නිධානයක් උඩ හිගන්නන්ට චීනය පාර පෙන්නයි.. සිංගප්පූරුව පරදවන පහසු සැලසුම කියා දෙයි..

August 19, 2022 at 10:40 am | lanka C news
නිධානයක් උඩ හිගන්නන්ට චීනය පාර පෙන්නයි.. සිංගප්පූරුව පරදවන පහසු සැලසුම කියා දෙයි..

චීනයේ යුආන් වැන්ග් 05 පර්යේෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරාය පරිශ්‍රයට පිලිගැනීමේ උත්සව සභාව නිමාවට පත් වීමෙන් අනතුරුව ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන්ට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගමේ (HIPG) පාලනාධිකාරිය, එම ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඇරැයුම් කළේ, එවකට මෙරට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා එහි ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් (Smart One Stop Shop) ස්ථාපිත කිරීමේ කටයුත්ත ද කෘතවේදීව සඳහන් කරමිනි.

පක්ෂ නායකයන්ට ද අදහස් දැක්වීමේ අවස්ථාවක් සලසා දී තිබූ අතර HIPG පාලනාධිකාරිය ද පක්ෂ නායකයන් වෙත වරායේ මෙහෙයුම් කටයුතු හා ඉදිරි සැලසුම් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළේය. එහිදී “මෙම වරාය පරිශ්‍රය සතුව දෛනිකව ඉන්ධන මෙ.ටො. 80,000ක් ගබඩා කළ හැකි බන්කරින් ටර්මිනල් එකක් තිබෙනවා. ඒ හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයෙන් සැපයෙන සේවා අතර ප්‍රමුඛතම සේවාවක් වන මෙහි පැමිණෙන නැව් සඳහා ඉන්ධන සැපයීමටයි. නමුත් අපට ඉන්ධන ගෙන්වීමේ බලපත්‍රය නිසි පරිදි ලබා දීමට මෙරට බලශක්ති බලධාරීන් මෙතෙක් පියවර ගෙන නැහැ.

වසර 30ක ඉතිහාසය තුළ ජාත්‍යන්තර වරායන් දෙකක් සතු ශ්‍රී ලංකාවට ඉතා ලාබදායී වෙළඳාමක් වන ‘නැව් සඳහා තෙල් සැපයීම’ අවුරුද්දකට මෙට්‍රික් ටොන් අටලක්ෂය ඉක්මවා යන්න නොහැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවට සමගාමීව නැගී සිටි සිංගප්පූරුව අද වන විට නැව්වලට වාර්ෂිකව ඉන්ධන මෙට්‍රික් ටොන් මිලියන 48ක් සැපයීම තෙක් ඔවුන්ගේ වෙළෙඳපොළ පුළුල් කර ගෙන තිබෙනවා. ඩොලර් හිඟයට කදිම පිළියමක් වන, නැව්වලට තෙල් සැපයීමේ වාසිදායක වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට අහිමි වී ඇත්තේ තෙල් මාෆියාවක් ක්‍රියාත්මක වන නිසයි.” යන ඉතා වැදගත් කරුණ ද අනාවරණය විය.

“ඔව් ඉතින්, විමල් සහෝදරයා රුසියාවත් සමග එකතුව ජාත්‍යන්තර වෙළෙඳපොලේ මිලට 35%ක් අඩුවෙන් සහනදායී ණය පදනමකට මේ රටට තෙල් ගෙන ඒමට සැකසූ වැඩපිළිවෙළ කල්මරමින් ‘නොකෙරෙන වෙදකමක්’ බවට පත් කිරීමට සූදානම් වන්නේත් අපේ රටේ ඔය තෙල් මාෆියාව තමයි” එම අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මහතා කනස්සල්ලෙන් යුතුව පැවසීය.

– Repoter

140,106 views

18 Comments to “නිධානයක් උඩ හිගන්නන්ට චීනය පාර පෙන්නයි.. සිංගප්පූරුව පරදවන පහසු සැලසුම කියා දෙයි..”

  1. NAK says:

    ර‍ැසියානු තෙල‍් ග‍ැනීමට බාදාකරන‍් නන‍් හෙලිකල යුතුයි. ඔවුන‍් ට නීතිමය පියවර ග‍ැනීමට නොහ‍ැකි නමි ජනතාව දෙ‍්ශ ද්‍රොහී ඔවුන‍්‍ග‍ැන බලා ගනීවි.

  2. dharmapriya says:

    ඔව්. වහෙන් ඔරෝ නැතිව කෙලින්ම මේ ද්‍රෝහීන් හෙළි නොකිරිමම ද්‍රෝහී කමක්. ඒ් වගේම බොරු වපුරලා රාජ්‍යයම විනාශ කරන අයට තවත් ඉඩ දිය යුතු නොවේ. උගන්ඩාවට රාජපක්ෂලා සල්ලි යැව්වා කියන බොරුව දැන් හිටපු රේගු ලොක්කෙක් පැහැදිලි කර ඇත. ඒය පිළිගත හැකියි. ඒයින් රාජපක්ෂලා නිර්දෝෂි බව ඔප්පු වෙනවා.

Main News