78%කට යහපාලනය එපා වේ.. සරසවි ඇදුරන්ගේ අලූත්ම සමීක්‍ෂණය වාර්තාව මෙන්න..

October 13, 2016 at 10:00 am | lanka C news
78%කට යහපාලනය එපා වේ.. සරසවි ඇදුරන්ගේ අලූත්ම සමීක්‍ෂණය වාර්තාව මෙන්න..

පසුගිය මාසය පුරාම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායමක් සම්බන්ධ කොට ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ සමාජ පැතිකඩ කිහිපයක්ම ආවරණය වන ආකාරයේ සමීක්ෂණ දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික් 23 ක් නියෝජන වන පරිදි සිදු කරන ලදි.

මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම විසින් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් සමුර්ධි නිලධාරින් මෙන්ම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් 250ක් පමණ ප්‍රමාණයක් සමීක්ෂණ නිලධාරින් ලෙස ගම් මට්ටමින් නගර මට්ටමින් මෙම සමීක්ෂණ සඳහා යොදා ගැනුනි.

ග්‍රාමීය කෘෂිකාර්මික අoශය, ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා අoශය, ආරක්ෂක හමුදා පවුල (සිවිල් ආරක්ෂක බලකායේ සහ පොලිසිය ඇතුළු) ත්‍රී රෝද රථ හා පුද්ගලික බස් රථ කර්මාන්තයේ නියලුන පිරිස්, රජයේ සේවයින් සහ එම පවුල්. පූජ්‍ය පක්ෂය හා ප්‍රාදේශිය නායකයින්, ධීවරයින්, පැල්පත්වාසින්.සුළු ජාතීන් හා ඔහුගේ ප්‍රාදේශිය නායකයින්, කාන්තාවන්, විශ්‍රාමිකයින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ලක්ෂයකට අධික පිරිසක් මෙම සමීක්ෂණ සඳහා නොයෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි සහභාගි කරවා ගන්නා ලදි.

දිනකට 20 ක් 30 ක් විතර මුණගැසී ඔහුගෙන් කරුණු විමසු මෙම කණ්ඩායම මාසයකට අධික කාලයක් එක දිගටම මෙම කටයුතුවල යෙදුනි.

මෙහිදී අනාවරනය වූ මූලික කරුණු කිහිපයක් වූයේ, කලකිරිම සහ අතෘප්තිය, ජීවන වියදම් වැඩිවීම හා ඊට සරිලන ආදායම නොලැබීම, ස්වභාවික විපත් නියඟය හා ජලගැලිම්, පොහොර සහානාධාරය හා ගොවි නිෂ්පාදන සඳහා සහතික මිල, හොඳ පාසල් නොලැබීම හා ගුරු හිගය, ආරක්ෂක හමුදාවල චිත්තධෛර්යය හීනවිම් සහ ජාතික ආරක්ෂාව. නිවාස, පානිය ජලය සහ ඉඩම් ප්‍රශ්න, මාර්ග තදබදය හා ගමනාගමනය දේශපාලන පක්ෂ හා නායකයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යනාදියයි.

78% ප්‍රමාණයක් වර්තමාන රජයේ ආර්ථික ක්‍රමවේදයත් ඒ තුලින් ගැට ගැහි ඇති අනෙකුත් සාමාජ ගැටලු සම්බන්ධයෙනුත් ඉතා රිනාත්මකව තම අභිමතය ප්‍රකාශ කල අතර 8% පමණ සoහිදියාව සහ ජාතික රජයේ ක්‍රියාකාරකම් ගැන ප්‍රසාදයට පල කරන ලදි, 2% පමණ කිසිම අදහසක් ප්‍රකාශ නොකළ අතර තවත් 12% පමණ කියා සිටියේ රජයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන ඕනෑකමින් බලා සිටින බවයි.

9 views

4 Comments to “78%කට යහපාලනය එපා වේ.. සරසවි ඇදුරන්ගේ අලූත්ම සමීක්‍ෂණය වාර්තාව මෙන්න..”

  1. justin says:

    ma result akama nada sampukara chendedii une….ape minssunta mula mathk wenneth tikak reidenna one.. bade para wadinna one……a athara api mahinda saha gotata kiyanne one…ape anduwa awata passe…rate neethiya hariyata kiryathmaka karala….minssunge hadawathata danne vidihata.. rata jathiya agamama rekena akaryata weda karanna kiyala….dan katu lewa kana hitange balu pataunta akama manthikamwath dunnoth… apith mahinadata na kiyana paniwidaya denna one…api hithnawa mahinda ithihasyen padam igena ganeewi kiyala

  2. පොදු මිනිහා says:

    මොන පිස්සුද සීයට 78 ක් නෙවී සීයට සීයකටම මුන් එපා වෙලා තියෙන්නේ, ඕක ආයෙ සමීක්ෂණ කරල හොයන්න දෙයක් නැහ පොඩ්ඩක් පාරට බැහැලා බලන්නකෝ ?

  3. Great public survey results 78% reject YAMAPALNAYA….GO HOME NOW………..

  4. Dickie Bird says:

    Reject Yahapalanaya BUT most importantly chase Sira from the SLFP leadership.

Main News