පන්සලේ විදුලි බිල ලක්‍ෂ පහමාරයි..

September 23, 2022 at 10:02 pm | lanka C news
පන්සලේ විදුලි බිල ලක්‍ෂ පහමාරයි..

විහාරස්ථානයක් මාසයකදී විදුලි ඒකක 8,500 ක් පාවිච්චි කිරීම නිසා රුපියල් ලක්‍ෂ පහමාරක විදුලි බිලක් ලැබී ඇති බවත් මෙවැනි ආකාරයට දැවැන්ත විදුලි පරිභෝජනයක් කරන ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

එම විහාරස්ථානයේ පසුගිය මස විදුලි බිල රුපියල් 80,000 ක් යැයි එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් යොමුකර ඇති බව කී රත්නායක මහතා කොළඹ 7 පිහිටි කාමර 35 කින් යුත් සිය හෝටලයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 7,500 ක් පමණක් බව ද සඳහන් කළේය.

මෙවැනි විශාල පරිභෝජනයක් ඇති ස්ථානවලට ලක්‍ෂ 5 කට වඩා වැඩි බිලක් ලැබීම වැලැක්විය නොහැකි බව කී රත්නායක මහතා සඳහන් කළේ පන්සල්වලට සහනාධාර දීම රජයේ කටයුත්තක් බවත්ය.

සමස්ත රට තුළ ඇති ආගමික ස්ථාන 48,500 ක පමණ සංඛ්‍යාවෙන් සියයට 75 ක් පමණ ඒකක 180 කට අඩු විදුලි පරිභෝජනයක් ඇති ඒවා බවත් සියයට 25 ක් පමණ වන විශාල පරිභෝජනයක් ඇති ස්ථාන ගැටලුවක් බවට පත්ව ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් කීය.

– Lankadeepa

32,855 views

9 Comments to “පන්සලේ විදුලි බිල ලක්‍ෂ පහමාරයි..”

  1. දායක සභාව සහ කුළඟන සමිතිය says:

    ගමේ මිනිස්සුන්ව කන හූරාගෙන කෑමේ තරම කොහොම ඇද්ද ? ගොන් ගිහියනි… දැන් වත් බුද්ධිය පාවිච්චි කරපල්ලා..

  2. Neo says:

    කිසි නිශ්පාදන කාර්යක් නොකර මේ වගේ පරිභෝජනය විතරක් කරන සියලු ස්ථාන රටේ ආර්ථිකයට බරක්.

    • Sasrasi says:

      ඒක ඇත්ත . සියල්ලටම ඉතින් යැපෙන්න මුදල් හොයන්න ඕන වැඩකරන ජනතාව විතරයි . ඒ බරත් ඔවුන්ගේ පිට. තමා

  3. තරු පහේ පන්සල් නම් කරවූ.... says:

    තරු පහේ පන්සල් නම් කරවූ….දිව්‍යලෝකයට කිට්ටූම බිල අනූව නම් අගෙයි.V8 නිකායෙ සාදූලා.. බෙන්ස්
    නිකාය සාදූලා….මොන්ටෙලෝ නිකාය සාදූලා IMF සාදූලා…..හැටියට තරු දෙමූ. එතකොට පෑන්ශකූලෙ තරු ගානට ගහමූ.

  4. Upul says:

    What the Lord Buddha said was to practise the middle path. If these Sangha has done that there wouldn’t be any exorbitant electricity bills for sure.

  5. කිකිලියො බිත්තර දානව හරි ගනන්...පන්සල් පල්ලි ලයිට් දමන් පිං දමනව හරි ගණන්.... ඒ මදිවට තරවටූ.. says:

    කිකිලියො බිත්තර දානව හරි ගනන්…පන්සල් පල්ලි ලයිට් දමන් පිං දමනව… හරි ගණන්…. ඒ මදිවට තරවටූ පාත්තරේ බිල් වැඩි කියල.

  6. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    දැන් සැප ද ……..අපේ හාමුදුරුවනේ ………..

  7. අඩුම තරමේ විදුළිය වත් නිපදවාගැනීමට ක්‍රීයයාත්මක වියයුතුයි,.! says:

    පළදායි නොවන මූළික අරමුණ සම්පුරණයෙන් ඉවතළා සමස්ථය රැවටීමට ලක්කරනමින් ක්‍රියාත්මවන සමස්ථ දූශිත ආයතන, පාර්ළිමේනතව ඇතුළ සියළු ගුබ්බෑයම් වළ විදුළිය විසංධිකර දැමියයුතුයි,.!
    මහඡන බදු මුදල් ගිළදැමූ ගුබ්බෑයම් වළට අරක්ගන්නාළද දූශිත සොරදෙටුවන් ඔවුනොවුන්ගේ වංචනික කූඨ අසමත් ඡාතයේ මොළගෙඩි,. සවයං උත්සාහයෙන් අඩුම තරමේ විදුළිය වත් නිපදවාගැනීමට ක්‍රීයයාත්මක වියයුතුයි,.!

  8. Gajaweera Mudiyanse says:

    Kelaniya Rajamaha vihara can be another good example.
    The pagoda is lit with very bright light through out the night.

Leave a Comment

Main News