යුද්දයේදී කොටි නායක එලිලන් අතුරැදන් කියා 18වන සේනාකාධිපති ශවේන්ද්‍ර සිල්වා අධිකරණයට කැදවන්නැයි ඉල්ලයි..
March 31, 2017 at 10:40 am | lanka C news
මෙරට පැවති යුද්දයේ අවසන් කාල සීමාවේදී හමුදාවට බාර වූයේ යයි කියන කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක ‘එලීලන්’ ඇතුළු 12ක් අතුරුදහන් වීම සම්බන්දයෙන් එවකට යුධ හමුදාවේ 58 වන සේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය කැදවන ලෙසට කල ඉල්ලීමක් මුලතිව් දිසා අධිකරණය විසින් ප්රතික්ෂෙප කර ඇත.
අදාල නඩුව ගොන කර ඇත්තේ එලිලන්ගේ බිරිය වන ආනන්දි ශෂිදරන් ඇතුළු පිරිසක් විසිනි.
ශවේන්ද්‍ර සිල්වා මහතා අධිකරණය හමුවට පැමිණවීමේ ඉල්ලීමට බහුතර විරෝධයක් ඇති නිසා ඔහුට නොතිසි නිකුත් කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් වන තීන්දුව අප්‍රෙල් 27 වන දින මීලඟ නඩු විභාගයේදී ලබා දෙන බවත් විනිසුරුවරයා පැවසීය.