69 ලක්‍ෂයෙන් 69කට වඩා තවම ආණ්ඩුව සමඟයි..- ජගත් කුමාර..

October 1, 2021 at 10:04 pm | lanka C news
69 ලක්‍ෂයෙන් 69කට වඩා තවම ආණ්ඩුව සමඟයි..- ජගත් කුමාර..

ආණ්ඩුවට ඡන්දය දුන්නේ 69 ලක්ෂයක් ජනතාවගෙන් යම් පිරිසක් කලකිරී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

නමුත් 69 ලක්‍ෂයෙන් 69කට වඩා නම් තවමත් ආණ්ඩුව සමඟ සිටින බවද ඒ මහතා පැවසීය.

ව්‍යාපාරික මාෆියාව විසින් සහල් මිල වී මිල තීරණය කරන විට ආණ්ඩුවක් අවශ්‍ය නැති වැනිහැඟීමක් එන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එනිසා වෙළඳන් ට උවමනා ලෙස රට හසුරුවන්න ඉඩ නොදෙන්නැයි වගකිව යුතු ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද කී මන්ත්‍රීවරයා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමත් ඒයා යම් මට්ටමකට මිල පාලනය කිරීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතු බවද සදහන් කලේය.

මාධ්‍යවේදීන් වෙත කොළඹදී අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

35,736 views

13 Comments to “69 ලක්‍ෂයෙන් 69කට වඩා තවම ආණ්ඩුව සමඟයි..- ජගත් කුමාර..”

  1. ලක්ෂ 69 ක් මේ ආන්ඩුවට ඡන්දෙ දුන්නේ එක රැයින් මැජික් බලාපෝරොත්තුවෙන් නෙමේ. පහුගිය අවුරුදු 5 දී ඔලුවෙන් හිටවපු රට කෙලින් කරන්න සාධාරන කාලයක් අවශ්ය බව හොදටම දන්නවා. ඒ කැප කිරීම කරන්න ලෑස්ති පිට තමයි වර්තමාන ආන්ඩුව පත් කර ගත්තේ.

    • සුපුන් says:

      😂😂😂

    • 3% ට බය බයියා. says:

      රත්‍රං කරේ බැන්ද සතෙකු කියන කතා

    • නව යොවුන් රාණි says:

      ඇත්ත කියහන් , උබ ජගත් කුමාර නේද ? තොපි ආණ්ඩුව අරන් අවු දෙක ඉවරයි. කෝ අල්ලපු බැංකු හොරු, බෝම්බ තිබ්බ මහා මොළකරුවන්. අනේ නිකන් පලයන් යන්න ඇට මාල, පිරිත්නුල්, බ්‍රේස්ලට්, වළලු, මුදු නුගත් මැටි බය්යා රටේ සල්ලි නොකා තව.

    • parrot says:

      hik hikis hikis…….hina yanawa bayiyo …..thawa monawa balannada ….okkoma magic pennala iwarayi…..thawa ithuru wela thiyenne umbe idama thamayi……..ekath dila mudata panapan

  2. බයිසන් says:

    මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න 69 ලක්ෂෙන් 50% ක් ආණ්ඩුවේ වැඩ පිළිවෙලට කැමති නැහැ. 30% ක් දැන් විපක්ෂයි. ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට ඡන්දෙ ලක්ෂ 50 ට වඩා ගන්න බැහැ. විපක්ෂයට ඡන්ද ලක්ෂ 70 ට වඩා ලැබෙනවා. ආණ්ඩුව ගජ මිතුරන්ට සලකන එක නවත්තලා මහ ජනතාව ගැන බලල ඉතුරු අවුරුදු 3 හමාර වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් වෙයි.

  3. Simon says:

    මයික්‍රොරොෆෝන් එකක් ඇල්ලුවාම වදුරෙක් වගේ කියවනවා.

  4. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපායි ……….මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා .පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .හදිසි නීතිය මාෆියාව ගනන් ගන්නේ නැහැ .නන්දසේන පරාජය කර මාෆියාව ජය ගන්නවා .

  5. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    පොහොට්ටුවට කඩේ ගිය හාමුදුරුවෝ ටික කියන කතා ඇහුවාම ඒක පේනවා කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .කතෝලික ජනතාව
    පොහොට්ටුව ගැන සැදි පැහැදි ඉන්නෙ .

  6. දැඩි අනතුරැ ඇගවීම් සහිතව'' සියළු දූශිතයන්ට දැනුම්දී සිටින වගයි,.! says:

    ඉතිහාසය තුළ නොවූ විරෑ අයුරින් ”’සතුරන්, පාවාදෙන්නන්, වංචනිකයන්,දූශිතයන්,සොරැන් හඳුනා ගනිමින් සියළු කරැණු කාරණා සියුම් ලෙස සියළු දත්තයන් සහිතව සිදුවීම්ද අන්තර්ගතකරමින්, කාළය තුල සදාකාළික සටහන්ද සමඟ, සහ පුදගලානුබද්ධව අවකාශය තුළ දසවිධ ආකාරයෙන් ඉතාමත් සියුම් ලෙස සටහන් වී සදාකාළිකවම ගබඩා වන බැවින් , පාවාදෙන්නන් දූශිතයන් වංචාකරැවන් සොරැන් සහ සතුරන්ට මතුවට කිසිදා වසංවිමට නොහැකිවන අතර මාත්‍රෘභූමියේ සවෙෙරීත්වයට ස්වාධිපත්‍යට හානි වන ආකාරයෙන් සිදුකරනාවූ සියළු අකටයුතුකම් පාරාවළල්ලක්ම වී ”හතර වරිගයටම ශාපයක් වී” සුන්නද්ධූළිවී,..යැමටම නියමිත බව දැනුම්දීමට කැමැත්තෙමූ,.!
    ”මාත්‍රෘභූමියේ සවෙෙරීතවයට ආධිපත්‍යට සහ හෙළයන්ගේ නිදහසට අභියොග කළ හැකි කිසිවක් මිහිපිට හෝ තුන්ලෝකය තුළවත් නොමැති බව ඉතාම වගකීමෙන් යුතුව ”දැඩි අනතුරැ ඇගවීම් සහිතව” සියළු දූශිතයන්ට දැනුම්දී සිටින වගයි,.!

    • 3% ට බය බයියා. says:

      ඕවා නන්දසේන සහ ගජමිතුරු කල්ලියට තෙරෙන්නෑ බං .

  7. ගිරිගෝරිස් says:

    ඡන්දයක් තිබ්බොත් බලත හැකි. දැන් ඡන්ද වැඩි වෙලා තියෙන්නේ.

  8. SAMAN JAYARATNE says:

    මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න 69 ලක්ෂෙන් 75% ක් ආණ්ඩුවේ වැඩ පිළිවෙලට කැමති නැහැ. 60% ක් දැන් විපක්ෂයි. ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට ඡන්දෙ ලක්ෂ 10 ට වඩා ගන්න බැහැ. විපක්ෂයට ඡන්ද ලක්ෂ 90 ට වඩා ලැබෙනවා. ආණ්ඩුව ගජ මිතුරන්ට සලකන එක නවත්තලා මහ ජනතාව ගැන බලල ඉතුරු අවුරුදු 3 හමාර වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් වෙයි.

Main News