කොස් සහ පොලොස් සතුන්ට ආහාර ලෙස දීම අත්හිටුවයි..

June 12, 2022 at 5:30 pm | lanka C news
කොස් සහ පොලොස් සතුන්ට ආහාර ලෙස දීම අත්හිටුවයි..

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි පුද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් වල වගා කර ඇති කොස් සහ පොලොස් කඩා හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සත්ව ගොවිපොලක සතුන්ට ආහාර වශයෙන් ලබාදිමේ වැඩපිලිවෙලක් නතර කිරිමට වහාම පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.

එම සත්ව ගොවිපොලේ කිරි එලදෙනුන් විශාල සංඛ්‍යාවක් ඇති කරන බවත්, එම සතුන්ට අවශ්‍ය තෘණ , බඩ ඉරිගු  හිගය සහ පුන්නක්කු මිල ඉහල යාම හමුවේ එම සත්ව ගොවිපොලේ පාලන අධිකාරිය විසින් කොස් සහ පොලොස් මිල දි ගෙන ඒවා කුඩා කැබලි වලට කපා සතුන්ට ආහාර වශයෙන් දිනපතා ලබාදෙන බවයි වටවල ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුල කොස් ගස් කැපිම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අවස්තාවක එම සත්ව ගොවිපොල් පාලන අධිකාරිය විසින් ලොරි රථ සහ වාහන කිහිපයක් යොදා ගනිමින් දිස්ත්‍රික්කය පුරා පෞද්ගලික ඉඩම් සහ රජයේ රක්ෂිත වල වගා කර ඇති කොස් ගස් වල ගෙඩි කඩා දිනපතා මෙසේ සත්ව ගොවිපොල වෙත ප්‍රවාහනය කරන බවයි ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් තමන් වෙත ලද පැමිණිල්ලක් මත ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන රැසකම පදිංචිකරුවන් දැනුවත් කිරිමට පියවර ගත් බවත්, එම දැනුවත් කිරිමෙන් පසු එම සත්ව ගොවිපලට කොස් සහ පොලොස් මිල දි රැගෙන යාම පැමිණි වාහන කිහිපයක් ආපසු හරවා යැවිමට ගම්වාසින් පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.

දිනපතා විශාල අදායම් මාර්ගයක් ලබාගැනිමේ අරමුණින් එම සත්ව ගොවිපොල් ඇතැම් සේවකයින් සහ තවත් පිරිසක් එක්ව නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පමණක් නොව දිස්ත්‍රික්කයෙන් පිට පලාත් වලට ගොස් එම සත්ව ගොවිපොලට අවශ්‍ය කොස් සහ පොලොස් ඉතා අඩු මිලකට මිල දි ගෙන රැගෙන එන බවයි වටවල ප්‍රදේශවාසින් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

50,136 views

14 Comments to “කොස් සහ පොලොස් සතුන්ට ආහාර ලෙස දීම අත්හිටුවයි..”

  1. Lalla says:

    මිනිස්සු වගේම සත්තුත් කන්න ඕන කියල හිතන්න බැරි පරිපාලන නිලධාරීන් හරියන්නේ වියත්මගට. මෙයා ඒකේ සාමාජිකයෙක් වගේ.

  2. Manodaya says:

    රටේ කටයුතු කලයුතු කොයි කවුරුත් කාලයක් යන කොට මොලය අඩු වෙනව. හේතුව අරක්කු. අරක්කු බීමෙන් ඩිප්ප්‍රෙෂන් කියන මානසික රෝගය හැදෙන බව අද විද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාවෙන් සමහර දේශකයෝ පමණක් හෙලි කරනව. අනෙක් අය අරක්කු ජාවාරම් කාරයන්ට යටත් වෙලා. පගාවට ඒනිසා හැම දෙනාම ගන්න තිරන වැරදි වෙලා තිබෙනව. මුලු ලෝකෙම හැටි මෙහෙම තමයි. අරක්කු විෂ මොලයට ගහල. තීරන ගන්න බැහැ.

  3. SL says:

    මේ වගේ ගොන් තීරණ ගන්නේ OL ලාවට පාස් වෙලා ආර්ට් කරලා පත් වුනු පරිපාලන හරක්. රටේ හැම තැනම බැලුවොත් කොස් ගස් වල ගෙඩි පිරිලා ,එවන් මිනිස් පරිභෝජනයට ගන්නේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක් ,ඉතිරි ටික වරක,වැල වෙලා අන්තිමට ගහෙන් වැටිලා විනාශ වෙනවා.

    අවශ්‍ය වන්නේ නිසි ක්‍රමවේදයකට ගස් වල තියෙන ගෙඩි කඩාගන්න නිවිදෙනයක් නිකුත්කර දැනුවත් කිරීමක් , එය ගමේ තියෙන ගොවි සංවිධාන ,ග්‍රාමසේවක හරහා ගම්මුන්ට ලැබෙන්න සලස්වන්න පුළුවනි .
    කිරි ගවයින්ගේ ආහාර හිඟ කමට කොස් උත්තරයක් නම් ඒකත් රටට හොඳයි. සත්ව ආහාර ගෙන්වන්න යන ඩොලර් ඉතිරිකරගන්න පුලුවනි

Main News