7 වසර සිසුවියකට ලිංගික අතවර කල ගුරා අත්අඩංගුවට..

July 23, 2018 at 5:30 pm | lanka C news
7 වසර සිසුවියකට ලිංගික අතවර කල ගුරා අත්අඩංගුවට..

යාපනය වයිදීස්වරන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 7 වසර සිසුවියකට ලිංගික අතවර සිදු කලේ යැයි සිදු කල පැමිණිල්ලකට අනුව එම පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය කියා සිටියේය.

වයිදීස්වරන් විදුහලේ විදුහල්පතිනිය වූ වාසුකී තවබාලන් මහත්මිය හා 7 වසර පංති භාර ගුරුතුමිය විසින් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පිහිටි ළමාරක්ෂණ නිලධාරී කාර්යාලයට පැමිණිළි කිරීමෙන් පසුව එම කාර්යාලය මගින් යාපනය පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙතට දැනුම් දී ඇති අතර පසුව එම පැමිණිල්ලට අනුව අදාල ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයිදීස්වරන් විදුහලේ ඉගැන්වීම් සිදු කරන වයිරමුත්තු රවීන්ද්‍රන් නැමත්තා වන අතර ලිංගික අතවරයකට ලක්වූ දැරිය මේ වන විට යාපනය මහරෝහලේ වෛද්‍ය පරික්ෂණයකට යොමු කොට ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලිස් ළමා හා කාන්තා කාර්යන්ශයේ නිලධාරීන් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

211 views

One Comment to “7 වසර සිසුවියකට ලිංගික අතවර කල ගුරා අත්අඩංගුවට..”

  1. Nim says:

    MEWATA MONAWA LIYANNADA?
    THIRISANNU
    AHINSAKA LAMA PARA PURA.

Main News