ටික් ටොක් එකෙන් හඳුනගත් තරුණයා බලන්න 12 හැවිරිදි පාසල් සිසුවිය මුලතිව් සිට හැටන් ගිහින්….

June 7, 2022 at 6:20 pm | lanka C news
ටික් ටොක් එකෙන් හඳුනගත් තරුණයා බලන්න 12 හැවිරිදි පාසල් සිසුවිය මුලතිව් සිට හැටන් ගිහින්….

මුලතිව් මූංකිලාරු ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක් අතුරුදහන්ව ඇති බවට ලැබුනු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරික්ෂණවලදී අදාල දැරිය හැටන් ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

අදාල පාසල් දැරිය පිළිබඳව දැරියගේ පියා විසින් ඊයේ (06) දින පොලීසියට දැනුම් දී ඇත්තේ දැරිය නිවසින් අතුරුදහන්ව ඇත්තේ ලිපියක්ද ලියා මුදල් සහ ජංගම දුරකතනයද රැගෙන බවටය.

දැරිය විසින් ලියන ලද බවට සැකකෙරෙන ලිපියේ සඳහන් කොට ඇත්තේ ‘ තාත්තේ මට සමාවෙන්න. මම මේ ගෙදර දාලා යනවා. මාව හොයන්න මහන්සි වෙන්න එපා අවශ්‍යනම් මේ අංකයට ඇමතුමක් දෙන්න යනුවෙන් දුරකතන අංකයක්ද සඳහන් කරන ලද ලිපියකිනි.

කෙසේ වෙතත් දැරියගේ පියා ඇතුලු පොලීසිය විසින් අදාල දුරකතන අංකයට ඊයේ දින සිට ඇමතුම් ලබාගත්තද එය ක්‍රියාවිරහිත කොට තිබීම හේතුවෙන් සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති අතර අද (07) දිනයවන විට දැරිය සම්බන්ධ කරගැනීමට හැකි වූ බවට පොලීසිය පැවසීය.

දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව අදාල පාසල් සිසුවිය ගොස් ඇත්තේ හැටන් ප්‍රදේශයට බවටත් සමාජ මාධ්‍ය ජාලයක් වන ටික් ටොක් වෙතින් කිසියම් පිරිමි පුද්ගලයෙකු දැන හැඳින ඇති වූ  සම්බන්ධතාවක් මත අදාල පිරිමි පුද්ගලයා හමුවීමට බවට සැක පලකරන බවටද පොලීසිය පැවසීය.

දැරියගේ පියා ඇතුලු ඥාතීන් විසින් දැරිය සොයා අද (07) දිනයේදී නැවත නිවසට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවටත් සිද්ධිය සම්බන්ධයෙන් සියලු පාර්සවයන්ට උපදෙස් ලබාදී පරික්ෂණයක් සිදුකිරීමට පියවර ගන්නා බවද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

81,054 views

5 Comments to “ටික් ටොක් එකෙන් හඳුනගත් තරුණයා බලන්න 12 හැවිරිදි පාසල් සිසුවිය මුලතිව් සිට හැටන් ගිහින්….”

  1. උපාසක says:

    ෆේස්බුක් , ටික් ටොක් වගේ සමාජ ජාලා නියාමනය කරන්න තාක්ෂණික හැකියාවන් අපට නෑ. ඒත් සමාජයේ මතයක් හදන්න ඕනැ දරුවන් ආරක්ෂා කරගන්න. දැන් හාමුදුරුවරු වැඩි වෙලාවක් ඉන්නෙ සමාජ ජාලා වෙබ් වල. ෆේක් එකවුන්ට් වලින් කාන්තා ඇසුර පතනවා. මහානායක හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ අවධානය පිණිසයි..

  2. Malsara says:

    True love

  3. sunimal says:

    වැඩිහිටියන්ගේ නොසැලකීම කනගාටුයි.

  4. kalukaputaa says:

    aluthma pravruththiyawanne me 12 heviridi kella den inne naanasaaraya gaawa. uthamai tic toc eken boru nam
    saha boru telephone nommara daagena kellanva gennagena dushanaya koranne. den okaa me kellata kiyala
    ethi pudukudiyiruppuwe rasne nisaa seethalawenna hatton waren kiyala. moda kella oya naanasaara uru thadiyagen parissamwenna. pettiya kadanna ehema denna epaa. oya paraya demala ayage sathurek.

  5. Ranjanee says:

    මමත් ටික්ටොක් තරුවෙක් හින්ද කියන්නේ… පෙර පාසල් දරුවන්ටත් ඕවා පුරුදු කරන්න ඕනේ… මම දැන් ටික්ටොක් එකේ හොඳට රඟපාන හින්දා මාව මෙගා ටෙලි නාට්‍යකටත් කතාකරලා තියනවා.. දේශපාලනයට එන්න නම් තාම අදහසක් නැහැ මට.

Main News