ජනාධිපති ධුරය අතහරින්න සූදානම්.. කොලේ ඉරාගෙන ඇගේ හලාගන්න එපා..- එලිපිට සටන අරඹමින් ජනාධිපති එජාපය පට්ටා ගහයි..[Video]
November 24, 2017 at 10:01 pm | lanka C news![ජනාධිපති ධුරය අතහරින්න සූදානම්.. කොලේ ඉරාගෙන ඇගේ හලාගන්න එපා..- එලිපිට සටන අරඹමින් ජනාධිපති එජාපය පට්ටා ගහයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/11/mithree-2.jpg)
දුෂණයට වංචාවට විරුද්දව වැඩ කරන විට, දුෂණ වංචාවන්ට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට ඊට එරෙහිව කිසිවෙකු හෝ තමනට ඇගිල්ල දිගු කරන්නේ නම් කමන් සියළු තනතුරු අතහැර දමා ජනතාව සමග ඒකරාශී වී සටන මෙහෙයවන්න සූදානම් යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නිකවැරටියේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
කලින් පැවති ශ්‍රීලනිප ආණ්ඩුව කල වැරදි නිසා 2015 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා පරාජයට පත් වූ බවත් අද ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂයේ පිරිස් එම වැරදි එලෙසම කරන්නේ නම් ජනතාව එයද අනුමත නොකරනු ඇති බවද ඔහු පැවසීය.
‘අනවශ්‍ය ලෙස වගකීම්වලින් බැහැරව කතා කරමින් නොයෙකුත් සංවාද කරමින්, මාධ්‍ය ඔස්සේ නොයෙක් විවේදන කරමින් කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන ඊට පස්සෙ අඬන්න එපා කියන එක මං බොහොම පැහැදිලිව මේ වෙලාවෙ සෑම කෙනෙකුටම කියනව.
විශේෂයෙන්ම මට චෝදනා කරන මට විවේචනය කරන සියළු දෙනාට මං එක දෙයක් කියනව. සියළු දානටම මං බොහොම පැහැදිලවම කියනව කොලේ ඉරාගන ඇගේ හලාගන්න එපා. කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන ලොන්ඩරි හතක දැම්මත් සුද්ද කරන්න හම්බ වෙන්නෙ නෑ’ යයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ ශ්‍රීලනිපයේ උවමනාවට යයි ඇතැමුන් චෝදනා කලද ශ්රීලනිපයටද උවමනා වී ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයක් පැවැත්වීම බවද පැවසූ ඔහු ඊට අවශ්‍ය සියළු දේ මේ වන විට සිදුකර අවසන් යයිද සදහන් කලේය.
කොලේ ඉරාගෙන – ඇගේම ගාගෙන – අපෙ ජනපිති මේ එන්නේ. //
කොන්ද නමාගෙන , හැරමිටි ගහගෙන , සටනට මේ එන්නේ….
ඔබතුමා 20ක් ගෙනාවා කියලා ගෙනාවේ 4යි. එතනත් චන්ද්‍රිකා හිටපු හින්දා නියම වටිනාකම රින උනා. ඔයාට පුළුවන් නම් සුජීව මල්ලි එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ තරඟ කරලා බලන්න, ඇපත් නැතුවයි යන්න වෙන්නේ සිරිසේන ආප්පු කාපු මහත්තයෝ, ඇපත් නැතුවයි ඔයාට යන්න වෙන්නේ
දැන් ඉඳගෙන සේනසිංහට ගහනවා, එදා (2014 අග) මෙයා ගැන සිරිකොත රැස්වීමේදී හොඳ කියලා පොදු අපේක්ෂකයා කරන්න කියලා කිවුවේ රෝසියි සේනසිංහ අය්යායි විතරයි. මුල අමතක කරන ගුණමකු මිනිහෙක්
ඉතිං අයියා ඕකට ඔච්චර නහර පුප්පං කෑගහන්න ඕනෙ නෑ ඇමතිවරු 20 ක් පත් කර ගෙන පාර්ලිමෙන්තුව විසුරුවා හැරලා ඉතිරි කාලය අයියා ගෙ දර්ශණයට අනුව රට පාලනය කරන්න..දුප්පත් කම නැති කරන්න හැබැයි ව්යැවස්ථාවට අත තියන්න එපා…අනිත් මැතිවරණ කල්දාන්න එපා…අපි ඔයාට දින 500ක් දෙන්නම්..
අන්තිම පොඩි රාජ්‍ය ඇමති කෙනෙකුට මේ රටේ ජානාධිපති බයවී තිබෙන තරම!
රටටම ඇහෙන්න කෑ ගහන්නේ සුජීව සේනසිංහ පුතාව පැත්තකට අඬගහල කියලා දෙන්නකෝ, ඔය අහිංසක මිනිස්සු පලිය තමුන්නැහට කේන්ති ගියා කියලා
මෙයාගෙ මේ සද්දෙ අර ජාතික කොඩියට ගරු නොකල උතුරේ ඇමතිටත් දාන්න බලන්න. ඔට්ටුයි බැරුවට මොකද “සන්හිදියාව” ට හොන්ද නැහෙනෙ . හබැයි බොදුබල ලොකු හාමුදුරුවෝ නම් ඇල්ලුවා, ජාතීන් අතර ප්‍රශ්න අති කරන කතා කල කියලා. එක වරක් මඩු වලිගයක් ගත්ත. ගුටිකෑව කෙනෙක් නම් නැහෙ. නිකම් බොරු ශෝක් කියන්නෙ මෙවට තමයි.
ඒයි ආප්පා සිරෝ, සුජීව සේනසිංහට අත තියලා තිබුනොත් බලාගෙනයි
සුජීවට අත තිඅයන්න එපා ජනපති තුමෝ සදාචාරයක් තියනව නම්. එතුමා තවම ටෙලෙප්හෝන් කෝල් කිහිපයක් අරගෙන විතරයිනේ. කිසිම වන්චාවක් ඔප්පු වෙල්ල නැහෙනෙ. ඕන්න අල්ල ගන්නවානම් ඔබතුමාගෙ කිට්ටුම ගෝලයා. සබීතගෙ මහත්තයගෙ ගොඩනැගිල්ල ට කෝටි 2.5 කට මාසික කිලිය ගෙවමින් ප්‍රයෝජනයක් නොගෙන ඉන්න මහ ලේකම් තුමා.