යතුරුපැදියෙන් හොරෙන් ඉන්ධන අදිද්දි ගිනිගනියි.. හොරාත් පිච්චෙයි..

August 11, 2022 at 4:40 pm | lanka C news
යතුරුපැදියෙන් හොරෙන් ඉන්ධන අදිද්දි ගිනිගනියි.. හොරාත් පිච්චෙයි..

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් බලප්‍රදේශයේ විශ්වපුරම් වල්ලවපුරම් ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ පුද්ගලයෙකු නිවසකට ඇතුල්වී යතුරුපැදියකින් ඉන්ධන ගනිමින් සිටියදී එකවරම ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් අදලා සැකකරු පිලිසුම් තුවාල ලබා සිටියදී ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.

වල්ලවපුරම් ග්‍රාමයේ පිහිටි නිවසකට අදාල සැකකරු විසින් රාත්‍රියේ ඇතුලු වී නිවස තුල නවතා තිබූ යතුරුපැදියෙන් පෙට්ට්‍රොල් බටයක් ආධාරයෙන් ගනිමින් සිට ඇත. සැකකරු විසින් කලුවර නිසා යම් එලියක් ලබාගැනීමට ගිනිපෙට්ටියකින් ගිනිකූරක් දැල්වීමට උත්සහ ගැනීමේදී එකවරම සැකකරු විසින් යතුරුපැදියෙන් ගෙන තිබූ පෙට්‍රෝල් තොගයට ගිනිගැනීමත් සමග යතුරුපැදියටද ගිනිගෙන ඇත.

අනතුරුව සැකකරුගේද පාදයකට පෙට්‍රල් වැටීමෙන් පාදයක්ද පිලිස්සීමෙන් බිය වී අසල කැලයකට දිව යන අවස්ථාවේදී අසල්වාසීන් සැකකරු දිවයන අයුරු දැක යතුරුපැදියේ ගින්නද නිවා සැකකරු සැඟවූනු කැලයේ සිදුකරන ලද සෝදිසියකින් පසුව සැඟවී සිටි සැකකරු අල්ලාගැනීමට හැකිව තිබේ.

ගිනිගැනීමෙන් යතුරුපැදියටද හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් විසින් අදාල සැකකාර තරුණයා අල්ලා පොලීසියට බාරදුන් සැකකාර තරුණයාගේ පිලිස්සුනු පාදයට ප්‍රතිකාර කරවීමෙන් පසුව ඔහු මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට අද (11) දින ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබීය.

අදාල සැකකාර තරුණයා පිළිබඳව මීට පෙරද ප්‍රදේශයේ සොරකම් පිළිබඳව පැමිණිළි ලැබී ඇතැයිද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

36,616 views
Main News