යූඑන්පී කාරයන්ට නාම යෝජනා පොහොට්ටු කපුටාගෙන්.. ඇමති ලයිස්තුවත් කපුටාගෙන්..

September 5, 2022 at 3:20 am | lanka C news
යූඑන්පී කාරයන්ට නාම යෝජනා පොහොට්ටු කපුටාගෙන්.. ඇමති ලයිස්තුවත් කපුටාගෙන්..

වර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට දේශපාලනයට පැමිණීම සඳහා පාවාඩ එලමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රතිකේෂේප කළ රාජපක්ෂලා නැවත සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජපක්ෂ රජ පවුල රටට අහිමි කළ භූමියේ අයිතිය, මුදල් නැවත ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටින බවත් එම ජනතා හඩට කන් දී සමගි ජනබලවේග රජයක් යටතේ මේ රටේ මහජන දේපල, මුදල් සූරා කාපූ මංකොල්ල කාපූ සියලු දේවල් නැවතත් රටට ගෙන එන බවත් වංචාවන් සදහා සම්බන්ධ වූ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ කටාන ආසන බලමණ්ඩල රැස්වීම සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ කටාන ප්‍රධාන ආසන සංවිධායක හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා විසිනි.

අති විශාල පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.

රාජපක්ෂලා බලයේ නොසිටිය ද වර්තමාන රජය රතුපස්වල මිනීමරු සංස්කෘතිය නැවත වරක් ඉස්මතු කිරීමට උත්සාහ කරන බවත්, ප්‍රජාතන්ත්‍රීය අරගලයක නිරතව සිටි මේ රටේ තරුණ පරපුර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන ඉතාමත් මිලේච්ඡ ආකාරයට මර්ධනය කරමින් සිටින බවත් මේ තරුණ මර්ධනයට, දඩයමට විපක්ෂයක් ලෙස සම්පූර්ණයෙන් විරුද්ධ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

වර්තමාන රජය රතු පස්වල මිනීමරු සංස්කෘතිය නැවතත් වරක් ප්‍රතිනිර්මාණය කරන්නට කටයුතු කරන රජයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ රජය මේ රටේ පොදු ජනතාවගේ අරගලයට නායකත්වය ලබාදුන්නා. ඒ තරුණ පරපුර ඉතාමත්ම හිංසනකාරි ආකාරයට , මිලේච්ඡ ආකාරයට මර්දනය කරනවා. දඩයම් කරනවා. මේ තරුණ මර්දනයට, මේ තරුණ දඩයමට අපි සහමුලින්ම විරුද්ධයි. අපි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවගේ කුසගින්න, දුක් ගින්න, පිපාසය , ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් නැගී හිටපු මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවේ දඩයමෙන් මුදවා ගන්නට අපි ඒ තරුණ පරපුරත් එක්ක එකට හිට ගන්නවා යි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

ඒ වගේම කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය අපි අනුමත කරන්නේ නැහැ. රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හෝ වේවා, සිවිල් ප්‍රචණ්ඩත්වය හෝ වේවා, වෙනත් හිංසනයක් හෝ වේවා, හිංසනය කොතනද මිලේච්ඡත්වය කොතනද අපි එයට විරුද්ධයි. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ මේ ජනාධිපති පාලනය තුළ අද එතුමා මොකක්ද කරන්නේ? එතුමා පාවඩ එලනවා. රාජපක්ෂලාට ආපහු මේ දේශපාලන ගමන ක්‍රියාත්මක කරන්න. රාජපක්ෂ පරපුරට පාවඩ එලමින් මේ රටේ ලක්ෂ 220 ට මල් වඩම් යවනවා. කැරකොප්පුව ට යවනවා. සොහොන් කොතට යවනවා. ඒකට අපි ඉඩ තබන්නේ නැහැ.

මිත්‍රවරුනේ, මම දැක්කා මේ පහුගිය දවසක ලොකුවට යනවා සමාජ මාධ්‍ය හරහා පොහොට්ටුව පටන් අරන්ලු නායකත්ව අධ්‍යාපන පීඨයක්. leadership training program එකක්. මොනවටද? නායකයෝ බිහි කරන්න. බලන්න මහින්ද මහින්ද රාජපක්ෂ සහභාගි වෙන , නාමල් රාජපක්ෂ සහභාගිවෙන, ලැජ්ජ නැතුව අර නායකත්ව පුහුණුවට ගිහිල්ලා සමහරු සහතිකත් අරගෙන තියෙනවා. ඉතින් මං පොඩ්ඩක් හිතලා බැලුවා. මහින්ද රාජපක්ෂගෙන්, නාමල් රාජපක්ෂගෙන් එහි නායකත්ව පුහුණු ඇකඩමියෙන් ඒ ලබපු සහතිකයේ මොනවද ගම්‍ය වෙලා තියෙන්නෙ. කොහොමද අවුරුදු දෙකහමාරකින් තුනකින් රට විනාස කරන්නේ? කොහොමද ඇති තරම් රටේ සම්පත් දේශීය සම්පත් සූරා කන්නේ? කොහොමද හොරාකාපු දේපල රජ පවුලක් හැටියට භුක්ති විඳින්නේ? කොහොමද ප්‍රජාත්‍රන්තවාදය මර්දනය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්නේ? ලැජ්ජ නැතුවා අද කියනවා අරගලයේ තරුණ පරපුර මර්දනය කරන්න ඕනි කියල. ඔන්න ඕවා තමයි අර නායකත්ව පාඨමාලාවේ මං හිතන්නේ අඩංගු වෙලා තියෙන ගම්‍ය වෙලා තියෙන ප්‍රධානතම සිලබස් එක. නමුත් අද රටේ ජනතාව ඉල්ලන්නේ මොකක්ද? රටේ ජනතාව ඉල්ලන්නේ තමන්ගේ භූමියේ අයිතිය තමන්ට ලබා දෙන්න. රජ පවුලක් අහිමි කරපු තමන්ගේ භූමිය, තමන්ගේ මිල මුදල්, ජාතික සම්පත්, ජාතික අරමුදල්, ජාතික දේපල නැවතත් වරක් අපිට ඕනේ කියන එක තමයි ලක්ෂ 220 කියන්නේ. සමගි ජන බලවේගය රජයක් තුළ අපි එක පොරොන්දුවක් වෙනවා. මේ රටේ මහජන දේපල , මහජන සම්පත සුරා කාපු හොරාකාපු , මංකොල්ල කාපු ඒ හැම මුදලක්ම නැවතත් වරක් අපේ රටට ගෙන එනවා. ගෙන එනවාමයි.

ඒ විතරක් නෙමෙයි. හොරකම් වලට සම්බන්ධ වුණු සියලුම දෙනාව නීතිය හමුවට ගෙන ඇවිල්ලා, ඒ වගකීම ඉෂ්ඨ සිද්ධ කිරීම සරත් ෆොන්සේකා මැතිතුමාට බාර දෙනවයි කියපු වචනය අපි ආපහු ගන්නෙ නැහැ. දැන් වන්ෂොටුත් එළියේ ඉන්න හින්දා, දැනුත් එළියෙ ඉන්න හින්දා එතුමත් කැප වුණා දූෂණයට විරුද්ධව කටයුතු කරන්න හොඳ ඩබලක් ඉන්නවා. සරත් ෆොන්සේකා මැතිතුමා ත් , රන්ජන් රාමනායක මැතිතුමාත් හිතන්නෙ ඒ දෙපලම ඒ රටේ මුදල් හොරා කාපු අය නෙමෙයි. වංචා කරපු අය නෙමෙයි. සරත් ෆොන්සේකා මැතිතුමා රටට කරපු සේවාව ගැන අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මිත්‍රවරුනේ විශේෂයෙන්ම අපි මේ රජය ක්‍රියාත්මක කරන්නට හදන මේ මර්දනකාරී මිලේච්ඡ රතු පස්වල සංස්කෘතිය අපි පරාජය කරන්නට ඕනේ.

ධීවර ජනතාව මහ පාරට බහිනකොට ඉන්ධන සහනාධාර ඉල්ලලා රාජපක්ෂලා මොකද්ද කලේ, මර්දනය , තර්ජනය, ගර්ජනය, මිනීමැරුම. ඒකම තමයි වතුර ටික ඉල්ලනකොට කලේ. රතු පස් වල. අද වෙනසකට තියෙන්නේ එක කාලයකට රාජපක්ෂලාට ඔලුව උස්සන්න බැරි වෙනකොට තමන්ගේ සෙවණැලි ආණ්ඩුව සකස් කරලා සෙවනැලි ආණ්ඩුව හරහා මර්දනය භීෂණය ක්‍රියාත්මක කරන්නට මේ අය කටයුතු කරනවා. බොහොම පැහැදිලිව කියන්න කැමතියි මර්දනකාරී රාජ්‍ය ප්‍රතිපත්තියකට අපිට තබන්නේ නැහැ. ඒ නිසා දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. අද මම බොහොම සතුටු වෙනවා මගේ කලන මිතුරා අපේ විජිත් විජිතමුනි සොයිසා මැතිතුමා, හිතන්නේ කාටවත් වැඩිය නොකියපු කරුණු කීපයක් එතුමා ගැන කියන්නට ඕනේ. විටෙක රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, තුමාට ආරාධනා කලා, මගේ හිතේ හැටියට 80 දශකයේ අග භාගයේ. එතුමත් එක්ක අත්වැල් බැඳගන්න කියලා. එපමණක් නොව. විජිතමුණි සොයිසා මැතිතුමා තුමාගේ බල ප්‍රදේශයේ දැවැන්ත සේවාවක් ඉෂ්ඨ කරා. ඇමතිවරයෙක් හැටියට. ලොකු වැඩ කොටසක් කරපු ඒ වගේම දක්ෂ පක්ෂ හපන්කම් තියෙන හොඳ මුඛරි කටක් තිබෙන ඒ වගේම කතා කරනවා වගේම කරන්න පුළුවන් නායකයෙක් අපි කටානට ලබාදීලා තියෙනවා. ඒ නිසා කටාන ජනතාව එතුමත් සමඟ සමග අත්වැල් බැඳගෙන එතුමාගේ ගමන ශක්තිමත් කරන්නට සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් ශක්තිමත් කරන්නට ඔබ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. නගර ගම් 253 ම එක මිටට, එක රොදට අපි ගමු. අද පොහොට්ටුව කෙරෙහි බොහෝ දෙනෙකු කලකිරීම ඇති කරගෙන තිබෙනවා. බහුතරයකට මේ රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. අද රටේ ක්‍රියාත්මක වන්නේ ඇමති පුටු, ඇමති අං තට්ටු සූදුවක්. මම සතුටින් ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි මේ සූදුවට සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය හවුල් වුණේ නැහැ. රැවටුනෙත් නැහැ. වරදාන වරප්‍රසාද තනතුරු වලට අපි අරගලය වත් , අපේ රටේ පොදු ජනතාව වත් පාවා දුන්නෙත් නැහැ. ඉදිරියට පාවා දෙන්නෙත් නැහැයි කියන එක මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි.

ඒ වගේම මම හිතන්නේ කටාන ආසනයේ බහුතරයක් පළාත් පාලන පළාත් පාලන නියෝජිතයින් අපිත් එක්ක ඉන්නවා. නමුත් අපිත් එක්ක නැති පොඩි කණ්ඩායමකුත් ඉන්නවා. මං හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේත් එහෙමයි. මම එකක් කියන්න කැමතියි. ඉදිරියේදී අලි කපුටු හවුලක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අලියයි, පොහොට්ටුවයි, කපුටො ටිකයි. අනාගතයේදී ඔය නොමඟ ගිය සමහර යූඇන්පී මන්ත්‍රීවරුන්ට නාම යෝජනා ගන්න වෙන්නේ ජනාධිපතිතුමා ලගට ගිහිල්ලා නෙමෙයි, පොහොට්ටුවේ කපුටා ළඟට ගිහිල්ලා. කපුටා තමයි ඇමති ලයිස්තුව එවන්නේ ජනාධිපතිවරයාට පත් කරන්න කියල. අද කපුටා තමයි රාජ්‍ය ඇමති ලයිස්තුව එවන්නේ ජනාධිපතිවරයාට පත් කරන්න කියලා. අද කපුටා තමයි නියෝජ්‍ය ඇමති ලයිස්තුව එවන්නේ පත් කරන්නේ කියලා ජනාධිපතිවරයාට ලැයිස්තුව එවන්නේ. ඉතිං ජනාධිපතිවරයාටත් සිද්ධවෙලා තිබෙනවා , ඇත්ත වශයෙන්ම මේ පොහොට්ටුවේ මේ කපුටාගේ අංග අංගසම්පූර්ණ ප්‍රාණ ඇපකරුවෙකු හැටියට කටයුතු කරන්න. කරන්න දෙයක් නෑ ඉතින්. පොහොට්ටුවේ 134 දෙනෙක්ගෙන් ජනාධිපති උනහම පොහොට්ටුවේ පදයට නටන්න වෙනවා. පොහොට්ටුව කියන කියන විදියට කරන්න වෙනවා. ඒක තමයි සත්‍යය. මේක තමයි යථාර්ථය. ඒ නිසා තමයි අගමැති කැරට් කැරට් අලේ දික් කරනකොට අපි කිව්වේ ඕන දෙයක් බාර ගන්නම්, ඉස්සෙල්ලා ඔබතුමා යන්න. ඉස්සෙල්ලා ඔබතුමා අයින් වෙන්න. ජනමතයට තැනක් දෙන්න. ජනවරමට තැනක් දෙන්න. මිනිස්සුන්ට තීන්දු කරන්න අවස්ථාව දෙන්න. පොදු ජනතාවට තීරණය කරන්න අවස්ථාව දෙන්න. කවුද මේ රටේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව. දැන් එහෙම නෙමේ සිද්ධවෙන්නේ. දැන් මේ සිද්ධවෙන්නේ රජ මැදුරු වල ක්‍රියාත්මක වෙන ක්‍රමන්ත්‍රණ. ජනාධිපති මන්දිර වල කුමන්ත්‍රණ. අරලියගහ මන්දිර වල කුමන්ත්‍රණ. මේවට එක එක අතකොළුවන් සම්බන්ධ කරගන්නවා. මෙරට අතකොලුවනුත් ඉන්නවා. පිටරට අතකොළුවනුත් ඉන්නවා. ලොකුවටම මුදල් ගනුදෙනු ක්‍රියාත්මක වෙනවා. හැබැයි එකක් මතක තබා ගන්නට ඕනේ. සමගි ජන බලවේගයේ කවුරුත්, මුදලට වරදාන වරප්‍රසාද වලට තමන්ගේ ආත්මය විකුණන්නේ නැහැ. තමන්ගේ තමන් වදාපු මවුපියන් ගේ ආත්මය තට්ටු දෙකට වෙන්දේසි කරන්නේ නැහැ. අපේ මේ සමගි ජන ජන බලවේගය, සමගි ජන සන්ධානයේ අපේ මේ කණ්ඩායම. මේ හැම දෙනාම එක මතයක ඉන්නවා. එක මිටට ඉන්නවා. ඒ මතය තමයි වහාම ක්‍රියාත්මක වෙන පරිදි අලුත් ජනවරමක් ලබාදීම සඳහා රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ පුරවැසි පරපුරට ඒ අවස්ථාව ලබා දෙන්න කියන මතය. අපි ඉන්නේ අන්න ඒ මතයේ.

මිනිස්සුන්ට අවස්ථාව ලබා දෙන්නට ඕනි තමන්ගේ හදවතේ කැකෑරෙන දුක කඳුළ වේදනාව , තමන්ගේ අභිලාෂය, තමන්ගේ බලාපොරොත්තු ඉටු වෙන ආකාරයේ අලුත් රජයක් නිර්මාණය කරන්න. දැන් මේ සිදුවෙන ඇමති පුටු සූදුවට ඇමති පුටු වෙන්දේසියට අපි කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. අපි මුදලට වරදාන වරප්‍රසාද වලට යන්නෙත් නැහැ. කිසිම කෙනෙකුට අපිත් එක්ක ඉන්න කියලා මුදල් දෙන්නෙත් නැහැ. යනවට මුදල් දෙන්නෙත් නැහැ. එනවට මුදල් දෙන්නෙත් නැහැ. මුදල් මත ක්‍රියාත්මක වුණු දේශපාලන කුමන්ත්‍රණ වලට නැවතීමේ ලකුණ තබන්නේ සමගි ජන බලවේගය කියන එක මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි.

ඒ වගේම රංජන්ව නිදහස් කරනවා වගේම හැමදාම කියපු කාරණාවක් තියෙනවා. ඒ තමයි පාස්කු ප්‍රහාරයේ සත්‍ය රටට හෙළි කිරීම. දැන් ඔය ලොකුවට රඟපාපු කට්ටිය ඔක්කොම හැංගිලා නේ ඉන්නේ. මොනවද මට ඔය ආරංචියි අර කිව්ව නේද සොනික් සොනික් කියලා. දැන් සොනික් හැංගිලා නේ. සොනික් කතා නැහැනේ. දැන් ඔක්කොම හැංගිලා. ඔක්කොම අස්සට ගිහිල්ලා. ඇයි , ඔක්කොටම වැඩිය වටිනවා පාස්කු ප්‍රහාරයෙ මොළකරුවන් හොයන එකට වඩා , ඒකෙ පිටිපස්සෙ හිටපු සැලසුම්කරුවන් හොයනවාට වඩා මේ රටේ ලක්ෂ දෙසීය විස්සක් වූ ජනතාවගේ ප්‍රාර්ථනාවන් වලට වැඩිය ලොකු දෙයක් තියෙනවා. මොකක්ද? ඇමතිකම්. ඇමති අං තට්ටු ටික ඔළුවෙ දාගන්න එකයි, ඇමැති කටු වලට තියෙන ඒ ආදරය, කෑදර කම නිසා පාස්කු ප්‍රහාරයේ සුලමුල හොයන එක ගැන දැන් ඒකත් sonic sonic වෙලා. දැන් sonic sonic ගැන කතා නැහැ. දැන් කතා තියෙන්නෙ බොරු මායාවක් නිර්මාණය කරනවා රට හදන්න ඇමතිකම් ගන්නලු. අපි කියනවා රට හදන්නට රට ගොඩනගන්නට, ඇමතිකම් ඕනි නැහැ. හොඳ දේවල් වලට විපක්ෂයේ ඉඳගෙන උදව් කරනවා, වැරදි දේවල් වලට විපක්ෂයේ ඉඳගෙන විරුද්ධ වෙනවා. ඒක තමයි, අපේ ඉදිරි ගමන කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.

එසේ කියමින්, විශේෂයෙන්ම අපි පොරොන්දුවක් වෙනවා කිතුණු කතෝලික ජනතාවට, අපේ අති උතුම් කාදිනල් තුමාට වගේම මේ රටේ ප්‍රජාවට සමගි ජන බලවේග රජයක් තුළ නිර්ව්‍යාජ, විවෘත දේශපාලන ඇඟිලි ගැසීම් වලට ලක් නොවුණ බොහොම පිරිසිදු , අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සුලමුල මේ රටේ ජීවත් වන හැම දෙනාටම දැනගන්න පුළුවන් වෙන ආකාරයේ පරීක්ෂණයක් පවත්වනවා විතරක් නෙමෙයි , ඒවායේ මොළකරුවන් සියලුම දෙනාට , සහභාගීවූ සියලුම දෙනාට නීතිය යටතේ ලබා දිය හැකි දැඩි දඩුවම් පමුණුවන්නට අපි අනිවාර්යෙන්ම කැපවෙනවා, ඇප වෙනවා . සත්තයි කියන එක මම මේ අවස්ථාවේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා. එසේ ප්‍රකාශ කරමින් විජිත් විජිතමුණි සොයිසා එතුමා ප්‍රමුඛ ඒ සංවිධායක මණ්ඩලයට අපේ නගර සභාවේ මන්ත්‍රී මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලා , අපේක්ෂක තුමන්ලා, අපේක්ෂක තුමියන්ලා අපේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රී තුමියන්ලා, අපේක්ෂක තුමන්ලා අපේක්ෂක තුමියන්ලා ඒ වගේම විපක්ෂ නායකවරුන්, ඒ වගේම සාමාජිකයින් බිම් මට්ටමේ නායක නායිකාවන් ඒ සියලුම දෙනා අද ඉඳලා සැලසුම් කරන්න ගම් නගර 253 ට ගිහිල්ලා සියලු දෙනාම බඳවා ගන්න. කිසිම කෙනෙක් හංවඩු ගහන්න එපා අහවලා අර පැත්තේ. අහවලා මේ පැත්තේ. මේ යනාදී වශයෙන්. අද සමගි ජන ජනබලවේගයේ දොරටු මුළු මහත් රටේ ලක්ෂ 220 ටම විවෘතයි. තමන්ගේ කලකිරීම තුළ අපි ආරාධනා කරනවා දෙන්නන් වාලේ ට නෙමෙයි සමගි ජන බලවේගයේ නායකත්වය, කණ්ඩායම ප්‍රතිපත්ති හා දර්ශනය පිළිබඳව ඒ හොඳ විශ්වාසයක් තබලා ප්‍රතිපත්තිගරුකව ඕනම කෙනෙකුට අපේ පක්ෂයට ඇතුළු වෙන්නට අපි දොරටු විවෘත කරලා තිබෙනවා යි කියන එක ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා. විජිත් විජිතමුණි සොයිසා මැතිතුමාට ජයවේවා. සමගි ජන බලවේගය ටත්, සමගි ජන සන්ධානයටත් ජය වේවා. ඒ වගේම රටටත් , රටේ ජනතාවටත් ජයෙන් ජයම වේවා කියමින් මම නිහඬ වෙනවා

– Media unit

27,551 views

8 Comments to “යූඑන්පී කාරයන්ට නාම යෝජනා පොහොට්ටු කපුටාගෙන්.. ඇමති ලයිස්තුවත් කපුටාගෙන්..”

  1. Jagath says:

    කපුටා තමයි පිටිපස්සේ ඉදන් ඔක්කොම මෙහෙයවන්නේ. රනිල් රාජපක්ෂ උගේ ප්ලැන් එකක්

    • Kujeetha says:

      එහෙම කරන එක හරි නෑ. මෙච්චර මහන්සි වෙලා මාස 3 ක් තිස්සෙ ගෝල් ෆේස් එකෙ නොකා නොබී ලැගල තමා ලොක්කව ලොකුම පුටුවේ ඉන්දුවේ. එහෙව් එකේ අනුර ගෙන් අහන්නෙ නැතුව් ඇමති කම් දෙන එක වැරදියි.

      අඩුම ගානේ අර ටොයිලට් අස්සෙ උඳන් සල්ලි දීපු පරම ඇත්ත පුතාගෙ නූතන බිබිලෙ තාත්තට වත් ඇමතිකමක් අරන් දෙන්ඩ අනුර සහෝට බැරි උනා

      • Kujeetha says:

        ලබන පාර අපි පොහොට්ටුවෙන් ජනපතිවරනයට දාන්නෙ රනිල් මහත්තයව. එතකොට බූර් පුටානෝ සහ ලපයට ඇපත් නෑ

  2. JVP ජාන says:

    Exජෙප්පන් මෙන්ම Currentජෙප්පන් යන දෙපිරිසම ජනතාව ප්‍රතික්ෂේප කල යුතුය.
    ඔවුන් හැමවිටම ජනතාවගේ නියම අරගල විකෘතියක් කරා ඇදගෙන ගොස් චොර කර දමති.
    විමල්, වික්ටර් අයිවන්,පුබුදු ජාගොඩ,කුමාර් ගුණරත්නම්, චම්පික රණවක, ගම්මන්පිල, අප්පච්චි මලෝ ජනතාවගේ නියම ගමන් මගට අතිශය හානිකර, අතිශය බාධාකාරී, විනාශකාරී Exජෙප්පන්ය.
    Currentජෙප්පන් ගැනද එසේමය.දෙගොල්ලන්ම පංති පහේ ගොං තෙල් වලින් මොළ සෝදාගත් දෘෂ්ටිමය අංගවිකලයන්ය.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    ජනාධිපතිවරණෙදි බූරු පුතාට ඇපත් නෑ. නාමල් රාජපක්ෂ රටේ එකම බලාපොරොත්තුවයි.

  4. JR says:

    එහෙනං උසමිටි හැටියට පත් කරමුද? කොටන කපුටෙකුට කියලාවත් ලමෙකුත් හදපිය මෝඩයා…

    • john the baptice says:

      උබටත් ළමයි හදල දුන්නෙ කපුටා නේද? අත්දැකීමෙන් තමා රෙකමන්ඩ් කරන්නෙ නේ?

  5. Nilanthi Wickramasinha says:

    Why don’t you stop acting like the village gossip spreading lies.every time you open your mouth you prove that you are not presidential material.It’s pity that you and the others around you can’t understand that.even your uneducated father was better than you .You are just a puppet of Sirasa Media

Main News