යුද්ධයෙන් පසු අපේක්ෂා කල සංවර්ධනයක් ලැබී නෑ..

September 29, 2016 at 8:02 am | lanka C news
යුද්ධයෙන් පසු අපේක්ෂා කල සංවර්ධනයක් ලැබී නෑ..

භූගෝලීය පිහිටීම හා ප්‍රදේශය පුරා පවතින ස්වභාවික සම්පත් අනුව සීඝ්‍ර සංවර්ධනයකට ලක්විය යුතු මඩකලපුව දිස්ත්‍රික්කය පසුගිය දශක ගනනාව තුල සැලකිය යුතු සංවර්ධනයට ලක් වී නොමැති බව ජාත්‍යන්තර වෙළද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

සේනසිංහ මහතා මෙම අදහස ඵලකලේ මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති ආයෝජන හා අපනයන දිරි ගැන්වීමේ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළදාම පිළිබද අමාත්‍යාංශය හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා , යුද්ධයත් සමග දශක තුනක් පීඩාවට පත් වී සිටී ජනතාව යුද්ධයෙන් පසුව විශාල සංවර්ධන බලාපොරොත්තු තැබුවා.එහෙත් අපේක්ෂා කල කිසිදු සංවර්ධන කාර්යක් මෙම ප්‍රදේශ වලට ලැබුනේ නැ. ඒ තත්වය මග හැර කඩිනම් සංවර්ධනයකට මෙම ප්‍රදේශය පත් කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මඩකලපුව ප්‍රදේශය සදහා ජලජීවී වගා,මත්ස්‍ය සම්පත වැඩි දියුණු කිරීම, කෘෂිකර්මාන්ත, සත්ව පාලනය, සංචාරක, උසස් අධ්‍යාපන වැනි ක්ෂේත්‍රයන්හි ආයෝජන ගෙන ඒමට මෙම සමුළුව තුලින් අවධානය යොමු විය.

ප්‍රදේශයේ ආයෝජනය සදහා යොමු වී විවිධ ගැටළු හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි  ව්‍යාපෘති 27 ක් මෙම සමුළුවේදී සාකච්ඡාවට ගැනුනු අතර ඉන් වැඩි ප්‍රමානයක් සදහා විසදුම් ලබා දීමට හැකි විය.

අනාගත ගෝලීය අවශ්‍යතා හදුනාගනිමින් අපනයන වෙළද පොල ඉලක්ක කර ගත් නිෂ්පාදන කෙරේ වැඩි දිරිගැන්වීමත් මෙම සමුළුව තුලින් සිදු කරන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවශ්‍ය පහසුකම් සලසයි.වේගවත් සංවර්ධනයකට ලක්වෙමින් පවතින ආසියානු කලාපයේ වෙළද පොල වෙනුවෙන් ශ්‍රී ලාංකිකනිෂ්පාදන සදහා ඉහල ස්ථානයක් ලබා ගැනීම රජයේ අපේක්ෂාවයි.තත්වයෙන් ඉහල ගුණාත්මක නිස්පාදනයන් අපනයන වෙළද පොලට යොමු කිරීම සදහා තම අමාත්‍යාංශය සැම විටම සහාය දක්වන බවද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට නැගෙනහිර පලාත්ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී. ශ්‍රීනේෂන් ,කේ. තුරෙයිරාජසිංහම්, එස්. යෝගේෂ්වරන් මඩකලපු දිසාපතිනී පී. එස්. එම්. චාර්ල්ස් ජාත්‍යන්තර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී. එම්. අනුර ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු ඉහල පෙලේ නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– සුජිත් කොඩිතුවක්කු

9,252 Viewers

8 Comments to “යුද්ධයෙන් පසු අපේක්ෂා කල සංවර්ධනයක් ලැබී නෑ..”

  1. nima says:

    well done UNP

    • sunil perera says:

      In August, Colombo Telegraph reported how Deputy Minister of International Trade Sujeewa Senasinghe, had imported a Toyota Land Cruiser in June 2016 using his duty free permit and had immediately transferred the vehicle to a buyer by the name of Ali Akbar Salehbhai on the very same day.

  2. බනානා සුජීව says:

    නරකද මේ පැත්තේ කෙසෙල් වගාවක් කලොත් ?

  3. sam says:

    මහින්ද පරදිනකොට යුද්ධේ ඉවරවෙලා අවුරුදු පහමාරයි …. උබලා දිනලා අවුරුදු දෙකකට කිට්ටුයි …. යුද්ධේ දිනලා මහින්දට තිබුන කාලේ වගේ තුනෙන් එකකට වඩා ඉවරයි… මහින්ද කරපු වගේ 0.000001ක් තොපි කරලා තියනවද …. ඒ මිනිහට බැන බැන පලිගන්න එකයි රට පාවාදෙන එකයි දුව දුව හොරකන් කරනවා ඇරෙන්න වෙන මොනවද කරලා තියෙන්නේ … අනුන්ගේ දේවල් වලින් යැපෙන පිංගුත්තර හැත්ත …..

  4. harsha says:

    දැන් නම් රටට දොරේ ගලන සංවර්ධනය, වොක්සගන් කාර් කොම්පැනිය අවා. රටට ආයෝජකයෝ පෝලිම් ගැහිලා එනවා. ජිවන වියදම දැන් හොදටෝම පහල බැහැලා. තමුන් අර කට හැකර විදිහට tv එකට ඇවිත් කියූ හැම දේම දැන් රටේ වෙලා, රට ස්වයං පෝෂිත වෙලා, මන්ද පෝෂණය දුරු වෙලා, අනේ මගේ කට මේ හරකට

  5. Lucky M says:

    සිංහලයිනි, ලාංකිකයිනි,
    තොපිට මේ ලොව නැති හෙන ගහපිය….මේ වගේ නපුංශක කාලකන්නි තිරිසන් සත්තු ටිකක් දා ගත්තාට…