ජනාධිපති දිනාගත යුත්තේ පොහොට්ටුවේ විශ්වාසය නොව ජනතා විශ්වාසයයි…

August 1, 2022 at 6:13 am | lanka C news
ජනාධිපති දිනාගත යුත්තේ පොහොට්ටුවේ විශ්වාසය නොව ජනතා විශ්වාසයයි…

ආතර් වී. දියෙස් මහතාගේ 62 වන ගුණානුස්මරණ සැමරුම නිමිත්තෙන් අද දින කොළඹ විහාර මහා දේවී උද්‍යානයෙහි පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;

ප්‍රශ්නය :
ලිඛිත ආරාධනා කරලත් සර්ව පක්ෂ ආණ්ඩුවක් බිහි කරන්න එන්න කියලා. ඇයි ඔබතුමාලා තාම පස්ස ගහන්නේ?

නෑ. ජනාධිපතිතුමා එවලා තියෙන ලිපියේ සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරලා නෑ.19 වෙනි සංශෝධනය පදනම් කරගත් ව්‍යවස්ථ සංශෝධනයකට සහ පාර්ලිමේන්තුවේ ඉදිරියේ බිහි කරන්න යන අධීක්ෂණ කාරක සභා පිළිබඳව අපේ අදහස් විමසල තමයි ඒක එවලා තියෙන්නේ. ඉතින් ඒකට අපි පිළිතුරු එතුමාට ලබා දෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනා කරලා නැහැ. පොදු වැඩපිළිවෙලක් සඳහා මෙන්න මේ ඉහත කියපු කරුණු දෙක සම්බන්ධයෙන් අපේ අදහස තමයි යොමු කරලා තියෙන්නේ.

ප්‍රශ්නය :
ඒ කියන්නේ අඩුගානේ සර්වපාක්ෂික ආණ්ඩුවකට නීත්‍යානුකූල ඉල්ලීමක්වත් නැද්ද?

එහෙම එකක් නෙවෙයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අධීක්ෂණ කාරක සභා පිළිබඳව අපගේ අදහස් යෝජනා පක්ෂ හැටියට, පුද්ගලයෝ හැටියට ඉදිරිපත් කරන්න කියලා

ප්‍රශ්නය:

ඒ කාරණාව හරි. අඩු ම ගානේ වෙනම ලිඛිතවත් හරි, මොකක් හරි ඔෆීෂියල් ඉල්ලීමක් කරලා නැද්ද?

එහෙම එකක් තාම නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා රාජාසන කතාව ඉදිරිපත් කරලා, එතුමා කරන්න යන ආර්ථික, දේශපාලන වැඩපිළිවෙල හා ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් පිළිබඳව අදහස් ඉදිරිපත් කරයි කියලා. වැදගත්ම දේ තමයි විශ්වාසය. විශ්වාසය දිනන්න කියන එක. දැන් මේ කෙරීගෙන යන වැඩපිළිවෙල යටතේ ආණ්ඩුව කෙරෙහි ලැබෙන්නේ නෑ. මොකද රට බංකොලොත් කරපු දේශපාලකයෝ හා නිලධාරීන් ටික පැත්තක ඉන්දැද්දි මේ තරුණ සමාජ ක්‍රියාකාරිකයන් හඹා ගිහිල්ලා හදිසි නීතිය යටතේ තැනින් තැනින් ඔවුන් පැහැර ගන්න යනවා. ප්‍රශ්න කරන්න යනවා. මේවයින් විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ. රටේ ප්‍රතිරූපය තවත් ඇද වැටෙන එක විතරයි වෙන්නේ. ජනාධිපතිතුමා පළමුව පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ විශ්වාසය දිනා ගත්තත් දැන් එතුමාට රාජ්‍ය පාලනයට වැදගත් වෙන්නේ ජනතා විශ්වාසය. පොහොට්ටුව ගැන ජනතාව විශ්වාසයක් නෑ.

ප්‍රශ්නය :
ඒ කියන්නේ ඔබතුමා ඔය නොකියා කියන්නේ පොඩි කැමැත්තක් තියෙනවා නේද? සර්ව පාක්ෂිකව යන්න යම්කිසි ?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න අපි යෝජනාවක් ගෙනාවානේ. ඒ යෝජනාවට අනුව සියලුම පක්ෂ නායකයොත් එක්ක විවෘත සාකච්ඡාවකට ගිහිල්ලා ඒ වගේම අවම ආර්ථික, දේශපාලනික වැඩපිළිවෙලක් එකඟතාවය ඇති කරගෙන පාර්ලිමේන්තුවේ 224 දෙනාම අමාත්‍යාංශවලට සම්බන්ධ කරගෙන, දැන් මේ තියෙන දේශපාලන පත්වීම් වෙනුවට, අමාත්‍යාංශ ලේකම්වරු වගේම වැදගත් හැම රාජ්‍ය ආයතනයක්ම ලංකා බැංකුව, මහජන බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වගේ තැන්වල වෘත්තීය මට්ටමින් කාටත් පිළිගන්න පුළුවන් දූෂිත නොවුණු නිලධාරීන් පන්තියක් හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරලා කටයුතු කළා නම් කිසි ප්‍රශ්ණය්ක් නැහැ.

ප්‍රශ්ණය:

ඒ කියන්නේ ඔබතුමා නිල ඉල්ලීමක් බලාපොරොත්තු වෙනවා එන්න කියලා?

නැහැ නිල ඉල්ලීමක් නැහැ. අපි මේක දැනුම් දීලා තියෙන්නේ ලිඛිතවත්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රාජාසන කතාවෙන් පස්සේ ජනාධිපතිතුමා පියවර ගනී කියලා. ඉතින් පියවර ගැනීම එතුමාගේ වගකීම.

ආතර් වී. දියෙස් ගුණ සැමරුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සැමරුම් උත්සවයේ සංවිධායකයෙක් වන 43 සේනාංක මැදකොළඹ ආසන සම්බන්ධීකාරක සචිත් රණසිංහ මහතා;

“අපේ බලාපොරොත්තුව අද පවතින, ඉදිරියේදී උග්‍රවීමට නියමිත ආහාර අර්බුදයට පිළියමක් ලෙසින්, කොළඹ නගරය පුරාවට කොස් ගස් දහසක් සිටුවීම. කොළඹ කියන්නේ තියෙන සුන්දරත්වය ඒ ආකාරයෙන්ම තියෙන තත්ත්වයක් නැති ස්ථානයක්. කොළඹ ලස්සන වුණාට, කොළඹ ජීවත්වෙන මිනිස්සුන්ගේ, එදිනෙදා ජීවිතය, ආහාරපාන සපයා ගැනීම පවා ඉතාමත් දුෂ්කරයි. තුන් වේල කාපු මිනිස්සු, දෙවේලක් කන තත්වයට පත්වෙලා තියෙනවා. ඊගාව ආහාර වේල කොහොමද සපයාගන්නේ කියන ප්‍රශ්ණය මතුවෙලා තියෙනවා. අපි කල්පනා කළා මේ වෙනුවෙන් කුමක් හෝ කළ යුතුයි කියලා. ඉතින් අපි කොළඹ නගරය පුරාවටම ජනාවාස ඇති ස්ථානවල ඉඩකඩ ඇති ස්ථානවල, පොදු ස්ථානවල පාරේ පදික වේදිකාවේ පවා කොළඹ නගර සභාවත් එක්ක අපි කොළඹ පන්නරයෙන් කොස් ගස් දහසක් සිටුවීමේ කටයුත්ත සූදානම් කරන්න. ඉතින් හෙට දිනයේ පටන් මේ ඉතිරි මාස 5 පුරාවට, මේ ප්‍රදේශවල කොස් ගස් දහසක් සිටීමේ කටයුත්ත අපි යථාර්තයක් බවට පත් කරනවා. ඉතින් අපි සියලුම දෙනාට ආරාධනා කරනවා. කොළඹ පන්නරය සමඟ මෙම කොස් ගස් සිටුවීමේ කටයුත්ත සාර්ථක කරගන්නට අපිත් සමඟ එකතු වෙන්න කියා. අපි මේ හිටවන්නෙම හොරෙන් කඩාගෙන කන්න. කිසිවෙක් කිසිම දෙයක් කරන්නේ නෑ තව කෙනෙක්ට හොරෙන් කඩාගෙන කන්න. නමුත් අපි මේ හිටවන්නේ බඩගින්නේ සිටින මිනිසුන්ට, කුසගින්නේ සිටින මිනිසුන්ට ආහාරයක් වෙනුවෙන් හොරෙන් කඩන් කන්න කොස් ගහක් හිටවන්නේ. ඉතින් මේ පුණ්‍යකර්මයට ඔබත් දායක වන ලෙස අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් එකතුවෙමු සියලුම දෙනාත් සමගින් කොළඹ පොළොවට කොස් ගස් දහසක් සිටුවීමට.”

– Media unit

16,602 views

9 Comments to “ජනාධිපති දිනාගත යුත්තේ පොහොට්ටුවේ විශ්වාසය නොව ජනතා විශ්වාසයයි…”

  1. රට විකුනන්න පෙරමුන අරන් ඉන්න පට්ටපල් හොරෙක්. මුන්ගේ පස්සේ යන එවුන් ඝැන කනගාටුයි. සුදු ඇන්දාට ඇතුලාන්තය තනිකර කලුපාටයි.

  2. මානසික රෝගියන් ගේ සංසදය (MRS) says:

    අපගේ පරමාර්ථය වන්නේ කොලබ දිස්ට්රිකයේ දරුණු ගනයේ සමාජ ගත වෙලා ඉන්න මානසික රෝගීන් අල්ලා පුනරුත්ථාපනය කිරීම. උස කෙට්ටු ජාතික අඩුම ඇදගෙන මනෝ විකාර දොදොන මසිකරෝගියෙක් ඉන්නාවා අල්ලන්දම ඕනෑ

    • මාඕල්පේ සෝබිහිත-යා says:

      මල්ලිලා එනද ගනු හොරල අල්ලන්ඩ, මම NGO කරය හින්ද මට නම් ගනු එකසිය ගානට,
      හා හා මැණිකේ මගේ හිතේ
      හා හා මැණිකේ මගේ හිතේ
      හා හා මැණිකේ මගේ හිතේ

  3. NSK says:

    වැඩේ හොදයි. ගොඩක් වටිනවා. ඒත් කොස් ගෙඩියක් හැදෙන්න යන කාලය හා ඉදිරියට එන ආහාර අර්බුදය අතර සමසම්බන්ධතාව ?

  4. Wickrama says:

    බුද්ධිමතෙක් කියල හිතුවට තනි අම්බරුවෙක් නේ
    මිනිසුන්ට කන්න නෑ කියල පදික වේදිකා වල කොස් ගස් හිටවපුවම මිනිස්සු යන්නෙ කොහෙද ?
    යකෝ කොස් ගස් හිටවන්න වෙන ඕන තරම් තැන් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කය පුරාම . මුට මේ තියෙන්නෙ රාජපක්ෂලා කොළඹ ලස්සන කරපු එකේ ඉරිසියාව .

  5. JR says:

    මූට මස් කට්ටක් නැතුව උඩුබුරනවා… ජනතාව දිනා ගැනීමට කල යුත්තේ අරගල මර්දනය කිරීමයි..

  6. Sam Fernando says:

    පලයං බූරුවො යන්න. පුළුවන් තරම් ගසාකාලා අනුන්ගේ ගෑනු පස්සෙ ගිහිල්ලා දැන් එනවා මෙතන බණ කියන්න. තොපිලා තමයි මේ රට කෑවේ. කට වහගෙන වැඩක් බලාගනින්.

  7. සෙරෙප්පු සුප්. says:

    රටේ ආර්ථික අහේනියට වග කිව යුතු තවත් හොර උපාසකයෙක්.හැබැයි කථා කරන්නෙ මේ රටේ නොඋන්න ගාණට​.හොරකම නියපොත්තෙ ඉඳල කෙස් ගස දක්වාම​.ඒ මදිවට කොළඹ කොස් ගස් හිටෝනවලු මිනිස්සුන්ට හොරෙන් කන්න​.අහිංසක මිනිස්සුන්ට හොරකම උගන්නන 43 සේනාංකාධිපති නොහොත් උපාසක බළල​.මෙයාගෙ අග්‍ර පුරෝහිත සිංහල බෞද්ධ ජන සමාජෙ ඉවරයි කියපු ඩොලර් අශෝභිත​.මුන් එක්ක රටක් හදන්න පුළුවන්ද බොලව්.මුන් පට්ට ඩීල් කාරයො.

  8. madu says:

    weerawansayata A/L wath nethi eke engineering patta meetarekata eerisiya karana eka anthima sadaranai..Loka bankuwe plug eka saffi ge puke gahanda giya kollone

Main News