රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව විරුද්ද නෑ.. පුටින්ට අපේ ජනාධිපති කතා කරන්නෙ නෑ..

June 26, 2022 at 6:12 am | lanka C news
රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව විරුද්ද නෑ.. පුටින්ට අපේ ජනාධිපති කතා කරන්නෙ නෑ..

‘තෙල් නැති නිසා නෙවෙයි ජනතාව දුක් විදින්නේ තෙල් තියන තැනින් ගන්නේනැති නිසා’ යය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

ශ්‍රිලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යක්ද. සිවින් සංවිධාන දේශපාලන පක්ෂ මේ ගැන හොයන්නේ නැහැ. ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කලාද. දේශපාලන පක්ෂ නිහඩ පිලිවෙතක කණගාටු දායකයි. රටේ ස්වාධිනත්වය කියන කාරනාව බඩගින්න හමුවේ පාවාදීලාද.

ශ්‍රිලංකා වට අවශ්‍ය ඉන්දන ලබාගන්න අපිට ඉන්න හොදම මිතුරා රුසියාව.ඇමරිකාවෙ විරෝධය හමුවේ තමයි මේ රුසියාව සමග කතා කරන්නේ නැත්තේ. මේකට කිසිසේත් ඇමරිකාවෙ විරුද්දත්වයක් නැහැ. මම වගකීමෙන් කියන්නේ.

අපේ ජන නායකයෝ ඇමරිකාව ඉදිරියේ කටයුතු කරන්නේ වහල්ලු වගේ. තෙල් නැත නිසා නෙවෙයි ජනතාව දුක් විදින්නේ තෙල් තියන තැනින් ගන්නේනැති නිසා. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ඇරිකාවේ සහ රුසියාවේ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කල යුතුයි.

ආණ්ඩුව සහ සියලු දෙනාම ෆේල්. ආණ්ඩුවට තෙල්ටික හරියට බෙදාගන්න ආණ්ඩුවට බැහැ. අද ලක්ෂ ගනනක් ජනතාව නීතියක් නැතිකම නිසා මේසා විශාල දුකකට පත්වෙලා. නීතිය බලාත්මක කිරීම මගින් මේ ගැටුම් ඉවරයි. මේ පෝලිම් වල ඒ ඒ අය එවන මැර කණ්ඩායම් ඉන්නේ.

– ප්‍රගීත් ජනක

31,839 views

33 Comments to “රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව විරුද්ද නෑ.. පුටින්ට අපේ ජනාධිපති කතා කරන්නෙ නෑ..”

  1. මරතේනිස් අයියා says:

    දැන් වීරය ⁣වගේ දොඩවන්න ගත්තට අමතක කරන්න එපා මෙයත් කාබනික නාඩගමේ පිස්සා එක්කම හිටපු කෙනෙක්

  2. ලංකා ඡනපති සාදරයෙන් පිලිගැනීමට පුතින් ඡනාධිපති තුමා නිරන්තරයෙන් සිටිනු ළබයි,.! says:

    ලංකා ඡනපති සාදරයෙන් පිලිගැනීමට පුතින් ඡනාධිපති තුමා නිරන්තරයෙන් සිටිනු ළබයි,.!

    ගොටාබය ඡනාධිපතිට කියාපි වහාම පුතින් ඡනාධිපති තුමාව අමතන්න කියළා,.. පැය විසිහතරම ක්‍රීයාත්මක සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ ඉන්නේ අපේ කොල්ලන්,. අවශනම් තානාපතිට පවසා ඇමතුම සම්බනධකරගැනීමට සලසාපි,. අවශම උනොත් ලාංකීයන් සහයෝගය සඳහා නිරන්තරයෙන් සිටිනු ළබයි,.!

    හෙට්ටිවීදියේ හෙට්ටි කුළකයේ ඉන්දියානු බමුනන්ට පොළ්ල තියා රැසියානු තෙල් ගැනීමට කාළය පැමිණ තිබේ,.! මුදල්හදල් බටහිරට අදාළ වුවත් රැසියානු නායකයන් ගනුනුදෙනු කරනුයේ ”හදවතට හදවතින්” මිසක කොමිස් වළට මුදළට නොවන බවට තරයේ අවධානයට,.!

    ලංකා ඡනාධිපතිගේ ඇමතුම ලැබෙනතුරා රැසියානු ඡනපති, අසුර සමගින් පාළක මැදිරියේ සිට බළා සිටිනුයේ ලංකා ඡනපති සාදරයෙන් පිලිගැනීමට සහ නව දීප්තිමත්ම ලංකා යුගයේ ආරම්භයටයි,.!

  3. ඇත්තටම මේ අපේ ජනාධිපතිතුමා මේ කරන්නේ කුමක්ද රටේ තියන ප්‍රශ්න ගැන කිසිම හැඟීමකින් කටයුතු නොකරන බවයි අපට වැටහෙන්නේ ඇමෙරිකාව අපට කළේය හතුරුකම් පමණයි රුසියාව අපට හැමදාම කළේ උදව් ඒත් මේ දැන් පවතින ආණ්ඩුව කරන්නේ කුමක් ද කියලා අපට වැටහෙන්නේ නෑ මිනිස්සු විඳින දුක දිහාවත් බලලා ඇයි විසඳුමකට යන්න බැරි….

Main News