රට පුරා වසංගත පැතිරෙද්දී දොස්තර වර්ජනය කැදවන්නේ රෝගීන් ප‍්‍රාණ ඇපයට ගන්නයි..

April 6, 2017 at 7:06 am | lanka C news
රට පුරා වසංගත පැතිරෙද්දී දොස්තර වර්ජනය කැදවන්නේ රෝගීන් ප‍්‍රාණ ඇපයට ගන්නයි..

මාධ්‍ය මගින් දැනගත් පරිදි 2017.04.07 දා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ආරම්භ කිරීමට නියමිත බව කියන වැඩ වර්ජනය මෙි අවස්ථාවෙි දී අසරණ රෝගී ජිවිත අනතුරේ දැමිීමට සිදු කරන පටු වෘත්තීය ක්‍රියාමාර්ගයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මාලඹෙි සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙි වනවිටත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අවස්ථා ගණනාවකදීම සාකචිඡා ලබා දී තිඛෙන අතර, ගැටළුවට කඩිනමින් විසදුමක් ලබාදෙන බවත් ඔවුන් වෙත ප්‍රකාශ කර තිබුනි. තව ද ජනාධිපතිවරයා සමග රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හා වගකිව යුතු සියළු පාර්ශ්වයන් සමග තවමත් සාකචිඡා කරමින් එම ගැටළුවට විසදුමක් ලබාදීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කරන අවස්ථාවක නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අවස්ථාවක මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයන් සිදු කිරීම පදනම් විරහිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙි වනවටත් වෛද්‍ය සභාව, විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨාධිපතිවරුන්, අධ්‍යාපන විශේෂඥයින්, නීති විශේෂඥයින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය විද්‍යාල සදහා වන අවම ප්‍රමිතීන් පිළිබදව වාර්තාවක් සමපුර්ණ කර ඇත.

මෙහිදී වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිිතීන් පිළිබද සකස් කළ වාර්තාව පිළිබදව සාකචිඡා කිරීමට වෛද්‍ය සභාව මගින් 2017.04.07 දින හදිසි රැස්වීමක් ද කැඳවා ඇත. මෙම වාර්තාවෙ අඩංගු වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය පිළිබදව සාකචිඡා කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අවසන් තීන්දුවක් ලබාදීමට ද නියමිතව ඇත.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය හා ඩෙංගු රෝගය පැතිරයාම පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එවැනි අවස්ථාවක දී අසරණ රෝගීන් බිල්ලට දෙමින් සිදු කිරිමට යන වැඩවර්ජනය කිසිවිටෙකත් රෝගීන්ට සහ ජනතාවට හිතසුව පිණිස නොවන හුදු ආත්මාර්ථකාමි වැඩවර්ජනයක් බව සදහන් කරනු කැමැත්තෙමි. තව ද අවුරුදු නිවාඩු දිනවල සායන නොපැවැත්වෙන බැවින් දුප්පත් අසරණ රෝගීන් තම තමන්ගේ ඖෂධයන් ලබාගැනීමට පැමිණෙන කාල වකවානුවක දී මෙවැනි වර්ජන සිදු කිරිම රෝගී ජිවිතත් ප්‍රාණ ඇපයට තබා ගැනීමකි. තවද අවම ප්‍රමිතිය පිළිබද කථා කරන සමහරක් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය රෝගීන් ප්‍රාණ ඇපයට දීම ද යනු සදහන් කරුනු කැමැත්තෙමි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය ඒකකය

76 views
Main News