හිටපු ඇමතිගේ ගේ කඩා ලක්ෂ 160ට වැඩි රන්, මුදල් කොල්ල කති… සෙප්පුව ලක්‍ෂ 25යි…

August 4, 2022 at 3:17 am | lanka C news
හිටපු ඇමතිගේ ගේ කඩා ලක්ෂ 160ට වැඩි රන්, මුදල් කොල්ල කති… සෙප්පුව ලක්‍ෂ 25යි…

මුස්ලිම් කොංග්‍රසයේ හිටපු (නැසිගිය) ඇමතිවරයකු වන නුර්දින් මෂූර් මහතාට අයත් පුත්තලම නාගවිල්ලව ප්‍ර ‍ෙද්ශයේ සුවිසල් නිවසට ඇතුළු වි රුපියල් ලක්ෂ 160 ට අධික රන්,මුදල් හා අනිකුත් දෑ සොරා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය (3) පැවසිය.

නුර්දින් මසුර් මහතා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ජනප්‍රිය දේශපාලඥයකු ද විය. ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වසර 10 කට පමණ පෙර මරණයට පත්වී තිබේ.

හිටපු ඇමතිවරයා ව්‍යාපාරිකයකු වු අතර ඔහුට හිමි ව්‍යාපාර රැසක් මෙරට හා විදේශයෙහි තිබු බව පොලිසිය කියයි.

ඇමතිවරයාගේ මරණින් පසු ඔහුගේ බිරිය අදාල නිවසේ රැදි සිටි අතර එම නිවසට ඇය දින කිපවක් නොමැති අවස්ථාවකදි මෙම සොර කණ්ඩායම කඩා වැදි එහි තිබු රන් හා මුදල් සොරා ගෙන ඇති බව කියයි.

එසේම අදාල රන් හා අනිකුත් භාණ්ඩවලට අමතරව නිවසේ තිබූ රුපියල් තුන් ලක්ෂ හැට දහසක මුදලක් ද මෙහිදී සොරා ගෙන ඇති අතර එම මුදල් තැන්පත් කර තිබු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා සේප්පුව කඩා දැමීමට උත්සාහ කිරීම හේතුවෙන් එයට දැඩි අලාහානි සිදු වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

නාගාගවිල්ලුව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 22 ත් 30 ක් අතර තරුණයන් දස දෙනෙකු පමණ මෙම සොරකමට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වෙනවිට ප්‍ර දේශයෙන් පලාගොස් ඇති බව ද විමර්ශන කටයුතු වලදී හෙළි වී තිබේ.

කෙසේ වෙතත් පෞද්ගලික තොරතුරුකරුවන්ගෙන් ලැබූ තොරතුරු මත සොරාගත් භාණ්ඩවලින් කොටසක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව සඳහන් වේ.

මෙම සැකකරුවන් කීපදෙනෙක් මත්ද්ර ව්ය වලට ඇබ්බැහි වූවන් බවද ප්‍ර දේශවාසීහු කියති.

– Lankadeepa

30,214 views

12 Comments to “හිටපු ඇමතිගේ ගේ කඩා ලක්ෂ 160ට වැඩි රන්, මුදල් කොල්ල කති… සෙප්පුව ලක්‍ෂ 25යි…”

  1. ලප කුමාර says:

    කමක් නෑ. අමාරු කාලෙ ඉන්ස අල්ලා.

  2. me sunakayo mona tharam kolla kanawada horakam allas gannawada 226 denama me wage para horu duuuusithayo thama

    • RAW Agent says:

      ඒ මිනිහා විදේශ වල පවා ව්‍යාපාර තිබුණ කෙනෙක් බව ප්‍රවෘත්තියේ තිබෙනවා දුටුවේ නැද්ද?
      සෑම කෙනෙක්ම තමන් වගේම හොරෙක් හෝ හිඟන්නෙක් කියා හිතීම මානසික රෝගයක්.

  3. Gamini says:

    Shoi horakapu salli thawat horak gathama Moko

    • RAW Agent says:

      ඒ මිනිහා විදේශ වල පවා ව්‍යාපාර තිබුණ කෙනෙක් බව ප්‍රවෘත්තියේ තිබෙනවා දුටුවේ නැද්ද?
      සෑම කෙනෙක්ම තමන් වගේම හොරෙක් හෝ හිඟන්නෙක් කියා හිතීම මානසික රෝගයක්.

  4. වැඩිය කඩන නරක ලමඊ නෙමේ අපි says:

    GU-VP අරගලේ ඉන්නේ හොද ලමඊ, ඒගොල්ලෝ කුඩු ගහන්නේ, Ice ගහන්නේ , සුස්ති ගහන්නේ, ගෙවල්/මන්දිර කඩන්නේ , හොරකම් කරන්නේ නෑ, නැද්ද මන් අහන්නේ අම්මපා

  5. දැවෙන පුස්න says:

    “නිවසේ තිබූ රුපියල් තුන් ලක්ෂ හැට දහසක මුදලක් ද මෙහිදී සොරා ගෙන ඇති අතර එම මුදල් තැන්පත් කර තිබු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා සේප්පුව කඩා දැමීමට උත්සාහ කිරීම හේතුවෙන් එයට දැඩි අලාහානි සිදු වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.”
    ඒ කියන්නේ සේප්පුව කඩලා නැදද්?
    එහෙමනම් සල්ලි ගත්තේ කොහොමද?
    දැවෙන පුස්න ???

  6. Fizal says:

    No problem guys,
    Were did he get this money,
    Sinhala , muslim, Tamil desert matter all the politions ate correpted ,
    These are not hard earn money
    If they are it must be in the Bank.

  7. කුඩම්මාගේ මිනිහා says:

    අහන්න දෙයක් නැහැ අරගල කාලකන්නි ගේම දෙන්න ඇති. රනිල් ආවට පස්සේ මුන්ට ගෙවල් පුච්චලා මංකොල්ල කන්න බැරිව දුකෙන් හිටියේ. දැන් දෙමළ ඩයස්පෝරාවේ සල්ලි ලැබෙන්නේ නැහැ නේ. උන්ට ඕනෑ කරන දේ සිංහල කොටියන් ඕනෑවටත් වඩා හොඳින් කරලා දුන්නා නේ.ජෙප්පන් රැල සහ කතෝලික පල්ලිය කොන්ත්‍රාත් එක සංවිධානය කරා.

  8. Gota go says:

    උන්ඞ්ල් හාවාලා වලට බේරන්ඩ තිබ්බ මුදල්

Leave a Comment

Main News