චීන නැව නවත්වන්නැයි ඇමරිකා හා ඉන්දියානු තානාපතිලාගෙන් දැඩි බලපෑම්… දැන් චීන නැවට ආපසු හැරෙන්න බෑ…

August 12, 2022 at 6:22 am | lanka C news
චීන නැව නවත්වන්නැයි ඇමරිකා හා ඉන්දියානු තානාපතිලාගෙන් දැඩි බලපෑම්… දැන් චීන නැවට ආපසු හැරෙන්න බෑ…

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවෙදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා – චීන සබඳතා රැකගනිමු!

ශ්‍රී ලංකාව අද පවතින ගැඹුරු ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය තුළ විදේශ ප්‍රතිපත්තිය සංවේදීව හා නිවැරදිව කළමනාකරණය කිරීම කොපමණ වැදගත් ද, යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

2022 අගෝස්තු 05 වැනිදා විදේශ අමාත්‍යාංශය විසින් කොළඹ චීන තානාපති කාර්යාලය වෙත යැවුණු ලිපියක් මගින් දන්වා තිබුණේ,

01. චීනයේ යුආන් වැංග් 05 (Yuan Wang 5) නැමති පර්යේෂණ නෞකාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසරය 2022 ජූලි 12 වැනිදා ලබාදුන් බවත්,

02. එහෙත්, මෙම කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන තුරු හම්බන්තොට වරායට එම නැව ඇතුළු කිරීම පමා කරන ලෙසත් ය.

ශ්‍රී ලංකා වරායන් වෙත මෙන්ම, ඒකාබද්ධ යුද අභ්‍යාස සඳහා ද, අන්රටවලට අයත් යුද නෞකා මෙරටට පැමිණෙති. මෙසේ මෙරටට වැඩි වශයෙන්ම පැමිණෙන්නේ එක්සත් ජනපදයට අයත් යුද නෞකාවන්ය. ප්‍රංශයට, ඉන්දියාවට හා වෙනත් රටවලට අයත් නෞකා ද විටින්විට පැමිණ ඇත.

මෙම නෞකාව මගින් ඉන්දියාවේ සංවේදී තොරතුරු රැස්කරගැනීමට හැකි බැවින් හම්බන්තොට වරායට ඇතුළුවීමට එයට අවසර නොදෙන ලෙස බලපෑම් සිදුව ඇති බව දැන ගන්නට ඇත. එම නැවට ඉන්දියාවේ තොරතුරු රැස්කරගැනීමේ හැකියාව තිබේනම් ඒ සඳහා හම්බන්තොට වරායට ඇතුළුවීමට අවශ්‍ය නොවේ. අනෙක් අතට ජූලි 12 වැනිදා ලබාදුන් අවසරය මත ලංකාවට යාත්‍රා කරමින් තිබෙන නෞකාවට දැන් හදිසියේ ආපසු හැරෙන්නට ද නොහැක.

චීන නෞකාව මෙරටට පැමිණීම වළක්වන ලෙස ඉල්ලා ඉන්දියානු හා ඇමරිකානු තානාපති අංශ විසින් රජයට දැඩි බලපෑමක් එල්ල කළ බව ද පැවසේ. චීන පර්යේෂණ නෞකාව සමිබන්ධ සිද්ධියේදී පැහැදිලි වන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් අපගේ විදේශ ප්‍රතිපත්තියට කොතරම් ඇඟිලි ගසන්නේ ද යන කරුණයි. අපගේ විදේශ ප්‍රතිප්තිය සැකසෙන්නේ රටේ උවමනාවන්ට වඩා විදේශ උවමනාවන්ට බව මින් ගම්‍ය වේ.

ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දෙන්නේ චීනය හා ඉන්දියාවයි. ඉන්දියාව සමග මෙන්ම, චීනය සමඟ අනවබෝධතා, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ විරසක වීම්, අප රටට ඔරොත්තු නොදේ.

මතුව ඇති තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන ලෙස අධිරාජ්‍ය විරෝධී සියලු දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටින අප පක්ෂ එකමුතුව, අන් රටවල් සමඟ පවත්නා සබඳතා, ශ්‍රී ලංකා – චීන සබඳතාවලට හානි නොවන ආකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයට බලකර සිටින අතර අවසර ලබාදී ඇති පරිදි එම ‍නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවශ්‍ය පියවර ගන්නා ‍ලෙස ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා – චීන ජනතාවන් අතර පවත්නා ශතවර්ෂ ගණනාවක් ඈතට දිවෙන සබඳතා රැකගෙන, ද්වීපාර්ශවීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් මතුව ඇති ගැටළුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙසට රජයට අපි බලකර සිටිමු.

විමල් වීරවංශ – නායක
ජාතික නිදහස් පෙරමුණ

වාසුදේව නානායක්කාර – ප්‍රධාන ලේකම්
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

ජී. වීරසිංහ – ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

තිස්ස විතාරණ – ප්‍රධාන ලේකම්
ලංකා සම සමාජ පක්ෂය

උදය ගම්මන්පිල – නායක
පිවිතුරු හෙළ උරුමය

අසංක නවරත්න – ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා මහජන පක්ෂය

පූජ්‍ය අතුරලියේ රතන හිමි – නායක
විජය ධරණී ජාතික සභාව

ගෙවිඳු කුමාරතුංග – සභාපති
යුතුකම ජාතික සංවිධානය

64,077 views

17 Comments to “චීන නැව නවත්වන්නැයි ඇමරිකා හා ඉන්දියානු තානාපතිලාගෙන් දැඩි බලපෑම්… දැන් චීන නැවට ආපසු හැරෙන්න බෑ…”

  1. NAK says:

    ඉන‍් දියාවෙ මෙම ක්‍රියා පිලිවෙත ඉතා පිළිකුල‍් සහ නින‍් දා සහගතයි. ඉන‍් දයාව තම ජාතික අරක‍් ෂාව වෙනුවෙන‍් ශ්‍රි ලංකාව බිලිදිම කෙසෙවත‍් අනුමත කල නොහ‍ැකි ලජ‍් ජා සහගත ක්‍රියාවකි.

  2. අකුලාගෙන ගිය අරගලය says:

    ගත් කරු සක්කිලි රොඩී වෙල් විධානේ ලාගේ නවතම ප්‍රබන්ද පුස්තකය “අකුලාගෙන ගිය අරගලය” කිවන රස විදින්න
    අනුග්‍රහය
    ගු-VP වැද්දා NGO LTD

  3. GIJOE Major Matt Mason says:

    Stop the Cobra Ship immediately.
    That’s an order !

  4. එක රටක් එක නීතියක් says:

    ඉන්දියාව හැමදාම කලේ වංචාකාරී වැඩ මිසක් සාධාරණ දේවල් නොවේ. ඉන්දියාවේ අරමුණ වී ඇත්තේ ලන්කාවෙ දියුණුව අන්තිමටම පහතට දමා ඔවුන්ගේම ප්‍රාන්තයක් විදිහට පවත්වාගෙන යාමයි. මේකට උල්පන්දම් දෙන්නේ ඇමරිකාව ඇතුලු බටහිර බෙදුම්වාදී රටවල් නිසා ලන්කාව අන්ත අසරණ වී ඇත. ඇමරිකන් විරෝධී ආන්ඩුවක් ඉන්දියාවේ ඇති වූ දිනක ලන්කාව දියුණු වනු ඇත. අපේ පාර්ලිමේන්තුවේ මොන එකා ආවා උනත් ඉන්දියාව කියන විදියට මයි ඉන්න වෙන්නේ. කවුරු කොයිකාලෙ ජනාධිපති කමට පත් කරනවා දැයි තීන්දුව ගන්නේ ඉන්දියාව වේ.

  5. athula says:

    යකෝ ඒක උන්ගේ වරාය… උන්ට ඒක වෙන්දේසි කරපු එකා තමයි දැන් රටේ නායකයා… කාගෙන් අහන්න ඕනෙද උන්ගේ වරායට එන්න ? ඕක තමයි අපි කියන්නෙ රට විකුනන්න එපා කියලා.. දැන් කවුද මේ ස්වාදීන එකමුතුව

  6. JR says:

    චීන නැවට එන්ඩ බැරි වුනොත් එ්කෙ තියන ඇන්ටනා ටික ගලවල ගෙනත් මන්නාරමේ ස්ථානගත කරන්නයි තියෙන්නෙ. එතකොට ආය නැවු එන්නෙත් නැතුවම ඉන්දියාවෙ සංවේදී රහස් අවයව වල තොරතුරු බලා ගතෑකිනෙ..

Main News