අරගල ලොක්කන් තිදෙනෙකුගේ ගිණුම්වලට කෝටි හතරහමාරක්.. ලැබුනු විදිහ ඇහුවාම බැංකුවත් වටලනවා කියා තර්ජනය කරලා..

July 18, 2022 at 10:22 pm | lanka C news
අරගල ලොක්කන් තිදෙනෙකුගේ ගිණුම්වලට කෝටි හතරහමාරක්.. ලැබුනු විදිහ ඇහුවාම බැංකුවත් වටලනවා කියා තර්ජනය කරලා..

ගාලු මුවදොර අරගල භුමියේ රැඳී සිටින අරගලයේ ප්‍රධාන භූමිකාවක් දරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු තම බැංකු ගිණුම්වලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් රැගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයන් තිදෙනා මෑතකදී ලංකා බැංකුවේ යුනියන් ප්ලේස් ශාඛාවේ නව ගිණුම් තුනක් අරඹා තිබේ. එම ගිණුම්වලට පසුගිය 15 වැනිදා රුපියල් ලක්ෂ 150 බැගින් රුපියල් ලක්ෂ 450ක මුදලක් විදේශයක සිට කිසියම් පුද්ගලයකු තැන්පත් කර ඇති බව වාර්තා වෙයි. එම මුදල තැන්පත් කිරීමෙන් ටික වේලාවකට පසු මෙම බැංකුවට අදාළ පුද්ගලයන් තිදෙනා සුදු පැහැති ප්‍රියස් මෝටර් රථයක පැමිණ ඇත.

ඔවුන් පැමිණ ගිණුම්වලින් සම්පූර්ණ මුදලම රැගෙන ගොස් තිබෙන අතර, සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මුදල් ලැබීමට හේතුව පිළිබඳ ප්‍රශ්න කළ බැංකු නිලධාරීන්ට ද ඔවුන් තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

එලෙස තර්ජනය කර තිබෙන්නේ තමන් අරගලයේ බවත්, තමන්ට බාධා කළහොත් ඊළඟ දිනයේ බැංකුවත් වටලන බව පවසමිනි

•අශිකා ජයවීර
– අරුණ

164,877 views

63 Comments to “අරගල ලොක්කන් තිදෙනෙකුගේ ගිණුම්වලට කෝටි හතරහමාරක්.. ලැබුනු විදිහ ඇහුවාම බැංකුවත් වටලනවා කියා තර්ජනය කරලා..”

  1. Samana says:

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බැංකුවට ඇවිත් සල්ලි අරං. ඒකත් එකපාර..

  2. චන්දේ දුන්නු එකා says:

    ඇයි යකෝ දැන් ඩොලර් නේද ඉල්ලුවේ….ඉතිං වැරද්ද මොකද්ද ?? කොහෙන් හරි ඩොලර් ආවම 🤣🤣🤣🤣🤣

  3. Sharm says:

    දැන් සී අයි ඩී එක කිව්වනේ එහෙම ගිණුමකුත් නෑ එහෙම සල්ලියක් ඇවිල්ලත් නෑ කියලා.. මේ බොරුව තවත් වටේ ගෙනියන්නෙ පිනාගෙ මන්ත්‍රී දොල සංසිඳුවන්නද

Main News