77දී සම සමාජයට වූ දේ මෙවර එජායට වන බව එජාපයම කියයි..

December 12, 2019 at 5:30 pm | lanka C news
77දී සම සමාජයට වූ දේ මෙවර එජායට වන බව එජාපයම කියයි..

මාස දෙක තුනකික් මහාමැතිවරණයක් එනවා. ඒකට නායකත්ව මණ්ඩලයක් දමාගෙන කරන්න හදන විකාරය නිසා 1977 දී ලංකා සම සමාජ පක්ෂයට වූදේ රනිල් වික්‍රමසසිංහ එක්සත් ජාතික පක්ෂයට කරන්න හදනවා යැයි, එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් බෞද්ධ කටයුතු ලේකම් ප්‍රවීණ ලේඛක අහුන්ගල්ලේ දේ සු ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

අහුන්ගල්ල සිය නිවෙසේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අහුන්ගල්ලේ දේ සු ද සොයිසා මහතා මෙසේද කීය.

ලංකාවේ වැඩිම කාලයක් පක්ෂය නායකත්වයක් දැරුවේ ආචාර්ය ඇන් ඇම් පෙරේරා මහත්තයා. ඔහු 1935 සිට 1978 දක්වා වසර හතළිස් තුනක් ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය දැරුවා. 1947 මහා මැතිවරණයේ දී කොළඹ සිට තිස්සමහාරාමය දක්වා සියලු ආසන දිනුවේ සමසමාජ පක්ෂය ඇතුඵ වාමාංශික පක්ෂයි. එක්සත් ජාතික පක්ෂය ට ලැබුණේ එක මන්ත්‍රී පදවියයි. ඒ බළපිටියෙන්. එහෙම ලැබුණෙත් බහු ආසනයක් නිසයි. 1970 මහා මැතිවරණයේ දී එක්සත් ජතික පක්ෂය මන්ත්‍රී ආසන දාහතක් (17) දිනාගන්න විට ලංකා සම සමාජ පක්ෂය ඇන් ඇම් පෙරේරා මහතාගේ නායකත්වයෙන් මන්ත්‍රී ආසන දාහතක් (17) දිනා ගත්තා.

ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හිටපු සාමාජිකයෙක් වන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතායි. ඇන් ඇම් ට, එස්මන්ඩ් ට, කොල්වින් ට එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න බැරි වුණා. අද එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් ඒ අයට කරන්න බැරි වූ දේ අද ක්‍රමාණුකූලව කරගෙන යනවා. 1947 දී එක්සත් ජාතික පක්ෂය ට එක මන්ත්‍රී කෙනෙක් දිනුව වගේ මෙදා ජනාධිපතිවරණයෙනුත් මුහුදු කරෙන් දිනාගන්න හැකි වුණේ යන්තම් ගාල්ල විතරයි.

බෝසතාණන් වහන්සේලා රජ පදවි තනතුරු රාජ්‍ය දන් දුන්න වගේ රනිල් වික්‍රමසිංහ මහතා ද බෝධි සත්වයෙක්. ඔහු තුන්වරක් අගමැති පදවිය දන් දුන්නා. නඩු තීන්දුවකින් අගමැති පදවිය අගෝස්තු දක්වා දරන්න පුඵවන්. එහෙත් කිසි ලාභ ප්‍රයෝජනයක් නැතුව පසුගියදා එතුමා තුන්වැනි වරටත් අගමැති පදවිය දන් දුන්නා. විපක්ෂ නායක කමත් දන් දුන්නා. ඒ තරම් දන් දෙන මිනිහට පක්ෂ නායක කම සජිත් ප්‍රේමදාස මහතාට නොදී කල් මරන්නේ ඇයි. රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණේ ජනාධිපතිවරණය පැරදුණ ගමන් විපක්ෂ නායක හා පක්ෂ නායක පදවියත් අතහැර යාමයි.

එක්සත් ජාතික පක්ෂයට බෞද්ධ ජන පදනම නැතිවුණේ රනිල් මහතාගේ නායකත්වය යටතේ. නමුත් එතුමා හොඳ බෞද්ධයෙක්. එතුමගෙ ආණ්ඩුව යටතේ බුද්ධ ශාසනයට විශාල සේවයක් කර තිබෙනවා. නමුත් ඒ සේවය ජනගත වුණේ නැහැ. මංගලගේ හා රංජන්ගේ බහුභූත කතා ඉස්මතු වුණා. මංගලගේ කට වැසුවෙ නැත්නම් පක්ෂය සෝදා පාලුවට ලක්වෙන බව  මාස හයකට ඉහතදී මම ප්‍රකාශ කළා. ඒක ඒ අයුරින්ම වුණා. සතර පෝය නිවාඩු දිනයක් බවට පත් කළේ ඩඩ්ලි සේනානායක මහතාගේ ජාතික රජයෙන්. ගිය අවුරුද්දේ ඒකට අවුරුදු පනහක් (50) පිරුණා. ඒ වෙනුවෙන් සැමරුම් මුද්දරයක් නිකුත් කරල රාජ්‍ය උත්සවයක් පවත්වන්න කියල විශේෂ පත්තරයක් ගහල ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතාට කිව්වත් සත පහකට ගණන් ගත්තේ නැහැ. කිසිම පක්ෂයක නැති විදියට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් බෞද්ධ කටයුතු ලේකම්වරු ඉන්නවා. පසුගිය වසර හතර තුළ ඔවුන්ගෙන් සත පහක වැඩක් ගත්තෙ නැහැ. වගකීමක් දුන්නෙත් නැහැ. එහෙම නොකළානම බෞද්ධ ජන පදනම නැතිවෙන්නේ නැහැ යනුවෙන්ද ඒ මහතා ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

160 views

9 Comments to “77දී සම සමාජයට වූ දේ මෙවර එජායට වන බව එජාපයම කියයි..”

  1. අනුර කුමාර says:

    එසේ විමට අප කිසි ලෙසකත් ඉඩ දෙන් නැ. අපි ඒකාබද්ධව හරි unp පක්ෂය බේරා ගන්නවා. මෙි ආන්ඩුවට විරුද්ධව ගතහැකි සියලුම ක්‍රියාමාරග ගන්නවා . දැනටමත් ආන්ඩුව කරන වැඩගන පැහැදීමක් නෑ . බලන්න රට සහලින් ස්වයංපෝෂිත නොකර සහල් අපනයනය නැවතීම, තිරිඟු පිටි මිල පහත හෙලිම ජනතාව පැත්තෙන් ගත් හොද තීරනයක් කියලා අප හිතන් නැ. වැඩිවසයෙන් පිටි අහාර වලට ජනතාව හුරුකර ජනතාව ලෙඩ කිරිම තමයි එහි යටි අරමුණ. රටේ ජනතාව ලෙඩ වු විට අරගල කරන්න බැ.
    යම් හෙයකින් ආහාර අර්බුදය පැමිනියහොත් රාජපක්ෂලාගේ කදවුරේ අයට අහාර ලැබේවි. ඒ කදවුරේ නැති පීඩිත පන්තියට දුක්විදිමට සිදුවුවහොත් 71 කැරල්ල මෙන් ජනතාව පාරට බැස්සවීමට හැකි සියලුම ක්‍රියාමාරග ගැනීමට අප කිසිලෙසකත් පැකිලෙන් නැහැ.

  2. Gonsun says:

    Baila epo,.Jesyu malli nama kohenda?

  3. fonny says:

    මේ සොය්සා යකා මේ මොනවද දොඩවන්නේ? කුඩු ගහලද?

  4. ගල්මංගොඩ says:

    මෙයා මේ හීනෙන් නැගිටලා වගේ මොනවද මේ කියවන්නෙ..

    සතර පෝය කවද්ද නිවාඩු දිනයක් වුනේ. මහ පෝය (දෙපෝය) විතරයි නිවාඩු.

    අනික පහුගිය වසර 4දි බුදු සසුනට වුණ සේවය මොකක්ද. අකිල පිංකැටේටත් කෙලියනෙ. ගුරුකන්ද සිද්ධයට රාජ්ය අවධානය දුන්න ද? හිමිවරු හිරේ දැම්මා. බුදු සසුනට අවමන් කරපු හම්බයෝ එලියෙ.

    රනිල් එතකොට එස්මන්ඩ් ගෙ කොන්රාත්තුව කරපු නිසා UNP එක විනාශ වුනේ.. එහෙමද? රනිල් මංගල රංජන් විතරක් පෝරියල් එක කන්න ඕන… UNP එකේ අනිත් උන් බබ්බු.

    මුජිබර්… සුමන්තිරන්… අකිල… හරීන්… සුජීව… හේශා… මරික්කාර්… හකීම්… බදියුදීන්… තව ඉන්නවා. සමස්ථ UNP එකේම තිබ්බ බෞද්ධ විරෝධී වැඩ පිලිවෙල සහ සජිත්ගේ ගොන් කතා කියන හැම දේම UNP එක දේශඵාලනයෙන් අතු ගෑවී යාමට හේතු තමයි.

    ඒ වගේම මහ උජාරුවෙන් සුලු ජාතික පක්ෂ වලට ජැක් ගැසීම සහ උන්ට කියා ජැක් ගස්සවා ගැනීමත් පරාජයට හේතුවක්.

    අහුංගල්ලේ… උඹත් බබෙක් නෙවෙයිනෙ. මේ ටික තේරෙනවනෙ

  5. සරා says:

    මම එකක් කියන්නම් එජාපයට තව අවුරුදු 15 කටවත් ‌ෙමෙි රටෙි ජනතාව බලය ‌ෙදෙන්නේ නැහැ.එජාපයේ නියම පැහැය ‌ෙමෙිරටෙි ‌ෙමෙි අවුරුදු 4.5දී ‌ෙහොදට දැක්කා ඒවගේම අත්වින්දා.

  6. David Milli-banda says:

    A relative of Apachchi Malo Soysa?????????????

  7. Nim says:

    SAMA SAMAJAYA GANA
    KIYANNA PERA
    UNP AKA 7 TA
    WATUNA
    MATHTHAK KARA DENNA.
    LABANA MATHIWARANA YETH
    AKAMA WENAWA.
    DANATAMA API TICKET ARAGENA
    ENNE AKATATH API ANAWA.
    MULU LOKAYEEMA WESEREE SETINA
    MAGEE RATATA ADARAYA KARANA
    JANATHAWA GEN ELLA SETINNEE
    CHANDAYA DENNA YAMU
    AUSTRALIYAWA.

  8. Mabola Milton says:

    LSSP was Trostkist political party of rule by political adventurist.
    The 1933 origin of LSSP was extremism line of anarchism .
    The JVP has continuation of political anarchism without knowing that PDN Wijeweera of that leaders of also political adventurist . There is slight differences between of LSSP and JVP?

Main News