කුණු කදු ගොඩගැසේ.. එදා ලොව සුන්දරම කොළඹ මහා දුර්ඝන්ධයක් පැතිරේ.. කොළඹ එන්නේ නම් නහය වහගෙන එන්න..
April 27, 2017 at 8:40 am | lanka C news
මීතොටමුල්ල කසල කන්දේ සිදුවීමත් සමග කසල බැමැර කිරීමට ස්ථානයන් සීමා සහිතච වීම නිසා කොළඹ නගර සීමාවේ බොහෝ තැන්වල කසල ගොඩ ගැසී තිබේ.
මහා දුර්ඝන්ධයක් මුළු අගනගරය පුරාම පැතිරෙමින් තිබේ.
නිවැසියන්ද පවසන්නේ තම නිවෙස්වලද විශාල වශයෙන් කසල එක් රැස් වී ඇති බවයි.
මහා මාර්ගයන්හි ගමන් කරන ජනතාව නහය වසාගෙන ගමන් කරනු මේ දිනවල ඉතා සුලබ දසුනකි.
දැනට වසර කිහිපයකට පෙර කොළඹ නගරය ඉතා පිරිසිදු ඉතා අලංකාර නගරයක් ලෙස ලෝකයේ ඉහල ඇගයීමකට ලක් විය.