නසරිස්තාන හඬත් යලි ඇසේ්.. කල්මුණේ වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් නොකලොත් දැඩි පියවරලූ..

September 29, 2016 at 3:50 pm | lanka C news
නසරිස්තාන හඬත් යලි ඇසේ්.. කල්මුණේ වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් නොකලොත් දැඩි පියවරලූ..

අම්පාර දිස්ත‍්‍රික්කයේ ‘කල්මුණේ’ වෙරළබඩ කළාපය වෙනම දිස්ත‍්‍රික්කයක් ලෙස පිලි ගන්නා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැවත වතාවක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක නියෝජ්‍ය ඇමති එච්.එම්.එම්. මහතා සදහන් කරන්නේ රජය මෙවරද එම ඉටු නොකරන්නේ නම් තම දරන ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

මුස්ලිම් ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වන කල්මුණේ පරිපාලන දිස්ත‍්‍රික්කයට විරුද්ධ මතවලට ඉඩ දෙමින් තව දුරටත් මුස්ලිම් අයිතිවාසිකම් වල දැමීමට ඉඩ නොදෙන බවද ඔහු කියා සිටී.

නියෝජ්‍ය ඇමතිවරයා තව දුරටත් කියා සිටියේ මෙම ඉල්ලීම ඉටු නොකළ හොත් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව තම ඡන්දය දෙන බවයි.

98 views
Main News