සන්නද්ධ අරගලයක් එනවා.. හවුල භයානකයි..[Video]

April 7, 2017 at 10:00 am | lanka C news
සන්නද්ධ අරගලයක් එනවා.. හවුල භයානකයි..[Video]

‘රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දෙපැත්තේ සිටිය යුතුයි. දීර්ඝකාලීනව එකට ආණ්ඩු කිරිම ඉතාම භායනකයි. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි. ජනතාව ප්‍රධාන විකල්ප දේශපාලන ධහරාවක් තිබිය යුතුයි. නැත්නම් මිනිස්සු සන්නද්ධ අරගලයට යයි. එසේ නැත්නම් උග්‍ර ජාතීවාදි, ගෝත්‍රික ආගම්වාදීන් විසින් ජනතාව බිලි ගැනිමේ අවධානමක් තිබෙනවා’ යයි ඇමති එස් බී දිසානායක මහතා ඊයේ පැවති රැස්වීමක දි ප්‍රකාශ කලේය.

එමෙන්ම ජාතික ප්‍රශ්නයක් සඳහා එකට එකතු වී ආණ්ඩුවක් හැදුවත් එය දීර්ඝකාලීන සුදුසු නැති බවත් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දෙපැත්තේ සිටිය යුතුයි යන්නත්, මේ විදියට ප්‍රධාන පක්ෂ දෙක එකතුව හැමදාම එකට ආණ්ඩු කිරිම ඉතාම භයානක බව ඔහු වැඩිදුරටත් පැවසීය.

66 views