වසංගත පැතිරේ.. පේරාදෙණි සරසවිය දින නියමයක් නැතිව වසා දැමේ…

April 3, 2017 at 4:40 pm | lanka C news
වසංගත පැතිරේ.. පේරාදෙණි සරසවිය දින නියමයක් නැතිව වසා දැමේ…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියළු පීඨයන් දින නියමයක් නැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

මීට හේතුව වී ඇත්තේ AH1N1වසංගත තත්වයක් පැතිරී යාමයි.

ඒ අනුව හෙට දහවල් 12.00 සිට සරසවියේ සියළු නේවාසිකාරද වසා දමන බව නිවේදනය කර තිබේ.

මෙරට සරසවියක් වසංගත තත්වයක් නිසා මේ ආකාරයෙන් වසා දැමෙන්නේ දශක ගණනාවකට පසුය.

17 views
Main News