ජනාදිපති ඇමරිකාවට බයේ හැංගිලා.. මහා චක්‍රවර්ති කියාගෙන ආ රනිල් අද විස්තර විචාරකයක් වෙලා..
June 26, 2022 at 5:50 pm | lanka C news
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්රමුඛ ආණ්ඩුව ජනතාව හිඟමනට ඇදවට්ටා රටේ ජාතික සම්පත් විකුණා දැමීමට සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා චෝදනා කරයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ සඳහන් කර සිටියේය.
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ පැමිණි අවසන් තෙල් නැව බෙදාහැරීමෙන් අනතුරුව කළ යුත්තේ කුමක්දැයි කියා නිශ්චිත සැලැස්මක් තිබුණානම් අද ‘සතියකට තෙල් නැව් එන්නේ නැහැ’ යනුවෙන් බලශක්ති අමාත්‍යවරයා නොපවසනු ඇතැයි ද පෙන්වා දුන් ජානිපෙ ප්රචාරක ලේකම්වරයා, තෙල් නොමැතිවීමෙන් මුළුමහත් සමාජයම අකර්මණ්‍ය වන බව මේ අයට නොතේරෙනවා නොවන බවද සඳහන් කළේය. මහා චක්‍රවර්ති රජ කෙනකු මෙන් අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ මහතා අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත් වීම කනගාටුවට කරුණක් බව ද මුසම්මිල් මහතා පැවසීය. ඩොලර් බිලියන ගණන් තමන් අගමැති ධූරයට පත් වූ පසු ලැබෙන බවට ඉඟි පළ කළ අග්‍රාමාත්‍යවරයා අඩුම තරමින් මේ තීරණාත්මක අවස්ථාවේ ඩොලර් මිලියන කිහිපයක් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
පහසුවෙන් තෙල්, ගෑස්, පොහොර සපයා ගැනීමේ මගක් ලෙස රුසියාව සමග වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ආණ්ඩුවට හැකියාව ඇති බවත් ඒ බව මෙරට රුසියානු සමූහාණ්ඩුවේ තානාපතිවරයා සමග ස්වාධීන පක්ෂ එකමුතුව සිදුකළ සාකච්ඡාවේදී තහවුරු වූ බවත් සඳහන් කළ මොහොමඩ් මුසම්මිල් මහතා, එම විසඳුම් යෝජනාව ඇමරිකාව හා ඉන්දියාව තරහ වේයැයි බියෙන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් නැති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම විසඳුම් යෝජනාව ක්‍රියාත්මක කිරීමට කළ යුතුව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් මගින් සාකච්ඡා ඇරඹීම පමණක් වුවත් තම ඇමරිකන් – ඉන්දියන් ගජ මිතුරන්ගේ ඉන්දු – පැසිෆික් මෙහෙයුමට හානි කිරීමට අකමැත්තෙන් එසේ නොකරන වත්මන් ආණ්ඩුව එමගින් අද මේ රටේ ජනතාවගේ ජීවිතවලට, දරුවන්ගේ අධ්‍යාපනයට බරපතල හානි කරමින් සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් සුරක්ෂිත බවට විශ්වාසය ජනිත කරමින් භාරකාර මණ්ඩලයක් සහිත අරමුදලක් පිහිටුවීමේ යෝජනාවක් පසුගියදා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රට හමුවේ තබා ඇති බවත් එම භාරකාර මණ්ඩලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු ද ඩලස් අලහප්පෙරුම මහතා ද යෝජනා කර ඇති බවත් ජානිපෙ ප්රචාරක ලේකම්වරයා මෙහිදී කීය. පාර්ලිමේන්තුවට පසුගිය සතියේ එම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ අගමැතිවරයා ද එකී යෝජනාවට එකගතාව පළ කර ඇති බවත් විපක්ෂනායකවරයා හෝ ජවිපෙ නායකවරයා තවමත් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා නැති බවත් මෙවැනි යෝජනා දෙස කුහකකම ඉවතලා බැලීමේ දේශපාලන සංස්කෘතියකට අප යා යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
මාසිකව තෙල්, ගෑස්, ඖෂධ, පොහොර ආදී අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 800ක මුදල, මිලියන තුනකට අධික විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් ගෙන්වාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති එම විසඳුම් යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ‘ජනතාව පෝලිම්වල මැරෙනවා දැකීමට අකමැති’ සියලුදෙනා මැදිහත් විය යුතු බව ද මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසීය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
පල තම්බි බල්ලා යන්න කොන කපපු පොම්නයා. උකෝලා යවන්නෙ අල්ලට ඌරො දම්මලා
We
We must against right or wrong what our rivals say!
මුව අරාබියට පන්නන්න ඕන.
@අල්ලගෙ මොහම්ඩ් කාපු ඌරා කටවහපන් අලුකුත්තේරුවා වල්ගේ පාගාගෙන කථා නොකර.ඔහොම කියපන් අර හකීම්ට රිෂාඩ්ට.විමල් මුසාමිල් තමා අපට ඇත්ත කියන පිලිගන්න පුලුවන් එකම කට්ටිය.මේ කියන්නේ නියම ඇත්ත නේද මෝඩයෝ.උඹ ගුණරත්නම්ගේ ගෝලයෙක් නේද.ඌට ඕස්ට්‍රේලියාවට යන්න කියපන්.
සම්බාධක නිසා අතරමැදියන් හරහා රුසියන් තෙල් ගන්න බැරි වුණාට කෙළින්ම රුසියාවෙන් තෙල් ගන්න පුලුවන්..
කන්තාවන් සම්බන්ධයෙන් අන්තනෝමතික තීරණයක් ගත් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ගැන ලංකාවේ කාන්තා නීතිඥ සංවිධාන නිහඬ ඇමෙරිකානු ආධාර අහිමි වෙතැයි ඇති බියද?
මේක මහ බූරු කථාවක්.
ජනාධිපති ඇමෙරිකාවට බයේ හැංගිලා නෙවේ ජනාධිපති ඇමෙරිකාවට අවශ්‍ය දේ නිර්භීතව ඉටු කරමින් ඉන්නවා.
මේ ඔලමොට්ටල බූරුවෝ මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ කියකියා මේ ඇමෙරිකන් ඩිකියාව වඩම්මනකොට කී දෙනෙක් කිව්වද එපා කියලා.
chiki bum bum chiki bum bum
yhaaaa yhaaaa yhaaaaa RMP
මුන් මේ අවුරුදු ගානක් ගූ චීනෙට පුම්ක දීලා ගූ නැවකින්ම කෙලවගෙන දැන් රුසියාවටත් පුම්ක දීලා හොඳ එකෙන්ම කෙලවගන්න යන්නේ මතකනේ ඇස්බැස්ටෝස් තේ කෘමියා
අපි වරද හොයන්නත් දක්ශයි.
වරද තමුන්ගේ උනාම ඒක තව කෙනෙකුගේ පිට පටවන්න ඊටත් වඩා දක්ශයි.
අද ගෝඨාභය කරන වැඩේ කරන්න කිසි කෙනෙකුට බෑ. ඔහු වැඩියෙන් බැනුම් අහන්නෙ අනුන් ගෙ වැරදිවලට; විශේසයෙන් ඔහුගේ සහෝදරයන්ට සම් බන් ද අවස්ථාවාදීන් කල වැරදි වලට. ඔහු කල වැඩේ හරි. මුලින්ම සහෝදරයින් හා හෙන්චයියන් අයින් කල එක. උද්ඝෝශකයො නොහිටින්න ඒක ඔහුට පමනක් කරන්න බෑ. දැන් තියෙන්නෙ සිස්ටම් චේන් ජ්. රාජ්‍ය සේවකයො ඇතුලු බහුතර ජනයා ඒකට සහයෝගය දුන්නොත් හරි. විපක්ශය ත් ඊට සහය දිය යුතුයි. එහෙම නොකලොත් ඔක්කොටම අබ සරනයි.
Muth anduwe hitiya kiyala uta amathaka wela.. mun ayeth apiwa gonata andanawa..tuk ballo tika
ඇත්තට කවුද බන් ලී ක්වන් යු යි මහතීර් මොහොමඩ් කියලා බයියන්ව අන්දවලා මුන්ව බලයට ගෙනාව හාල්පාරුවා?
රටම රවට්ටපු කේවට්ටයෙක් ජනපති පුටුවට උස්සල තියන්න තමන් දායකවුනා කියල මේ ගොබ්බසේනට අමතක වෙලාද?
පැණි බීපූ තම්බියෙක්