70 දශකයේ ‘කැමිලස්ගේ ගජමෑන්’ 3D වී තිරයට එයි…

May 13, 2018 at 8:02 am | lanka C news
70 දශකයේ ‘කැමිලස්ගේ ගජමෑන්’ 3D වී තිරයට එයි…

හැත්තෑව දශකයේ අතිශය ජනප්‍රිය හා ප්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ්‍රී ලංකාවේ තැනෙන ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙ.

”ගජමෑන්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරායි. ත්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියුතු චානක පෙරේරා ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ, ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් බහුමාධ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබූවෙකි.

ශ්‍රීලාංකික සිනමාවේ මෙන්ම සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයේම ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම චිත්‍රපටිය හඳුන්වා දීමේ හා මෙහි පූර්ව ප්‍රචාරක පටය ප්‍රදර්ශනය කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක්පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වුණ.

මෙරට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත්‍ර වූ අතිප්‍රබල ප්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය හමුවේ තැබෙන ”ගජමෑන්” ත්‍රිමාන සජීවීකරණ චිත‍්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ජේම්ස් කැමරන්ගේ ”ඇවටාර්” හා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ”ටිං ටිං” වැනි ලෝ සුපතල දැවැන්ත බටහිර සිනමා කෘති නිර්මාණය කරන ලද ”මෝෂන් කැප්චර්” (Motion Capture) තාක්ෂණය යොදා ගනිමිනි.

”චලන ග්‍රහණය” යනුවෙන් අර්ථ ගැන්වෙන මෙම මෝෂන් කැප්චර් තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කළ චරිතවල ක්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ විධික්‍රමය වශයෙනි. මෙම මෝෂන් කැප්චර් ක්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ දසුන් පතිරණ, චාමර ප්‍රයදර්ශන සමග කසුනි. ප්‍රදීප්, ටිරාන්, ශරදා යන අයයි, මෙහි හඬ රංගනයෙන් දායක වන ප්‍රධානතම රංගන ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද ප්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය.

ගජමෑන් චිත්‍රපටයේ තිරරචනය ලියන ලද්දේ ද ඔවුන් දෙදෙනා විසිනි. ඔවුන් සමග රෂී පබෝධා, යුරේනි නොෂිකා සහ සුනිල් පෙරේරා යන අය ද මෙහි හඬ රංගනයෙහි නියැලෙති.

රු. මිලියන 75කට අධික වියදමක් දරා 2010 වසරේ පටන් නිෂ්පාදන කටයුතු සිදු කරන්නා වූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.

– සේනක වික්‍රමසූරිය

294 views

5 Comments to “70 දශකයේ ‘කැමිලස්ගේ ගජමෑන්’ 3D වී තිරයට එයි…”

  1. නිශාන්ත පෙරේරා says:

    සුනිල් පෙරේරා වගේ නරුමවාදී අදහස් තියෙන කෙනෙක් මේකේ ඉන්නවා කියන්නේ මේ චිතරපටය අමු ජරා කුණු ගොඩක් කියන බවයි හේතුව සුනිල් පෙරේරා වගේ නොමිනිසුන්ට කැමති කෙනෙක් මේකේ කරනවා කියන්නේ ඔහුත් ඒ ජාතියේම කෙනෙක් බවයි .

    • sugath says:

      නිශාන්ත පෙරේරාගේ කතාව ඇත්ත. මේ වගේ හොඳ නිර්මාණයක් කරද්දී මොකද ජරා යක්කු තෝරාගන්නේ. මුල හරිය කියවනකොට මමත් ගොඩක් සතුටු උනා. ඒත් අවසාන හරියේ ජරා යකාගෙ නම දැක්කම එපා උනා.

    • fass says:

      Sunil perera wage apathayo set ekak ekathuwela meeta kalin Gaja man kenek thirayata genawa…eken dan ratama Joke ekak wela thiyenne

  2. අරුණ says:

    මේයට සුනිල් පෙරේරා සම්බන්ද කර ගැනිමනම් අන්තිම පාජාතය්..මිනිහට ජාතියක් ජම්මයක් ආගමක් නැති දේශයට ගරහන පුද්ගලයෙක් නිසා..

Main News