රට වටේම මහින්ද උඩින්ම දිනා යහපාලනය බින්දුවට පරදින නිසා සමුපකාර ඡන්දත් කල් දමයි…

September 30, 2016 at 1:06 am | lanka C news
රට වටේම මහින්ද උඩින්ම දිනා යහපාලනය බින්දුවට පරදින නිසා සමුපකාර ඡන්දත් කල් දමයි…

පළාත් පාලන ඡන්දය කල් දැමූ මේ ආණ්ඩුව පරදින නිසා දැන් සමූපකාර ඡන්දත් නවත්වන්න හදනවා
– ජානිපෙ නායක විමල් වීරවංශ

පළාත් පාලන ඡන්දය කල් දැමූ වත්මන් අෘණ්ඩුව පවත්වනු ලබන සමූපකාර ප්‍රාදේශික ඡන්ද විමසීම්වලින්ද තමන් පරාජය වන ආකාරය දැක ඒවාද කල් දැමීමට සූදානම් වන බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බුත්තල, මොනරාගල පාර, 11 කණුව පිහිටි ‘ජාතික නිදහස් පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් නායක පද්ම උදයශාන්ත මහතාගේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය’ විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

අම්බලන්ගොඩ, කුලියාපිටිය ඇතුළු දැනට පවත්වා ඇති සමූපකාර ප්‍රාදේශික ඡන්ද සියල්ල මහින්දවාදී බලවොග විසින් ජයග්‍රහණයකර ඇති බව මෙහිදී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ ජනතා ඔල්වරසන් මැද්දේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ වගේ පරගැති හවුලකට බලයේ ඉන්න ඉඩ දිලා අපි බලන් ඉන්නවා නම් මේ රටට සාමය, ඒකීය භාවය රැගෙන එන්න දිවි පුදපු මිනිස්සු කරලා තිබෙන්නේ මෝඩ වැඩක්. මේ ඔක්කොම කරන ගමන් ‘හිටන්’ මොකද කරන්නේ? ‘හුටන්’ එක්ක එකතු වෙලා අපි කාවහරි හිරේ දානවා. මගේ සහෝදරයා මේ වන විට ඉන්නේ වැලිකඩ හිරගෙදර. ඊට කලින් නෝනා හිරේ දැම්මා. ඊයේ අපේ පක්‍ෂයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර සහෝදරයා හිරේ දැම්මා. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිතුමා හිරේ ඉඳලා එළියට ආවා. එක්කෙනෙක් එළියට එනකොට දෙන්නෙක් හිරේට දානවා. මටත් ත්‍ක්‍ෂෘය දෙවතාවක් එන්න කීවා. මමත් දත් බුරුසුවක් අරගෙන ගියේ (සභාවේ සිනා) මගෙන් ප්‍රශ්න කළ විමර්ශන නිලධාරියා ළඟ ප්‍රශ්න 160ක් ලියාගත්තු කොළයක් තිබෙනවා. තවම අහලා ඉවර වුණේ ප්‍රශ්න 35ක් පමණයි. දිගු උත්තර දෙන්න වෙන නිසා සෑහෙන කාලයක් ගනිවි ප්‍රශ්න 160ම අහලා ඉවර කරන්න.

‘එදා බටලන්දෙන් කළ දේ අද ත්‍ක්‍ෂෘයෙන් කරනවා’

මේක තමයි මේ අයගේ ක්‍රමය. එදා බටලන්ද වධකාගාරයෙන් රටේ ජනතාව බියවද්දන්න හැදුවා. මේ FCID මර්දනකාරී යාන්ත්‍රණයෙන් රටේ ජනතාව බිය වද්දන්න හදනවා. ‘හිටන්’ සහ ‘හුටන්ට’ අපි කියනවා, ‘නුඹලාගේ බටලන්ද වධකාගාරයට යටත් නොවුණු පරම්පරාවක මිනිස්සු අපි. ඒ නිසා ඔය ක්‍රමයට නුඹලාට අපෙන් එල්ල වන දේශපාලන අභියෝගය නවත්වන්න පුළුවන් වෙන්නේ නැහැ’ කියලා. ඌව වෙල්ලස්සේ රණකාමී මුතුන් මිත්තන්ගෙන් පැවත එන ඔබ සියලු දෙනා ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී නිවැරදි තීරණ අරගෙන ඔබගේ අභිමානය රැක ගත්තා. ඒ නිසා මේ පරගැති හවුල පරදවන මහා සටනේ සටන්කාමී බලවේගය හැටියට ඔබ සැම මේ සටන අතට ගන්න ඔනේ.

‘ඡන්ද සිතියම හකුළනවා’

දැන් ව්‍යවස්ථාවක් නම් හදාගෙන යනවා. ඒත් පළාත් පාලන ඡන්දය තියන්නේ නැහැනේ. මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමති කියනවා, ‘පාරවල් හදන්න හොඳ නැකැත් නැහැ. ඒ නිසා පාරවල් හදන එක ටිකක් කල් යනවා’ කියලා. ඒ වගේම නැකැත් නැති නිසා වෙන්න ඇති පළාත් පාලන ඡන්දයත් දිගින් දිගටම නීතියට පිටින් කල් දමමින් සිටින්නේ (සභාවේ සිනා) ජාතික මැතිවරණ කොමිසම ස්වාධින නම් එහි සභාපතිවරයා ඇයි තීරණයක් නොගන්නේ? මොන ස්වාධිනද? ඒ නිසා ඔබට පෙනෙනවා ඇති මේ ආණ්ඩුව මැතිවරණ සිතියම හකුළමින් සිටින බව. දැන් සමූපකාර ඡන්ද තියෙන එකත් නවත්වන්න හදනවා. මේ වෙනකොට පවත්වපු සෑම සමූපකාර ඡන්දයකින්ම මහින්දවාදී බලවේගය ජයග්‍රහණයකර තිබෙනවා. (අත්පොළසන්) අම්බලන්ගොඩ වගේම අධ්‍යාපන ඇමතිගේ කුලියාපිටිය ආසනයේ සමූපකාර ඡන්දෙත් මහින්දවාදී බලවේගය ජයග්‍රහණය කළා. තවත් සමූපකාර කිහිපයක ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙලා තිබෙනවා. ඒ සියල්ල ජයග්‍රහණය කළේ මහින්දවාදී බලවේගයයි. ඒ නිසයි දැන් සමූපකාර ඡන්ද තියෙන එක නවත්වන්න සූදානම් වෙන්නේ.

‘අද විග්නේෂ්වරන් ස්වයංපාලනය ඉල්ලනවා’

පාර්ලිමේන්තුව ඇතුළේ හදාගෙන යන ව්‍යවස්ථාව මගින් විග්නේෂ්වරන් ස්වයංපාලනය ඉල්ලනවා. පවතින ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ලබා දී තිබෙන බලය අතට අරගෙන විග්නේෂ්වරන්ලා නටන නැටුම් අද මුළු රටටම දැක බලා ගන්න පුළුවන්. නමුත් ඉඩම්, පොලිස් හා මුදල් බලතල දුන්නොත් කොහොම නටාවිද?

දැන් මේ තිබෙන බලය යටතේ බුදු පිළිම ගලවන්න කියන විග්නේෂ්වරන්ලා මීට වැඩි බලයක් ලැබුණොත් මොනවා ගලවන්න නොකියාවිද? මේ අන්තවාදයට ඒ විදියට පුද සත්කාර කරලා හීලෑ කරන්න බැහැ. යුද්ධය පැවැති කාලයේදීවත් යාපනය විශ්ව විiාලයේ සිංහල- දෙමළ ශිෂ්‍යයන් අතර ගැටුම් ඇති වුණේ නැහැ. ගැටුම් ඇති වුණේ මේ ආණ්ඩුව බලයට ආවාට පස්සේ. අද මේ අන්තවාදීන්ට විශ්වාසයක් තිබෙනවා, ‘අපට විරුද්ධව අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපට ආරක්‍ෂාව තිබෙනවා’ කියලා ඒ නිසා තමයි ඔවුන් යුද්ධ කාලයේදීවත් නොතිබුණු ගැටුමක් යාපනය විශ්ව විiාලය තුළ හැදුවේ. මේ ආණ්ඩුව වසර එකහමාරක් කරලා තියෙන්නේ අන්තවාදයට පණ දීපු එක.

‘ජනමත විචාරණය පරදවා ආණ්ඩුව ගෙදර යවමුෟ’

පණ දීපු ආන්තවාදයට වැඩි වැඩියෙන් බලය දෙන්න තමයි දැන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් අටවාගෙන එන්නේ. මේ ව්‍යවස්ථාවසම්මතකර ගන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් උවමනා වෙනවා. ඒ විතරක් නොවෙයි ඒ නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකටත් දාන්න වෙනවා. ‘පක්‍ෂය කුමක් වුවත් ඒ අපරාධයට අත ඔසවන්න එපා’ කියන ඉල්ලීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ යුතුයි. මේක රට ගැන ප්‍රශ්නයක්. ඒනිසා රටට ආදරය කරන සියලු පක්‍ෂවල සිටින සාක්ෂිකයන්, තමන්ගේ මන්ත්‍රිවරයාගෙන් මේ ඉල්ලීම කළ යුතුයි. weerawansa
පණ දීපු ඒකියභාවය නැති කරන්න, ෆෙඩරල් රාජ්‍යයක් බවට මේ රාජ්‍යය පත් කිරීමට, සමූහාන්ඩු සංගමයක් බවට මේ රට පත් කිරීමට හදනවා නම් එය නැවැත්විමට අත ඔසවන්න බැරිනම් ඒ මන්ත්‍රීවරු මේ රටට ආදරය කරන අය වෙන්න බැහැ. ඒ නිසා අවශ්‍ය බලපෑම මන්ත්‍රීවරුන්ට කළ යුතුයි. ඊට පසුව ජනමතවිචාරණය පරාජය කළොත් මේ ආණ්ඩුවට එතැනින් එහාට බලයේ ඉන්න ජනවරමක් නැහැ. බි්‍රතාන්‍යයේ බලයේ සිටි ආණ්ඩුව දරපු මතය ජනමතවිචාරණයේදී පරාජයට පත් වුණා. පසුවදාම ඒ ආණ්ඩුව ගෙදර ගියා. මේ හුටන් නම් යන එක්ක නැහැ. යන්නේ නැතිනම් යවන්න වෙනවා. මේ අභියෝගය සහ සටන ඉදිරිපිටයි අද අපි ඉන්නේ. ඒ සඳහා සූදානම් වෙන්න නම් සංවිධානය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන මතවාදය, අවබෝධය මහජනතාව අතරට ගෙන යා යුතුයි. ඒ සඳහා ඔබ සැමට ධෛර්යය ශක්තිය ප්‍රාර්ථනා කරනවා.”

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

41,329 Viewers

7 Comments to “රට වටේම මහින්ද උඩින්ම දිනා යහපාලනය බින්දුවට පරදින නිසා සමුපකාර ඡන්දත් කල් දමයි…”

  1. kamal says:

    අනගාරික කමල් ජාතියෙන් ඉල්ලයි
    පක්ෂ දෙශපාලනය අපව බෙදුවා. ගුණමකු කරා. හැම පක්ෂයෙම ඉන්නෙ ගුණමකු අය. මම කියන්නෙ ගුණදාස අමරසෙකරගෙ සභාග රාජ්ජයට ගරු කරන්න. ඒක ඒක්කෙනාට අැගිලි දික්කරන ඒක නවත්තලා උඹලා සමගි වෙයල්ලා. මහින්දව විවෙජනය කරත් රනිල්ව විවෙචනය කරත් ඔබ ගුණමකුයි

    • ranjith perera says:

      ගුනදාස අමරසේකරගෙ සභාග රාජ්ජෙ මෙයා වරදවා තේරුම් අරන් තියෙන්නෙ. දැන් තියෙන්නෙ යූඇන්පී රජයක්නේ. දන්නැති බම්බුගැන කතානොකර හිටිං

  2. Janaka says:

    රටේ දෙවරක් විධායක ජනාධිපති වු ඔහු අවසන දී සමූපකාර ඡන්දය දිනා අහෝ සැපයි කිවාලු….!!!!

    • fass says:

      Ayeth rata nanaththara wenakan umbalath aho sapai kiya kiya hitapan.

    • suji says:

      චන්ද 30ක් පැරදිලා බටහිරයො සහ ඉන්දියන් කාරයොයි කොටියි එක්කහු වෙලා රටේ මිනිස්සු ගොනාට අන්දල අන්තිමේ ආන්ඩුවක් කියල හදාගත්තට දැන් කොරගන්න බැරුව අනුන්ට බැන බැන ඉන්නව කාලකන්නි හැත්ත

    • Boo says:

      අඩු මිලට කාර් ලැබෙයි, බදු අඩුවෙයි, නොමිලේ wi-fi ලැබෙයි කියල හිතන් හිටපු ලක්ෂ 62ක් හරක් රැල ඒවා නොලැබ ගල්වනිස් පයිප්පයක් අල්ලගෙන බැසිල් උසාවි ගෙනිච්චම “අහෝ සැපයි” කිවුවලු.

Main News