කොස් කඩන්න බලපත්‍ර..
June 3, 2022 at 4:40 pm | lanka C news
රජයට අයත් වන රක්ෂිතවල කොස් ගස් වල කොස් කඩා ගැනීම සඳහා වනාන්තරවලට ඇතුළුවීමට මුදල් අයකිරීමකින් තොරව බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.
රක්ෂිත වනාන්තර වැවෙන කොස් සහ දෙල් ජනතාවට ලබා ගැනීමට අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් තුන් දහසක් පමණ රට පුරා තිබෙන බවත් ඒ ඉඩම්වල හටගන්නා කොස් ගස් යට වැටී කුණුවී යන බව නිළධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
එමෙන්ම මෙවර වන රක්ෂිතවල කොස් ඵලදාව ඉහළ ගොස් ඇති බව නිලධාරීහු පෙන්වා දී ඇත.
මෙරට වාර්ෂික අස්වැන්න දී කොස් ගෙඩි කෝටි 28 ක් පමණ වන බවත් එයින් ප්‍රයෝජන ගන්නේ කෝටි අටක් පමණ වන බවත් ඉතිරි සියල්ල ප්‍රමාණය අපතේ යන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු පෙන්වා දීමත් සමගයි.
හුටා අපරාදේ ලස්සණට තියෙන්න ඇති කෝස් ගස් ටිකට ගහේ රුක් දේවතාවන්ගේ පිහිටයි.මේ කලකන්නියෝ කොස් වෙණුවට ගහා මුළින්ම ලස්සණට කපාගෙන යාවි ගහා තිබුණු තැනවත් සොයාගන්න බැරිවිදීයට අපරාදේ.අමරවිරට මොළේ පිස්සු!Alapaluwa
ඔන්න තවත් පෝලිමක් නිර්මාණය උනා.වන කොස් ඇමතිගෙ ඇම්බැට්ටයො දැන්ම අමුඩ තද කරන් ඉන්නවලු පර්මිට් එක ගන්න.ඩිමෝ බට්ටො අරන් කැලේට රිංගල හොරට ඉරන ලී උඩින් කොස් පටෝල ගේමක් නොදුන්නොත් මෙන්න කණ.කොන්දේසි විරහිතව කපා ගන්න දෙනව ඕන කෙනෙකුට.
කොස් , පොලොස් , වැල , වරකා විතරක්ම කඩාගෙන එන අපේ උපාසක මහතුන්ට තෙරුවන් සරණයි… !!!
කොස් මාමාට අපහාස කලවුන්ට එලොව ඉඳන් මේවා පෙනේවා.
කොස් කඩන්න යන එවුන් කොස් ගසුත් කපන් එයි පර්මිට් අරගෙනම.
බත් කන හරකෙක් ගෙ ගොං තීරණයක්..
අනේ අපොයි ඉතුරු වෙච්ච රක්ෂිත ටිකටත්
දෙයියන්ගෙ පිහිටයි ඕං කිව්ව….
කොස් ගස් ටිකක් කපපල්ලා…ගෙවල් උලුළුහූ වලට. තොපේ නූවන. අන්තිමට කොස් කිරපල්ළා.ගොන් නිලධාරි ඇමති වරු. අරගලයක් විමසන්නට බැරි පාණ්ඩූව. මූට ආන්ඩූවක් නොවෙයි.
තෙල් පෝලිම්වල ඉන්නා පිරිසෙන් යම් ප්‍රමාණයක් එහි කාලය ගත කරන්නේ සිය අවශ්‍යතාවයට නොව තෙල් මිලදී ගෙන වැඩි මිලට විකිණීමටය.ගෑස් පෝලිමේද කුලියට පෝලිමේ ඉන්නා අයගෙන් අඩුවක් නැත.එයින් සිදු වන්නේ ඒ දේ අත්‍යාවශ්‍යම අයගේ අයිතිවාසිකම් අපේම අය විසින් උදුරා ගැනීමකි.මේවා බොරුයි කියන්නට හැකි සමතෙක් නැත.කොස් කථාන්තරයටද අත් වන්නේ ඒ ඉරණමමය.පුළුවන් එකා බලපත්‍රය ලබාගෙන සීමාවකින් තොරව කොස් ඵලදාව වනයෙන් එළියට ගෙන ඒවා දුප්පතුනට අධික මිළ ගනන්වලට විකුණන්නේ නැති බවට සහතිකයක් දෙන්නට කිසිවෙකුට නොහැක.අනෙක් අතට වනයේ ස්වභාවිකත්වය ජනයා ගැවසීමෙන් විනාශ වන්නේය.මේ ටයි පටි බැඳගත් පොතේ ගුරන්ගේ යෝජනා සුදු කර පටිධාරීන් ලවා ක්‍රියාත්මක කරවීමේ ප්රථිපලයකි.කාබනික පොහොර භාවිතය හොඳ වැඩක් වුවත් එය සුදු කරපටිකරුවන් ලවා ක්රියාවේ නැංවූ ටයි පටිකරුවන් අදාල ලෙස ඉදිරිපත් නොකිරීමේ වරද අද මුළු මහත් සමාජයක් භුක්ති විඳිමින් සිටී.සමාජ පැවැත්ම උදෙසා තීන්දු තීරණ ගැනීමේදී ජනප්‍රිය තීන්දු යනු දීර්ඝ කාලීන විපාක දෙන තීන්දු බව අප අත් දැක ඇත්තෙමු.කොස් කඩා ගැන්ම පුද්ගලයෙකුට මෙපමණ යැයි කියා ඒ නිරීක්ෂණය කරන්නට නිළධාරීන් යොදවා රැකියා ප්‍රශ්ණයද විසඳිය හැකි බැව් සුදු කරපටිධාරියකු අද හෙටම ප්‍රකාශ කළහොත් එයත් පුදුම වෙන්නට දෙයක් නැත.
Kos Kiranna balapathra denna barida?
යකෝ මේ කාලකන්නි වසර 74ක් රටට මොනවාද කලේ?