අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන.. හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා…

August 2, 2022 at 9:20 am | lanka C news
අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන.. හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා…

වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ ගාලු මුවදොර අරගලයට සහය දක්වමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරක මෙහෙයුමක් කළ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඇය විසින් kayzfra5er නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හා ෆේස්බුක් ගිණුමක් මගින් අරගල භූමිය ඇතුළු ප්‍රදේශවල සැරිසරමින් වීඩියෝ ප්‍රචාරය කර ඇතැයි දැනට හෙළි වී ඇත.

අරගලකරුවන්ගේ හිසට ආරක්ෂක අංශ පිස්තෝල එල්ල කරන බව කියා හඬා වැටෙමින්, බත්තරමුල්ලේ හමුදා කඳවුරු පද්ධතිය මෙවැනි රටකට අවශ්‍ය නොවන බවත්, රට වෙනස් කිරීමට එකතුවන ලෙසත් බටහිර රටවලට කියමින් මෙම ප්‍රචාරය කර තිබේ.

තෙරපිවරියක් ලෙස වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ 2019 අගෝස්තු 14 දා සිට මෙම බ්‍රිතාන්‍ය කත වීසා දිගු කරමින් මීගමුව හා මාලබේ රැඳී සිටින බවත් හෙළි වී තිබේ.

වීසා කොන්දේසි උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම ගැන ඇයට විරුද්ධව විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත්, තවදුරටත් වීසා දීර්ඝ කිරීම ගැන විමර්ශනය අනුව තීරණය කරන බවත් ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි පැවසීය.

– අරුණ

58,125 views

61 Comments to “අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන.. හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා…”

  1. විද්‍යාත්මකවremu says:

    මං දැක්කා එයාව අල්ජසිරාවේ ඒ එක්කම ලයිව් ඉන්නවා

  2. See how deep the conspiracy of destabilizing our nation is… and the conspirators’grudge against the Rajapaksas who defeated ltte terrorism… beginning from the Swiss embassy “naadagama”,up to the political instability mess we’ve recently got into, how nasty are those conspirators? HOW DARE this foriegn fellow meddle into SL’s problems?

  3. MD says:

    රනිල් මැතිඳුනි මේ ගෑනිව ඇරස්ට් කරන්න. අපි ඔබතුමා සමගයි.

  4. සම්පත් says:

    මේකිට කොටි සල්ලි දෙනවා ඇති ෂූවර් එකට. වීසා තහනම් කරලා රටින් එළවන්න තියෙන්නේ.

  5. JS says:

    සිරසේ ගෝල්පේස් එකේ ඉදන් බොරැ වපුරපු එවුන් ගැන මොනවත් කරන්නේ නැද්ද????????

  6. vis8 says:

    Another sad soul who has been brainwashed and funded by the ltte diaspora. Homegrown terrorism is on the rise. Sri Lanka better watch out.

  7. Choppe says:

    මේව නිකං වචන විතරයි.
    මේ යකාගෙ දීනත්වය තාම එහෙමමයි.
    බූරුව quote කරනව Kipling!
    මේ ලෝක ඉතිහාසයේම හිටපු යටත්විජිතවාදයේ පලවෙනි දඩබල්ලා.
    අනේ අම්මප!

  8. aanamaduwe maanavadu says:

    ara aragala boomiye hitiya ho hitapu dambaane veddanta kiwwoth unge ali paivalin hukalaama mekiwa ivarakor
    athi. untath unge kalu poluwalin sudu kimbata daana eke aathal eka. mama hithanne hondama vikalpaya mekai.

Leave a Comment

Main News