අගැමැති FCID ලොක්කන් කැදවයි.. කමිටුවේ ප‍්‍රධානියා අනුර දිසානායක..

April 7, 2017 at 3:50 pm | lanka C news
අගැමැති FCID ලොක්කන් කැදවයි.. කමිටුවේ ප‍්‍රධානියා අනුර දිසානායක..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉහල ප‍්‍රධානීන් අරලියලහ මන්දරියට කැදවා තිබේ.

එම කොට්ඨාශයේ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් විමසීමට මෙසේ කැදවා ඇති බව සදහන්ය.

කොට්ඨාශය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගැනද මෙම හමුවේදී විමසීමට නියමිත යයිද සදහන්ය.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මෙහෙයවෙන්නේ ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතු කමිටුවක් මගින් වන අතර මේ බව රජයේ නිල පුවත් වෙබ් අඩවියද සනාථ කර ඇත.

ඒ අනුව අගමැතිවරයා විසින් කැදවා ඇති FCID ප‍්‍රධානීන්ගේ හමුව සදහා ජවිපෙ නායකයා සහභාගී වන්නේද නැද්ද යන්න මෙතෙක් වාර්තා නොවෙයි.

FCIDය මෙහෙයන්නේ ජවිපෙ නායකයාගේ නායකත්වයෙන් යුතු කමිටුවකින් බවට සදහන් රජයේ නිල පුවත් අඩවි වාර්තාව මෙතනින්

68 views
Main News