අපි බයි-ටොයි සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදනවා.. හෙල්මට් දාපු ගෝපයියන් දැන් හෙලිවෙනවා..- ප‍්‍රසන්න..

August 12, 2022 at 3:50 pm | lanka C news
අපි බයි-ටොයි සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදනවා.. හෙල්මට් දාපු ගෝපයියන් දැන් හෙලිවෙනවා..- ප‍්‍රසන්න..

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුව අමතමින් මෙම අදහස් පළ කළේය.

ගරු ජනාධිපතිතුමා පහුගිය තුන්වෙනිදා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අපි පහුගිය 09 වැනිදා 10 වැනිදා අද තුන් වෙනි දවසටත් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවල දී වැරදි හැමෝම කතා කරන්නේ අපි අවංක වෙමු. අපි විවෘතව කටයුතු කරමු, අපි එක්කහු වෙලා සියලු පක්ෂ එකතු වෙලා ආණ්ඩුව හදමු කියලා. අපි අද ගොඩක් කතා කරනවා හැබැයි අවංකව මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න අපි උත්සාහ කරන්නෙ ඒ සඳහා අවශ්‍ය පසුබිම ජනාධිපතිතුමා අගමැතිතුමා මේ වෙනකොටත් හදලා තියෙනවා. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සාරාංශය ගත්තම ප්‍රධාන කාරණා 50 ක් මූලික කරගෙන එතුමා රටට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනවා. මෙහි මූලික පදනම වී තිබෙන්නේ වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය මත උද්ගතව ඇති සාමාජීය ගැටලුවලට විසඳුම් ලබා දෙන්න තමයි මේක අරමුණු කරන්නේ. විශේෂයෙන් ම විදුලි කප්පාදුව අවම කිරීම, පොහොර හිඟය විසඳීම, ජීවන වියදම, ගෑස්, ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට මෙම වැඩපිලිවෙලේ ප්‍රමුඛතාවය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ ගැටලු විසඳීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් මේ මඟින් ඉදිරිපත් කරලා තිබෙනවා.

රටේ අපනයන ආදායම හා විදේශ ප්‍රේෂණයන්ට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමටත් අපනයන ආර්ථිකය ශක්තිමත් කිරිමට අවශ්‍ය ප්‍රතිපත්ති නව නීති රීති සම්පාදනයටත් මෙහි දී විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කිරිමටත්, සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමටත්, මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අවධානය යොමු කරලා තියෙනවා.  පවතින ආර්ථික අස්ථාවරභාවයෙන් මේ රට ගොඩ නඟන්නට නම් රට තුළ දේශපාලන ස්ථාවරයක් ඇති විය යුතු යි. රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙලා, ස්ථාවර ආණ්ඩුවක් බිහි වුණොත් විතරයි අපිට මේ තියෙන අර්බුධවලින් ගොඩ එන්න ජාත්‍යන්තර වශයෙන් උදව් ලබාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ජනාධිපතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එහෙම නැත්තම් සර්ව පාක්ෂික පාලන ක්‍රමයක් බිහි කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂ සමඟ මේ වෙනකොට සාකච්ජා ආරම්භ කරලා තියෙනවා. මේ සර්ව පාක්ෂික ආණ්ඩුව එහෙමත් නැත්තම් සර්ව පාක්ෂික පාලන ක්‍රමය ආර්ථික අර්බුධයෙන් මේ රට ගොඩ ගැනීම සඳහා ජනතාවගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක්.

රටේ ජනතාව කියන්නෙ “දැන්වත් එකතු වෙලා රට හදන්න කියලා.” පොහොට්ටුව පක්ෂයක් හැටියට එම ජන හඬට සංවේදි වෙලායි අපි සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය පළ කරන්න කටයුතු කරන්නේ. ගරු කතානායකතුමනි, දැන් කවුරුත් කෑ ගහනවා 69 ලක්ෂේ ජන වරමක් දැන් නැහැ කියලා. ඔව් අපි ඒක පිළිගන්නවා. සමහරක් අය 69 ලක්ෂේ ජනවරමෙන් දිනපු ජනාධිපතිවරයා ඉවත් කරන්න කියලා අරගල කළා. ඒ අරගලය කුමන්ත්‍රණයක් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ කුමන හෝ දෙයක් වෙලා ඒ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වෙල තියෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමාට පල්ලියෙන් අභූත චෝදනාවක් කළා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඒ විතරක් නෙවේ හිට්ලර් කිව්වා. සුදු වෑන්වලින් මිනිස්සු ඉස්සුවා කිව්වා. මිනිස්සු පැහැර ගත්තා කිව්වා. මිනීමරු කිඹුල්ලු ගැන කිව්වා. හැබැයි එහෙම චෝදනා කරපු ඒ ජනාධිපතිවරයා සාමකාමීව තමන්ගේ බලය භාර දීලා ගෞරවනීය විදියට ඉවත් වුණා.

හැබැයි 2020 අගෝස්තු 05 තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමා මේ පාර්ලිමේන්තුව පත්වු‍ණේ. ඒ ඡන්දෙදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්ෂ 67ක් ගත්තා. ඒක රට පුරා විසුරුණු ඡන්ද පදනමක්. මේ මැතිවරණයෙන් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 145 ක් පත් වුණා. සමඟි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට ආවේ 54 දෙනයි. TNA – 10 යි. ජවිපෙ – 03 යි. අපි පක්ෂයක් හැටියට මේ වෙලාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න උදව් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියාගෙන. පොහොට්ටුව විදියට අපි මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට උදව් කරන්න යම්කිසි කැපකිරීමක් කරනවා. පොහොට්ටුවට ඡන්දය දීපු ඡන්දදායකයන් බලාපොරොත්තු වුණ දේ ඉටු කරන්නයි අපි මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට උදව් කරන්නේ.

2014 මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ පොහොට්ටුවේ අයට කිව්වා බයියෝ කියලා. එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ අයට කිව්වා ටොයියෝ කියලා. මේ නම් හැදුවේ ජනතා විමුක්ති පෙරමුණ. අද ඒ අය කියනවා ටොයියොයි බයියොයි එකතු වෙලා ටොයිබයි ආණ්ඩුවක් හදන්න යනවා කියලා. මේවා මේ පුවත්පත්වල තියෙනවා. සමාජ මාධ්‍යවල යනවා. මම මේ අයට කියනවා ටොයිබයියෝ නම් ජනතා විමුක්ති පෙරමුණට මොකද්ද කියන්නේ. ටොයිබයියෝ එකතුවෙලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න හදනවා නම් මම ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ගෝපයියන්ටත් ඇවිල්ලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එක් අහුවෙන්න කියලා. සමාවෙන්න ගෝපයියා කියන්නේ නරක වචනයක් නෙවෙයි. ගෝපයියා කියන්නේ සතෙක්. මිනිස්සුන්ගේ ඇගේ ඉන්න මිනිස්සුන්ගෙ ලේ උරාබොන සතෙක්. ඉතින් ඒක කිව්වේ මම මේක මම නෙමේ කිව්වේ. මේ කතාව මට කියන්න කිව්වා. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරේ ඕකයි. ඒ නිසා මන් දන්නවා එතුමාගේ කතාවේදී ඔබ උත්තර දෙයි.

නමුත් ඇත්ත කතාව මේක මේ බෙදන්න හදන්නෙ නැතුව එක්කහු වෙලා අර හර්ස මන්ත්‍රිතුමා කිව්වා වගේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න. ඇමතිකම් ගැන අපි කතා කරන්නේ නැහැ. කෙටි කාලයක් ද දීර්ඝ කාලයක් ද කියල එව්ව කතා කරන්න පුළුවන් අපිට. හැබැයි ඔබතුමන්ලා මතක තියාගන්න ඕනේ මේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේ ජනතා මන්ත්‍රීවරුන් පත් වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්.මේ රටේ සියලු දෙනාට මේ පාර්ලිමේන්තුවට එන්න බෑ. ඒකයි ඒගොල්ලන්ගෙ නියෝජිතයන් පත් කරන්නේ. ඒ පත්වෙච්ච නියෝජිතයෝ මේක ඇතුලේ ඉන්නවා. ඒ ජනවරම තාම මේකේ තියෙනවා. හැබැයි එහෙම තියාගෙනත් අපි මේ කැපවීම කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් පක්ෂයක් හැටියට.

හිටපු ජනාධිපතිතුමාට ඉවත් වෙන්න අවශ්‍ය පසුබිම හැදුවේ අරගලයේ නාමයෙන් මිනී මරලා, ගෙවල් දොරවල් ගිනි තියලා, රාජ්‍ය දේපළ වනසලා, මිනිසුන්ව බය කරලා වගේ දේවල් කරලා. ඒක ව්‍යවස්ථානුකූල නෑ. ඒ වගේම මේ අරගලයේ කොටස් 02 ක් හිටියා. එක කණ්ඩායමක් සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු තරුණයන්. අනික් කණ්ඩායම කුඩුකාරයින්, සමාජ අපචාරීන්, පවුල් අවුල් කරගත් සමාජ වෛරයකින් පෙලුණු අය. සාමාන්‍ය අරගලකරුවන් ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරපු කැරලිකරුවන් ඉල්ලුවේ රාජපක්ෂ රෙජිමේන්තුව අයින් කරන්න කියලයි.

මම දැක්කා සමාජ මාධ්‍යයේ ඉන්නවා නූර් අක්ක ද කවුද කියලා ගෑණු කෙනෙක් අරගලයේ සැබෑ තත්ත්වය මාධ්‍යට කියලා තිබ්බා. මේවා කියන්නේ අපි නෙවේ. අරගලයෙන් ලැබුණු ආධාර සහ ප්‍රධාන මංකොල්ල කෑවලු. කුස්සියේ බඩු, හාල්, සීනි, පරිප්පු හොරා ගෙන ගියාලු. ප්ලග් එකත් ගලෝගෙන ගියාලු. එයාලාට මුදල් ලැබුණේ කැනඩාවෙන් කියලා නූර් අක්කා කියනවා. අප හිතාගන්න පුළුවන් අරගලය ඇතුලේ මොනවද වුණේ කියලා. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ. හෙල්මට් දාපු ගෝපයියන්ගේ ඇත්ත මූණු ටික දැන් එළියට එනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ගේ ගිනි තියලා ඒ වෙලාවේ ඒ අය උත්සාහ කළේ එතුමා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම වළක්වන්නයි.

මේ අරගලය කියන්නේ ව්‍යවස්ථා විරෝධි වැඩ කරපු පිරිසක් නායකත්වය දීපු එකක්. මේකට නායකත්වය දීපු, සහභාගී වු හැමෝම මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා. ඒ නිසා ව්‍යවස්ථා විරෝධි ලෙස හැසිරුණු අයට එරෙහිව අපි නීතිමය පියවර ගත යුතුයි. මං දැක්කා සමහර මන්ත්‍රීවරු කියනවා ජනාධිපති කොඩිය ඇඟේ දැම්මයි කියලා හිර කාරයට ගන්න ඕනෙද කියලා. ඒක ඇතුලේ කියලා ජනාධිපති පුටුවේ වාඩි වුණාය කියල ඒ අයට විරුද්ධව නඩු දාන්න ඕන ද කියලා සමහර මන්ත්‍රීවරුන් ඇහුවා.

ගරු කතානායකතුමනි මම අහනවා ඒ මන්ත්‍රීවරුන්ගේ තමන්ගේ ගෙදරට මානසික අසහන කාරයෙක් ඇවිල්ල තමන්ගේ නෝනගේ ඇඳුමක් ඇඳ උඩ දාගෙන ඒක උඩ බුදිය ගත්තොත් ඒ මන්ත්‍රීවරයා මොකක්ද කියන්නේ. ඒකත් සමාව දෙනවද පොලීසියට පැමිණිල්ලක් දාලා නීතිය ක්‍රියාත්මක කරන්න කියනවද? එහෙම නැත්නම් ඒ අහන කාරයාට ඇවිල්ලා ඇඳේ බුදියගන්න කියනවද කියන එක මම අහනවා. ඒ නිසා රටේ විනයක් තියෙන්න ඕනේ කියන එක මතක් කරනවා.

අපේ රට වර්තමාන ආර්ථික අර්බුධයට පත් වෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒකට හිටපු ජනාධිපතිතුමාටවත්, වර්තමාන ජනාධිපතිතුමාටවත් චෝදනා කරලා පලක් නෑ. මේ ආර්ථික අර්බුධයට වසර 30 ක් තිස්සේ රට තුළ පැවති කොටි ත්‍රස්තවාදි යුද්ධය බලපෑම් කළා කියලා දැන් කාටවත් මතක නෑ. එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවල බරපතලකම කොතෙක් ද කියනවා නම්, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ (-) 1.5ක් දක්වා බිඳ වැටුණා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. කොළොන්නාව තෙල් ටැංකිවලට පහර දුන්නා, මහ බැංකු ගොඩනැඟිල්ලට පහර දුන්නා, සංචාරක ආකර්ශනීය සහ ආගමික ස්ථාන (ශ්‍රී මහ බෝධිය, දළදා මාළිගාව, කොළඹ කොටුව), ගලදාරි හෝටලයට වගේ තැන්වලට ප්‍රහාර එල්ල කළා. එදා තිබුණේ අති බිහිසුණු තත්ත්වයක්. 1980 ඉඳලා 2009 වනතුරු අවුරුදු 30 ක් පුරා රටේ ආර්ථිකයට එල්.ටී.ටී.ඊ. ප්‍රහාර අතිවිශාල හානියක් සහ සෘණාත්මක බලපෑමක් ඇති කළා.

ඊට අමතරව කරුණු රැසක් තිබෙනවා. 2004 දෙසැම්බර් 26 වැනිදා පැමිණි බිහිසුණු සුනාමි විනාශයෙන් ජීවිතවලට, දේපොළවලට සහ ආර්ථිකයට සිදු වුණේ අතිවිශාල හානියක්. 1988-89 සහ 1971 දකුණේ සිදු කළ සන්නද්ධ නැඟී සිටීමුත් ආර්ථිකයට බලපෑවා. 1983 ජූලි කලබලය, 1962 හමුදා කුමන්ත්‍රණය, 1963 මහා වැඩ වර්ජනය පිළිබඳ තර්ජනය, 1959 අගමැති බණ්ඩාරනායක ඝාතනය, 1960 දී මහා මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදු වීම, මුළු රටම අක්‍රිය කර කැබිනට් මණ්ඩලය කොළඹ වරායේ නවතා තිබූ ‘නිව් ෆවුන්ඩ්ලන්ඩ්’ නැවේ රැස් වෙන තරමට ප්‍රබල වූ 1953 හර්තාලය, පාස්කු බෝම්බ ප්‍රහාරය, කෝවිඩ් වසංගතය, 1948 ඉඳලාම වරින්වර මතු වූ ජාතිවාදී කෝලාහල වාගේ මහා බරපතළ හැල හැප්පිලිවලින් ගහණ වූ අවුරුදු 74 ක් 2021 අවසන් වන විට ගත කර තිබෙනවා. ගරු කතානාවකතුමනි, 1983 න් පසුව ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර සිවිල් අරගල හා උතුරු යුද්ධය නිසා රාජ්‍ය ආරක්ෂක වියදම් වසරින් වසර වැඩි වුණා. රාජ්‍ය ආරක්ෂක කටයුතු සඳහා රජයේ පුනරාවර්ථන වියදම, 1980 දී රුපියල් දස ලක්ෂ 979 ක් විය. මෙම වියදම 83 න් පසුව දිගින් දිගටම වැඩි විය. 1990 ඉදන් 2020 කාලය දක්වා ආරක්ෂක වියදම් ලෙස රුපියල් බිලියන 4,109 (ට්‍රිලියන 4.1) ක් ආසන්න වශයෙන් වියදම් කර තිබෙන බවයි මහා භාණ්ඩාගාර වාර්තා කරන්නේ. මෙම වියදම් පියවීමට විදේශ ණය අපිට වැඩි වශයෙන් ගන්න වුණා. යුද්ධය සඳහා ප්‍රහාරක ගුවන් යානා, අවශ්‍ය මූණිස්සම්, යුධ උපකරණ ගන්න අපිට විදේශයන්ගෙන් ණය ගන්න සිද්ධ වුණා. ඇත්තටම ඒවා රටේ සංවර්ධනයට යොදවන්න තිබුණ මුදල්.

මෙම යුද්ධයේ ආර්ථික බලපෑම පිළිබඳව ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයෙකු හා හිටපු විදේශ ලේකම්වරයෙකු වන ශිව ශංකර් මෙනන් මහතා පවසන්නේ ඩොලර් බිලියන 200 කට අධික හානියක් සිදුව ඇති බවත් එහි ආවස්ථික පිරිවැය (Opportunity Cost) ගණනය කළ නොහැකි බවත් ය. අපේ රට ආසියාවේ මුලින්ම විවෘත ආර්ථිකය පිළිගත් රටක්. අපිට පස්සේ විවෘත ආර්ථිකය පිළිගත්ත රටවල් සංවර්ධනය අතින් අද අපිට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නේ.

2009 යුධ ජයග්‍රහණයෙන් පස්සේ රටේ යම් සංවර්ධනයකට පදනම සැකසුණා. උදාහරණයක් තමයි ගරු කතානායකතුමනි යුද්ධේ කාලයේ සංචාරකයන් අපේ රටට ආවේ වසරකට ලක්ෂ 04 ත් ලක්ෂ 05 ත් අතර ප්‍රමාණයක්. හැබැයි යුද්ධෙන් පස්සේ  ලක්ෂ 25 කට ආසන්න ප්‍රමාණයක් සංචාරකයෝ එන්න පටන් ගත්තා. අපි ආර්ථික වශයෙන් යන්තම් ඔළුව උස්සගෙන එනකොට පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වගේ දේවල් නිසා රටේ ආර්ථිකය ආයෙත් කඩාගෙන වැටුණා. මේ ආර්ථික අර්බුදය නිසා ඇති වුණු ජනතා පීඩනය, යුද්ධයෙන් රට මුදාගත් ජනාධිපතිතුමාව, අගමැතිතුමාව තනතුරුවලින් පළවා හරින්න තරම් ප්‍රබල වුණා. ඇත්තටම මෙහි දී වුණේ ජනතාව තුළ ඇති වූ පීඩනය වෙනත් පිරිසකගේ දේශපාලන වුවමනාවන්ට නතුවීමක් වුණත් අරගලය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් හෝ පහුගිය ආණ්ඩුවලට හා නායකයින්ට බැණ වැදීමෙන් හෝ මේ පවතින අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නෑ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවස්ථා ගණනාවක දී විපක්ෂ නායකතුමාටත් ආරාධනය කළා අගමැතිකම භාර අරගෙන රට පත්ව  තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න එන්න කියලා. නමුත් එතුමාත්, අනුර කුමාර දිසානායක මැතිතුමාවත් ඒකට එකඟ වුණේ නෑ. ගෝඨාභය ජනාධිපතිතුමා අයින් වෙන්න ඕන. මේක කෙටි කාලීන වෙන්න ඕන කියලා නොයෙකුත් කාරණා කියමින් මඟ ඇරියා. මේ අවස්ථාවේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වගකීම භාරගත්තේ. ඔහු අගමැති ලෙස වගකීම භාර අරන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත් වුණාට පස්සේ ව්‍යවස්ථානුකූලව මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් වෙනවා.

ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුවත් පාර්ලිමේන්තුවේ දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාවේ දිත් ජනාධිපතිතුමා සාර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රටේ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරපුවම විපක්ෂයේ බොහෝ අය කිව්වේ ගෝඨාභය ජනාධිපතිතුමත් එක්ක බෑ කියලා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නෑ. දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතිං දැන්වත් පුළුවන් රනිල් වික්‍රමසිංහ කියන්නේ විපක්ෂයේ අයට අලුත් කෙනෙක් නෙමෙයි. එතුමාගේ නායකයා. එතුමලාගේ හදවත ඉන්න නායකයා. එතුමාත් එක්ක එක්හු වෙන්න පුළුවන්කමක් මේ අයට තියෙනවා. එහෙම නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැත්තම් සර්ව පාක්ෂික පාලන ක්‍රමයක් හදලා රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න එකතු වෙන්න. අපි ඉස්සෙල්ලා රට හදමු. ආර්ථිකය හදමු. ඊට පස්සේ අපිට පුළුවන් ඡන්දෙකට යන්න. මාස 06 කින් ඡන්දයකට යනවා කියන එක මේ ආර්ථික අර්බුදය තුළ විහිළුවක්. ඒ නිසා අපි කරන්න ඕනේ මුලින් රටේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කරන එක. ඒක මේ වෙලාවේ අපේ වගකීමක්. 2008 යුද්ධය තීරණාත්මක වෙලාවේ කරු ජයසූරිය මහතා ප්‍රමුඛ පිරිසක් ආණ්ඩුවට එකතු වෙලා ඒ වෙලාවේ ආණ්ඩුව ශක්තිමත් කළා. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා අපට ඒක හයියක් වුණා. ඒ වගේ මේ තීරණාත්මක අවස්ථාවේත් අතීතය හා වර්තමානය ගැන කියවමින් ඉන්නේ නැතිව රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මේ සර්ව පාක්ෂික වැඩපිළිවෙලට එකඟ වෙන්න. අපි කැමතියි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ම හැදෙනවනම්. විපක්ෂනායකතුමා විපක්ෂ නායක විදිහට ඉන්න ගමන් එතුමාගේ පක්ෂයේ කොටසක් ආණ්ඩුවට ආවට ඒක සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙන්නේ නෑ. එක්කෝ විපක්ෂ නායකතුමා මේ සර්වපාක්ෂික ආණ්ඩුවේ කොටස්කරුවෙකු වෙන්න. එහෙම නැත්තං සර්ව පාක්ෂික පාලනයක් ඇති කරල විශේෂයෙන්ම හර්ෂ ගරු මන්ත්‍රිතුමා එතුමා කිව්වා වගේ පහුගිය දවස්වල පක්ෂ නායක රැස්වීමේදී මුදල් කාරක සභාව පිළිබඳව කතා කරනකොට අපි අපේ ජනාධිපතිතුමාට කතා කරනකොට ජනාධිපතිතුමා කිව්වා ඔබතුමා ඒකෙ සභාපති ධූරය බාර ගන්න කැමැත්තක් තියෙනවා කියලා. මම දන්නේ නෑ එහෙමනම් අපි කැමති අපි ලෑස්තියි ඔබතුමාලට උදවු කරලා මේ පවතින තත්ත්වයෙන් අර්බුදයෙන් රට ගොඩනගන්න අපේ විය යුතු යුතුකම් කොටස ඉටුකරන අපි සූදානම් වෙන්න ඕනේ.

මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයෙකු ලෙස කටයුතු කළ වින්සන් චර්චිල් කිව්වා “අතීතය හා වර්තමානය හාරා අවුස්සමින් අපි රණ්ඩු කිරීම නිසා අපට අහිමි වන්නේ අනාගතය” බව. මේ සර්ව පාක්ෂික යෝජනාව මේ මොහොතේ ජනතාවගේ ඉල්ලිම. ජනතාවගේ අපේක්ෂාව. ඒ සඳහා එකඟවීම ජනතාවට ආදරය කරන, සියලුම දේශපාලනඥයන්ගේ වගකීමක් වෙනවා. ඒක නිසා බයියොයි, ටොයියොයි, ගෝපයියොයි හැමෝම එක්කහු වෙලා මේ ආණ්ඩුව මේ සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න එන්න කියන ආරාධනය කරමින් මම නිහඬ වෙනවා.

41,139 views

8 Comments to “අපි බයි-ටොයි සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදනවා.. හෙල්මට් දාපු ගෝපයියන් දැන් හෙලිවෙනවා..- ප‍්‍රසන්න..”

  1. Sanju says:

    Aluthen ahimi wenna anagathayak na. Ape daruwange anagathe ubala nathi karala ivarai. Hora hatha

  2. කප්පම් කාර ගෝපයියෙක් එසේ කියයි

  3. Kalu Albot says:

    Gopayiyo, thoge mahaekeeta wahalaa athi! Thopi thamayi aandu nethi keruwe! Kapam kelalaa usaawiyen danduwam niyamawechcha pisaachayaa hithan inne Sinhayek kiyala ne!!

  4. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    අරගලයට ජයවේවා !

  5. Laksman says:

    Very matching name for JVP gooyiyyo.
    JVP gooyiyyo ට ගොඩක් ගැලපෙන නම.

  6. අරගල නායිකා දමිතා අබේරත්න says:

    නෙදකින් පැපොල් ඇට ලොන්ත කබර මයිනා

  7. Hasith says:

    ජවිපෙ ආන්ඩුවක් එන්න ඕනෑ ඔය නාමේ නියම තේරුම දැනගන්න .ගෝපයියා කියන්නේ ඔලුවේ හිසකෙස් අතර ඉඳන් ලේ උරා බොන සත්වයෙක් උකුනෝ වගේ .ජවිපෙ ආන්ඩුවක් ආවම උන් රටේ මිනිසුන්ගේ ලේ බොන්නේ ගෝපයි යෝ වගේ තමා.එක පැහැදිලිව දැනගන්න ජෝජ් ඔවිල් කියන ලේඛකයා ලියූ “සත්ව ගොවිපල”කියන පුංචි නවකතා පොත කියවලා බලන්න හරිම විහිළු තිබෙන නවකතාවක් .ජවිපෙ වෙඩ පිළිවෙල ඒ කතාව වගේ තමා

  8. Lakki says:

    Kappam gopaiya thone

Main News