සර්ව පාක්‍ෂික ආණ්ඩුවට චම්පික සූදානම්..

August 7, 2022 at 6:20 am | lanka C news
සර්ව පාක්‍ෂික ආණ්ඩුවට චම්පික සූදානම්..

සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් සඳහා එක්වන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත එවන ලද ලිපියට පිළිතුරක් වශයෙන් අප සංවිධානය විසින් 2022 ජුලි 31 වන දින ජනාධිපතිවරයාට යවන ලද ලිපියට අදාළව සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් කරන ලද ආරාධනය අනුව එම සාකච්ඡාව 2022 අගෝස්තු මස 05 වන දින පස්වරුවේ දී ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලදී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජය පාර්ශ්වයෙන් සහභාගී වූ අතර 43 සේනාංකය පාර්ශ්වයෙන් එහි නායක පාඨලී චම්පික රණවක, කරු පරණවිතාන, සුමේධ රත්නායක, අජිත් අමරසිංහ සහ තීක්ෂණ ගම්මන්පිල යන නියෝජිතයෝ සහභාගී වූහ.

කවර වැඩ පිළිවෙලක් අනුගමනය කිරීමට වුව පෙර අරගලකරුවන් ඉලක්ක කරගෙන යමින් කෙරෙන්නා වූ අත්අඩංගුවට ගැනීමි ඇතුලු මර්දන ක්‍රියා වහා නවතා දැමීමේ අවශ්‍යතාව 43 සේනාංකය විසින් අවධාරණය කළ අතර, පොදු මහජන සටනක නියැලුන අරගලකරුවන් අතින් කිසියම් නීතිය පිළිවෙල බිඳවැටීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ සියලු දෙනාට පොදු සමාවක් දී සංහිඳියාවක් ඇතිකර ගැනීම සුදුසු බව අප සංවිධානය විසින් යෝජනා කරන ලදී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් සිය මූලික එකඟතාව පළ ක⁣රමින් එවැන්නක් සඳහා කටයුතු කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳ තම අවධානය යොමු කරනා බව ප්‍රකාශ කළේය.

එසේම ජනාධිපතිවරයාගේ රාජාසන කතාවත් ,අප සංවිධානය විසින් මෙම අර්බුදය ඇති වූ වකවානුවේ පටන්ම ඉදිරිපත් කරමින් සිටින යෝජනා ද කෙරෙහි අවධාරණය කරමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, එම ආණ්ඩුව මෙහෙයවීම සඳහා පක්ෂ හා කණ්ඩායම් වල නායකයන්ගෙන් සැදි ජාතික විධායක සභාවක් පිහිටුවීම, පාර්ලිමේන්තු තුළ සැමටම ආණ්ඩුකරණයට දායක විය හැකි කමිටු ක්‍රමයක් පිහිටු වීම, 22වන සංශෝධනය සම්මත කර ගැනීම, ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පොදු අවම වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් අප විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූයේ සුබවාදී ප්‍රතිචාරයකි. අනෙකුත් පක්ෂ සමග ද සාකච්ඡා කර මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් සකසා ගැනීම අරමුණු කරගත් සියලු පාර්ශ්ව සහභාගී වන තවත් සාකච්ඡාවක් කඩිනමින් සංවිධානය කරන බව වික්‍රමසිංහ මහතා දන්වා සිටියේය.

– Media unit

10,170 views

8 Comments to “සර්ව පාක්‍ෂික ආණ්ඩුවට චම්පික සූදානම්..”

  1. රංජිත් says:

    මේ යකා ජීවිත කාලෙම කළේ පැන පැන හිටපු එක විතරයි. මුලින් ජාතිය ආගම විකුණුවා, මුස්ලිම් විරෝධය විකුණුවා. ඊට පස්සේ මහින්දගේ කරේ එල්ලුණා, ඊට පස්සේ රනිල්ගේ, ඊලගට මෛත්‍රීගේ. දැන් යන්න තැනක් නැති ව මෝඩයෝ දහයක් පහළොවක් එකතු කරගෙන 43 කියලා මගුලක් හදාගෙන

  2. JR says:

    ඒකටත් කණකොකා තමයි එහෙනං.. මූ ආවොත් අබසරණයි..

  3. අරුණ කුමාර says:

    ඔබ නම් නියම අවස්ථා වාදියෙක්. ඒත් මේ වෙලාවේ ඒකත් වටිනවා. පෙළක් වෙලාවට නයි පොළොන්ගුන්ටත් එකට එකතු වෙන්න වෙනව නෙව. අපේ ජාතික අදායම (now US$ 3800) අවුරුදු පහකින් ලක්ෂ පනස්පහ (US$ 20,000 wen adjusted for ex rate fluctuations) කරනවා කියන පොන්සේකා නම් අමු හරකෙක්.

  4. Janka says:

    පොදු සමා දුන්නොත් අනිවාර්යෙන් මේ අවනීතිය දිගටම ගෙනියනවා .දැනටත් කොල්ලො කෙල්ලෝ පමණක් නෙවෙයි නාකි කොන්ඩේ වවාගත් උන් පොලිසියට බය නෑ නීතිය තකන්නේ නෑ

  5. ජනජය says:

    බොලට එන්න කිව්වද…නැත්නං වෙලාවක් ඉල්ලගෙන ගිහින් හම්බ උනාද ?…

  6. JSP Leader says:

    අනේ my3 (මෛතුන) ට මොනවා වෙයි ද? යහපාලනය දූෂණය කිරීමේ සහ රාජපක්ෂලාට 69 ලක්ෂයක් ලබාදීමේ පුරෝගාමියා ඔහුයි.

  7. දේවක says:

    43 වෙනි සේනාංකය සමග කතා කිරීමට පෙර, 1 වෙනි සේනාංකයේ සිට 42 වෙනි සේනාංකය දක්වා වූ සේනාංක සමග සාකච්චා කලාද?

  8. දූශිතයන්ට වටළා වහාම දඪුවම් දෙනු,.! says:

    රාඡපකශ ඇතුළු ලංකා රාඡයට වංචාකරනාළද දෙස් විදෙස් සමස්ථ දූශිතයන්ට වටළා වහාම දඪුවම් දෙනු,.!
    රාඡපකශ ඇතුළු ලංකා රාඡයට වංචාකරනාළද දෙස් විදෙස් දූශිතයන්ගේ වංචාකරනා ළද සමස්ථ මුදල් වහාම භාන්ඩාගාරයට ප්‍රතිපූර්ණය කිරීමේ කටයුතු සත්‍යවාදීලෙස ආරම්භ කරනු,.!

Main News