IMF ගිවිසුමක් නැතැයි රජය කිවුවත් ගිවිසුමක් ඇතැයි අලි සබ්රි UNHRC සමුළුවට කියලා..

September 21, 2022 at 5:30 pm | lanka C news
IMF ගිවිසුමක් නැතැයි රජය කිවුවත් ගිවිසුමක් ඇතැයි අලි සබ්රි UNHRC සමුළුවට කියලා..

‘ජාත්‍යන්තර මුලය අරමුදල සමග ඇති එකගතා පර්ලිමෙන්තුවට ලබා දෙන්න. රජය කිව්වට ගිවිසුමක් නැ කියලා අලි සබි‍්‍ර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට කිව්වා ගිවිසුමක් තියනවා කියලා. ගිවිසුමේ තොරතුරු පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නැත්නම් අපේ සහයෝගය බලාපොරොත්තු වෙන්න එපා’ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා මෙසේද අදහස් පල කරන ලදී.

‘ගරු කථානායකතුමනි පසුගිය සතියේ මම ඉල්ලීමක් කෙරුවා රජයත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් අතර ඇති කරගෙන ඇත එකගතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා.මොකද අපි විවාදයක් කරන්න බලාපොරොත්තු වෙනවා.මේ තොරතුරු නැතිව අපිට විවාදයක් කරන්න බැ.රජය කිව්වට ගිවිසුමක් නැ කියලා අලි සබි‍්‍ර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට කිව්වා ගිවිසුමක් තියනවා කියලා.එතකොට නය කාරයෝන්ටත් ගිවිසුමක් ලබා දීලා තියනවා.ඔබතුමා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න මොකද පාර්ලිමේන්තුවටයි මුදල් බලය තියෙන්නේ.පසුගිය කාලයේ ඔබතුමා දකින්න ඇති මේ නිලධාරින් සංවේදී කාරනා කිය කියා මේ සියල්ල හන්ගන්නයි හදන්නේ .2019 විදේශ විනිමය ඩොලර් මිලියන 7900ක් තිබ්බා,ඒක ඩොලර් මිලියන 20ට බැස්සා පාර්ලිමේන්තුවේ අපි දන්නෙත් නැ.සංවේදී කිය කියා රහස්‍ය භාවය කිය කියා මේ ගිවිසුම හන්ගන්නයි හදන්නේ.මම පැහැදිලිව කියනවා අපිට පෙන්වන්නේ නැතිව ගිවිසුමක් අත්සන් කරාට අපි ඒක පිළිගන්නේ නැ.මොකද ගිවිසුම අපට පෙන්වලා අපේ ආශිර්වාදය ඇතිව වැඩ කටයතු කලොත් රටට හොදයි.ඒ නිසා මේ ගිවිසුම ලබා දෙන්න.

ගරු කථානායකතුමනි ඔබතුමා ජනාධිපතිතුමන්ට කතා කෙරුවද?මොකද එතුමා විපක්ෂයේ මන්ත‍්‍රීවරයකුව සිටියදි එතුමා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ලබා දෙන්න කියලා එදා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.ඒ වගේම සර්ව පාක්ෂික සමුළුවේදී ගිවිසුම ඉල්ලූවම බැසිල් රාජපක්ෂ මහතා එදා දෙන්න බැ කිව්වම එදා වත්මන් ජනාධිපතිතුමා කිව්වා මට නෙවේ පාර්ලිමේන්තුවට ලබා දෙන්න කියලා ව්‍යවස්ථාව අනුව මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට .ඇත්ත වශයෙන්ම කථානායකතුමා කාගෙන්වත් අහන්න ඕනේ නැ.නමුත් එතුමාට ගරු කිරීමක් වශයෙන් ඇහුවට කමක් නැ.ඔබතුමා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න .මොකද ඔබතුමා කියනවා නම් ජනාධිපතිතුමාගෙන් අහලා කියන්නම් කියලා ඒක පාර්ලිමේන්තුවට කරන අපහාසයක් .මොකද මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට .

ගරු කථානායකතුමනි ඔබ තුමා කවදාද අපිට මේ තොරතුරු ලබා දෙන්නේ?හෙට දැනුම් දෙනවද?ඔබතුමන්ලා මේ ගිවිසුම රටට හන්ගනවානම් අපි මේක රටට කියනවා.මොකද රටේ ජනතාව අහනවා තවත් බදු බර වැඩිවෙනවාද?විදුලි බිල 25% වැඩි වෙනවා කියනවා ,ඇත්ත වශයෙන්ම මේවා ජනතාවට දරා ගන්න බැ.ගරු කථානායකතුමනි කවදාද මේ තොරතුරු අපිට ලබා දෙන්නේ?ඔබතුමාගේ රාජකාරිය ඔබතුමා පැහැර හරිනවා.අපිට ගිවිසුමේ තොරතුරු ලබා දෙන්නේ නැතිව මේ කටයුතු කරනවා නම් අපේ සහයෝගය බලාපොරුත්තු වෙන්නත් එපා සම්පුර්ණ වගකීමත් ඔබතුමන්ලාම ගන්න’

– media unit

9,134 views

2 Comments to “IMF ගිවිසුමක් නැතැයි රජය කිවුවත් ගිවිසුමක් ඇතැයි අලි සබ්රි UNHRC සමුළුවට කියලා..”

  1. මාදිවෙල උකුස්සා says:

    ඔන්න ඕක තමයි හොඳටම මොළේ තියෙනව කියන වසර 45 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල්ගෙ ක්‍රමේ. විපක්ෂයේ ඉන්නකොට පාර්ලිමේන්තුවට ඇති මූල්‍ය බලතල පෙන්නල IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන්න කියනවා. එහෙම කියපු මිනිහම බලයට ඇවිත් මුදල් ඇමතිඋනාම ගිවිසුම හංගනවා. බලුබෙට්ටෙ අගයි මුලයි දෙකම එකවගේම තමයි. රනිල් සහ රාජපක්ෂලාත් එකවල්ලේ පොල්.

  2. ලෝකයා says:

    ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියන්නෙ මේවට තමයි.

Leave a Comment

Main News