශ්‍රී මහා බෝධිය වඳින්නට ගිය විට ඇගේ මනස සසල වූ බව ඇය කියයි. ඇය ඒ ගැන වැඩිපුර සිතුවේ නැත. ඉන්පසු ඇයට අද්භූත බලයක් ලැබුණු බව ඇය කියයි. ඇයගෙන් පළමුව උපකාර ලබාගත්තේ මුස්ලිම් ජාතිකයෙකි.
පළමුවෙන්ම ආවේස වූ ඥානාට එහිදී සිදුවූදේ ගැන මතකයක් කිව නොහැකි විය. භෞතික ජීවත් වන ඇය සහ ඈ තුළ තවත් අයකු සිටින බව ඈ කියයි. ඈ දේව පණිවිඩය ඈ තුළින් පවසනා මාධ්‍යයක් බව ඇය කියයි.
අවුරුදු 41 කට පෙර ඇගේ සාස්තර අසන්නට වැඩි පිරිසක් නොසිටියද කල් යත්ම කටින් කට ඈ ගැන විස්තර ප්‍රචාරය වී ඇගෙන් ප්‍රතිකාර ගන්නට වැඩි පිරිසක් එන්නට ගත්තේය. මේ වනවිට 800-1000 ක පමණ පිරිසක් ඇගෙන් ප්‍රතිකාර අසා ඇගේ පිහිට ලබාගන්නට පැමිණේ.
ඇයගේ පුද බිම දේවාලයක් නොවන බව ඥානා කියයි. ඇය යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් අනවින කොඩිවින සාස්තර කීම නොකරන බවත් ඈ වෙදකම් කළ බවත් ඥානා කියයි. එය පන්සලක් වැනිය. එහි බෝධියක් ද ඇත.
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම සුදු ඇඳුමෙන් සැරසුණ ජනයා රංචු පිටින් පැමිණෙති. ඔවුන් මිදුල ඇමද ගේ දොර පවිත්‍ර කරති. පහන් දල්වා දානය දී මෑණියන්ගේ ඇමතුම ලැබෙන තුරු බලා සිටිති. කුටියේ ඉන්නා මෑණියන්ට පත්තිනි ආවේස වූ විට තමා ළඟට පැමිණිය යුතු තැනැත්තාගේ විස්තර ඇය කියයි. ඒ අනුව පැමිණ සිටින අය ඇගේ දියණිය විසින් ඈ ළඟට කැඳවයි. දිනකට 200 ක් පමණ දෙනා ඒ සඳහා තෝරාගැනේ.
කාලි, පත්තිනිගෙන් වෙනස් බව ඥානා කියයි. ආවේස වූ විට ඈට වෙන දේ ඇය නොදනී. වෛද්‍ය ප්‍රතිකාර පවසන පත්තිනි, කාලි මෑණියන් හමුවෙන ලෙස කියයි. ඍජු පිළිතුරු දෙන්නේ කාලි බව ඇගේ පවුලේ අය කියති.
ඉනවටා බඳින නූල් ගැන අපි විමසුවෙමු. රතුනූල් කල්ලිය කාලි අම්මාට අයත් අයයි. සුදුනූල් කල්ලිය පත්තිනි මෑණියන්ට අයත් අයයි. ඒවා ආශීර්වාද පමණකි. සමහරු ඒවා බඳිති. සමහරු ඒවා ගලවා ගනිති. කාලි විනකරන යකිනියක් නිසා අනෙක් අය පීඩාවට පත් කොට මුදල් උපයන්නේද යන්න ඇගෙන් විමසූ විට ඇය කියන්නේ කාලි අන් අයට අනවින හෝ ලෙඩ නොකරන බවයි.
ඥානා මුදල් අය නොකරයි. එසේ වූවාද ජනයා බුලත් අතක් මත රු. 20 ක් පමණ මුදලක් තබා ඇයට දෙති. ඒවා ඇය ගන්නේ බෙහෙත් උදෙසාය. ඇතැම් අයට ඇය බස් ගාස්තුව දුන් බව කියයි. එහෙම හම්බකරලා නෑ. වැරදි පැත්තට හැරිලා නෑ. ඥානා කීවාය.
– ලංකාදීප
‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු’ බවට අපේ පරණ කියමනක් තියෙනවා.
avasaanayedee gota gihin gnaanatath hukala ege vivaahawunu diyaniyatath hukala ratatath vinakorala nikamma innavaa.
මෙන්න මේවගේ ග්‍රාම්‍ය නුගත් බොරු බේගල් කියන උන් නිසා තමයි මේ රට පිරිහුණේ.
මේවා අහලා හිනාවෙලා පන යනවා ඕයි.
Mentally disorder
Gon media gonnu form karanawa
හරි,හරි මැය රුපියල් 20,10ක් පමණ තුටුපඬුරු අරගෙන අර hotel සංකීර්ණය කළා කියමුකෝ.එහි වැඩබිමේ දායකත්වයට ගෝටාගේ අනින් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ සොල්දාදුවන්ව එහි වැඩභිමට යැවුවා කියමුකෝ.එතකොට කාලි අම්මාගේ අනින් අනුරපුර නුවර වැවු භිම්තිරයට අයත් වැවු ඉස්මත්ත ඉඩමක් අල්ලා එහි ඉවුර අනවසරයෙන් නමුත් කාළිගේ අනින් වරමෙන් උස්සා ගොඩකළ මෙය සදාගත්තා කියමුකෝ.එවිට එතරම් වස්තුවක් මැ සතුව ඇත්තේ අර රුපියල් 20,10 තුටු පඬුරු වලිනුත් කියමුකෝ. එතකොට මේ බිල්ඩිම සාදන්න අනුමැතියත් අරගෙන නැතිබවකුත් අපිට දැනගන්නට ලැබුණා කියමුකෝ.නමුත් කාළිගේ අණින් ඒ අනුමැතිය ලැබුණා කියමුකෝ.. ඉතින් මේවා මෙසේ සිදුවෙද්දී අපි ලියන්නාගේ කථාව අසා අධික සතුටුවුණා කියාමුකෝ. නැතිනම් මෙතරම් කාළිගේ වරමෙන් ලැබුණු වස්තුවේ වරමෙ ශක්තියේ ප්‍රමාණයෙන්ම ඒ අණින්ම අපිටත් වැඩ වරදින නිසා අපි ඉර්ශියාවෙන් තෝරව ඇයට රජයේ අනුග්‍රයෙන් රටේ අනෙක් ජනවර්ගයාටම සිදුවූ ගෑස් නිසා මියගිය අය සහා අනේක සියලු විපත්වලන් මියගිය අයට ප්‍රථමයෙන් මැයට පිළිසරණක් අපේ කාලි මැනිගේ හෝර මිනිහා වනවේවා ගෝටාමිනිහාගෙන් ලැබේවා කියා එක් සිතින් පාර්ථනා කරමු!! Alapaluwa from**
මෙතන ඇත්තේ මෙම ගැණු කෙනාගේ වරදක් නෙමෙයි. ඇය හමුවීමට යන අයගේ වරදකි. ඕනෑතරම් ආවේශ වෙන අය මේ රටේ සිටිති. අනිත් කරුණ ඇසට පෙනෙන මැයට මිනිසුන් ගර්භාකරනවා, ඇසට නොපෙනෙන දෙවියන් වදිනවා හැම දවසෙම. එය කිසිවෙකුට පෙනෙන්නේ නැත.
මැයට ඇත්තේ OCD යන ලෙඩය එයට නොකඩවා ව්‍යිද්‍යා ප්‍රතිකාර ගත්තොත් මේ කාලි මෑණියන් මැගෙන් නික්ම යනවා ඇත,නමුත් අයව බැලීමට එන මානසික ලේදුනුත් මේ ව්‍යිද්‍යා ප්‍රතිකාර ගැනීමත් සුදුසුවනවා ඇත.නැතිනම් ඔවුනට වැඩිකල් යන්නට මත්තෙන් අංගොඩ නේවාසිකව ප්‍රතිකාර ගැනීමටද සිදුවනවා නොඅණුමානය!!Alapaluwa from**
බොරු නොකිය හිටු. OCD කියන්නේ Obsessive Compulsive Disorder කියන එක. දන්න එකම මානසික ලෙඩේ නම කියන මුන් වගේ අය තමයි මිනිස්සු නොමග යවන්නෙ.
ගස්ගේම්බෝ එකමතමයි මමත් කියන්න OCD කියන්නේ සෑමදෙයක්ම ඕනෑවට සිතා ඒ ගැනම දිගින් දිගටම් සිතා එයින් සහනයක් නොලැබෙන බවවත් තේරුම් නොගෙන ඔවුගේ සිතන දේයම හරිබව මත්තෙම සිට තමා දැන හෝ නොදැන සිටීමත් මෙම ලෙඩේ එක සොභාවයක්, ඒකනිසා තමුසේ දන්නා දෙයත් දේයත්,නොදන්නා දෙයක් මෙයට ඇතුලත් කර නොදන්නා තමා දැණුම වැඩි දියුණු කරගන්න බලනවා හලෝ!!මේකට අනිවාර්යෙන්ම බෙහෙත් තිබෙනවා අන්න එකෙන් පංගුවක් තමුන් වහන්සේත් ගත්තොත් හොදයිවගේ මට සිතෙන්නේ.Alapaluwa from**
Samahara ayata a wage waram lebenawa eka eththak.mage gedarata issaraha gedara hitapu dewaalayak thiyaagena weda karapu amma merunaain passe duwata a warama lebunaa.mage aachi unath issara saasthara kiyanna puluwan namuth eyaawa ballek kewain passe eyaata a warama nethi unaa. Apata nopenena lokayakuth thiyenawa kochchara boru kiwwath
Ane. Palayan bondiye yanna. Umba oya kiyapu gaanitai ekige duwatai thiyenne aareta ena maanasika rogayak Schizophrenia kiyala. Honda Psychiatrist kenekuta pennala antipsychotic treatment dunna nam maasayak yaddi oya okkoma dewa waram nathi wela yanawa. 😂😂😂
දෙවියන්වත් රවට්ටලා මැය කලේ ලොන්ඩරියක් වෙන්ඩ බැරිද….?
Me pacha kiyawanna obage watina kaalaya midangu karanna epa!! Aparade watina kalaya!!