69 ලක්‍ෂයේ දැන් ඉතිරි ලක්‍ෂ 09 විතරයි.. ඉතිරි ලක්‍ෂ 60ම විපක්‍ෂයටයි..

October 10, 2021 at 6:20 am | lanka C news
69 ලක්‍ෂයේ දැන් ඉතිරි ලක්‍ෂ 09 විතරයි.. ඉතිරි ලක්‍ෂ 60ම විපක්‍ෂයටයි..

කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ කිහිපයකම මිල ඉහල දැමිම වතුකරයේ ජනතාවට මෙන්ම සමස්ත රටේ ජනතාවට දරාගත නොහැකි බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ( ජාතික සමගි ජන බල පෙරමුණ) වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ කිරිපිට මිල වැඩි කිරිම සම්බන්ධයෙන්  හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

මේ ආණ්ඩුව ජනතාවට වංචා කරලා භාණ්ඩ මිල වැඩි කරනවා, මේ  දවස් වල වෙලදපොලේ කිරිපිටි , පාන් පිටි , ගැස් සහ සිමෙන්ති නැතුව ගැටළුවක් මතු වෙලා තියෙනවා.

නමුත් ජනතාව වැඩි මිලට එම භාණ්ඩ මිලද ගත්තා, කර්මාන්ත ශාලා විසින් එම භාණ්ඩ මිල වැඩි කිරිමට ඉල්ලලා තියෙනවා. දැන් රජය තිරණය කරන මිල නෙවෙයි කර්මාන්ත ශාලා හිමියන් ඕනි මිලට අලෙවි කිරිමට දැන් අවසර ලබා දිලා තියෙනවා.

දැන් වෙලදපොලට භාණ්ඩ එනවා, මිල වැඩි. මේක තමයි ආණ්ඩුව වංචා සහගතව භාණ්ඩ මිල වැඩි කිරිමට ගන්නා උපාය මාර්ගය. හැමදාම මේ වංචාව කරන්න බැ, ආණ්ඩුවට මිල පාලනය කරන්න හැකියාවක් නැ දැන්.

හාල් මිල පාලනය කරන්නේ පොලොන්නරුවෙන්, පිටි මිල පාලනය කරන්නේ ඇමරිකාවෙන්. අනෙකුත් භාණ්ඩ මිලතිරණය කරන්නේ පිටරට කර්මාන්ත ශාලාවලින්.

දැනට නැවේ තියෙන භාණ්ඩ වෙලදපොලට එනවා , ආයෙත් ගෙන්න ඩොලර් ගෙවන්න ඕනි. ලංකාවේ ඩොලර් නැ කියලා කියනවා. කබ්රාල් මුදල් අච්චු ගහනවා, එතකොට ඩොලර් මිල වැටෙනවා.

වතුකරයේ ජනතාව වැඩිපුර කන්නේ පාන් පිටි, පිටි මිල වැඩි කරාම ප්‍රශ්නයක් එනවා.

ඉස්සර වතු වල දින 25 ක් වැඩ දෙන්න ඕනි කියලා කොන්දේසියක් තිබුණා, දැන් කොන්දේසි අයින් කරලා කිසිම කොන්දේසියක් නැ. රු 1000 තවම හම්බුණේ නැ , රැකියා නැති වෙලා දුක් විදිනවා වතුකරයේ ජනතාව.

වාසුදේව නානායක්කාර මහතා පාරට බහිනවා කියලා පාර්ලිමේන්තුවේදි කිව්වා, ආණ්ඩුවේ ඇමතිවරුම එහෙම කියනවා නම් අපිටත් පාරට බහින්න තමයි වෙන්නේ.

එක පැත්තකින් ගුරුවරු වර්ජනය කරනවා, ගොවියේ වර්ජනය කරනවා , වතුකරයේ ජනතාවක් පාරට බැස්සනම් ආණ්ඩුව ඉවරයි. මේ ජනතාවට තියෙන්නේ ජිවන ප්‍රශ්නයක්නේ . අතේ සල්ලි නැත්නම් කොහොමද භාණ්ඩ මිල දි ගන්නේ.

එහෙම භාණ්ඩ මිල දි ගන්න නම් වතු කම්කරුවන්ට දින 25 ක වැඩ දෙන්න ඒනි, රු 1000 වැටුප ලබාදෙන්න ඕනි.

වතු සමාගම් සහ වතු කම්කරුවන්ටත් පොහොර ප්‍රශ්නයක් තියෙනවා. වතු සමාගම් පොහොර භාවිතය අඩු කරනවා , කොමිපොස්ට් පොහොර කොහොමද යොදන්නේ වතු සමාගම් අක්කර විශාල ප්‍රමාණයකට?

කාබනික පොහොර වගාව සාර්ථක නැ ලංකාවේ. ජනාධිපතිතුමා කියනවා ඒක සාර්ථක වෙනවා මේක ගෙනියන්න ඕනි කියලා. කාබනික පොහොර භාවිතය ලෝකෙන්ම 14% තමයි සාර්ථක වෙලා තියෙන්නේ. ඒක සාර්ථක වෙන්න තව අවුරුදු 20-25 යන්න වෙනවා , එතකොට අපි මැරිලා ඉවරයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයෙන් පසුව භාණ්ඩ සදහා පොලිම් තිබුණේ මේ ආණ්ඩුව කාලයේ.

කිරිපිටි පැකට් එකක් රු එක්දහස් ගාණක් , එක් මිල දි ගන්නා වතු කම්කරුවන් එන්න ඕනි දිනක වැටුප අත ඇරලා පොලිම් වල ඉන්න. කිරි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට කිරි නැතුව අමාරුයි, ඉදිරියට පෝෂණය නැතුව ළමයි හැදෙනවා ලංකාවේ.

පලාත් පාලන මැතිවරණය පවත්වනවානම් අපි කැමති , මේ රටේ දැන් මැතිවරණයක් එන්න ඕනි. පලාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට කියනවා කියලා බැසිල් රාජපක්ෂ කිව්වා.

69 ලක්ෂයක් ජන්දය දුන්නේ අවු 02 ඉස්සෙල්ලා, දැන් ඕනි නම් ලක්ෂ 09 විතර ජන්දය දෙයි. අනිත් ජන්ද විපක්ෂයට ලබාදෙයි. ජනතාව කලකිරිමට ලක් වෙලා ඉන්නේ යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

15,719 views

19 Comments to “69 ලක්‍ෂයේ දැන් ඉතිරි ලක්‍ෂ 09 විතරයි.. ඉතිරි ලක්‍ෂ 60ම විපක්‍ෂයටයි..”

  1. ජනජය says:

    ඔව් ඔව් …බලං හිටපං ..පව්කාර හැත්ත …බොල කවදාවත් ස්ථාවර රටකට කැමති නෑ…මොකද එතකොට බොලගෙ මිනිස්සුන්ව දක්කන්න බොලට බැරි වෙනව…උතුරු නැගෙනහිරත් එහෙමයි …!

  2. Baba says:

    මූන් මිනිසුන් ගොනාට අන්දලා ආයේ එන්න දගලනවා.යහපාලනයට ආයේ කතිරේ ගැහූවොත් රට කෑලී තමයි. පේනවා නේ උන් එක්ක ඉන්න කට්ටිය.හිටපූ නායකයින්ට වැඩිය ගෝඨාභය ජනපති තුමා හොඳයි.වටේ ඉන්න එවූන් තමයි ගොතයෝ.

  3. හෙට රට says:

    රටේ යන යන තැන ආණ්ඩු විරෝදින් ආණ්ඩු විරෝධී පලියට සජිත්ට වත් 3% උන්ටවත් ජන්දය දෙන්නෙ නෑ හැබැයි ගියපාර ඡන්දය දුන්නට මේ පාර පොහොට්ටුවට හෝ ගෝඨාභයට හා බැසිල්ට ඡන්දය දෙන්නෙත් නෑ ජන්දය නොදි නිෂ්ශබ්දව සිදුවීම දිහා බලාගෙන ඉන්නවා එවිට ඡන්ද සංඛ්‍යාව පහල යාම නිසා නිකම්ම විපක්ෂයට වාසි වෙනවා මොකද ආණ්ඩුවෙන් වාසි ගන්නවුන් වේදනාවෙන් කෑ ගහන්නෙ ආණ්ඩුවෙන් වාසි ගන්න නිසා 69 ලක්ෂයෙන් බහුතරයක් කිසිම පෞද්ගලික වාසියකට ආණ්ඩුවට ඡන්දය දුන්නෑ අනෙක් ප්‍රධාන හේතුව 69 ලක්ෂයට එක්ව ඇති පාවෙන ඡන්ද පදනමයි ඔවුන්ට පක්ෂයක් නැත. 2015 ජනාධිපතිවරණය කදිම නිදසුනකි.

    • Wijesekara says:

      අනිවාර්යෙන්. රටට හොඳ නායකත්වයක් දෙන්න පුලුවන් නායකයෙක් හොයා ගන්න බැරි විපක්ශ කාලකන්නි ආන්ඩුවට කකුල් මාට්‍ටු දදා හිටියට වැඩක් නෑ. බලන්න සජබේ ඉන්න සෙට් එක. තනිකරම දෙමළ අන්තවාදීන් හා මුස්ලිම් අන්තවාදීන් සෙට් එකත් එක්ක සමනල ෆුට් නෝට් කල්ලිය. ඕකුන්ට රටක් කරන්න පුලුවන්ද? ෆොන්සේක විතරයි ඕකෙ ඉන්න එකම මිනිහා. ඒත් අනිත් වුන් ඒ මිනිහවත් අන්දවලා පැත්තකට කරල තියලා. අනාගත දේශපාලනේ නම් හොඳක් පේන තෙක් මානෙක නෑ. පොහොට්‍ටුව පැත්තෙන් බැලුවත් ගෝඨා ඇරෙන්න වෙන නායකයෙක් කෝ..? කොයි පැත්තෙනුත් අගාධයක් විතරයි. ලංකාවට ගිය කලක්.

  4. අපිට යහපාලන මාට්ටුව හොදට මතකයි
    ගොන් සජිය හිතන විදිහට සිද්දවෙන්නෙ නෑ
    පිල් මාරු පාවෙන චන්ද කාලෙ ඉවරවෙලා ගොඩක් කල්
    බූරු දෙසපාලුවො

Main News