අහෝ රතන හිමි.. නොදුටු ‘නෙස්-ටී’

October 1, 2016 at 11:20 am | lanka C news
අහෝ රතන හිමි.. නොදුටු ‘නෙස්-ටී’

වකුගඩු රෝගය මෙරට ව්‍යාප්තවන රෝග අතර ඉතාම භයානක රෝගයක්වී තිබේ. වකුගඩු රෝගය නිවාරණය කිරීම සදහා මෙරට දේශපාලන අධිකාරිය ඇතුලු විවිධ  පාර්ශවයන් ගනු ලබන උත්සහයන්  පිළිබදව සිතා බැළිමේදී  පෙනී යන්නේ මෙරට වසර 33 නක් පැවැති යුද්ධය නිමාකිරීමට සැළසුමි කළ ආකාරයට වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීම සදහා ද සැළසුමි සෑදිය යුතු බවයි. ඒ මක්නිසාද යත් මෙරට 27000 කට වඩා වැඩි තරුණ ජීවිත යුද්ධයෙන් විනාශවූ අතර ලක්ෂ සංඛ්‍යාත තවත් සිවිල් වැසියන් මියගිය අතර තවත් විශාල පිරිසක් සදාකාලික අබාධිත තත්වයට පත්විම   යුද්ධයේ කුරිරු බව ලෝකයට මනාව කියාපාන්නක් වන නිසාය.

කෙසේ වෙතත් වකුගඩු රෝගයද යුද්ධයට දෙවැනි නොවන මාරක රෝගයකි. ඒ බව වටහාගෙන අප කටයුතු කරන ආකාරයක් අපට නමි පෙනෙන්නට නැත. මක්නිසාද යත් වකුගඩු රෝගය වැළදෙන්නේ රසායනික පොහොර භාවිතා කිරීම විශේෂයෙන්ම

ග්ලියිපොසේටි භාවිතය නිසාම බවට අප විසින් නිගමනයකට පැමිණ කටයුතු කිරීම නිසාය.ඒ අනුව අදාල රසායනිකය ගෙන්වනු ලබන සමාගමි මත අදාල වරද පටවා අප අත සෝදගෙන ඇත. ඒ අනුව දැන් සමාජයේ ඇත්තේ ග්ලිපසෝටි වලට විරුද්ධ හා විරුද්ධ නොවන පාර්ශව දෙකක් පමණි. 2007 වසරේදී ජාතික රාජ්‍යයක් පිහිටුවීම සිය න්‍යාය පත්‍රය බවට පත්කරගත් අතුරලියේ රතන ස්වාමින් වහන්සේ දැන් කථාකරන්නේ වසවිස නැති ලංකාවක් පිළිබදවය. එය ඉතාම හොද තත්වයක් වන්නේ අපගේ ජනතාව වසවිස කන තරමට ජාතික රාජ්‍යයක් පිහිටවූවද එහි ජීවත්වීමට පුරවැසියන් ආනයනය කිරීමට සිදුවන බව රතන හිමියන් වටහා ගෙන ඇති නිසාම පමණක් නොව බංකොලොත් දේශපාලනයෙන් ගොඩ ඒමට ඇති අකර්ෂණීයම මdතෘකාව වන්නේ ද වසවිස නැති ලංකාවක් යන මතෘකාව බවට හොදින් දේශපාලන නාඩි පිලිබදව අවබෝධයක් ඇති රතන හිමියන් දන්නා නිසාය.     ඒ කෙසේ වෙතත් සුරක්ෂිත ආහාර ලබාගැනීමට අයිතියක් පාරිභෝගිකයාට ඇති නිසා වසවිසවලින් තොර ආහාර පිළිබදව අප දිගින් දිගටම  කථා කරනුයේ අද  ඊයේ සිට  නොවේ. රතන හිමියන් ජාතික රාජ්‍යයක් පිළිබදව කථාකරන යුගයේ සිටය.nesc

අප මෙහිදී පෙන්වා දෙන්නේ වකුගඩු රෝගයට තුඩු දෙන වෙනත් පානයක් පිළිබදවය.වකුගඩු රෝගයට තුඩුදෙන තවත්  හේතු සාධක රැසක්  ඇති බවට සමාජය දැනුවත් කිරීමය.තවද අපට මෙතක් කළක් වකුගඩු රෝගය පැතිරෙන්නේ රසායනික පොහොර මතම බවට සාක්ෂාත් කළ පිරිසගේ ඇස් ඇරවීමටය.

නෙස්ලේ සමාගම විසින් නෙස් ටී නමින් තේ පැකැටිටුවක්   මේ  වනවිට අලෙවි කරමින් සිටි. අදාල නෙස් ටී නිෂ්පාදය සදහා trisodium phosphate  නමි රසායනිකය අනතර්ගත කර ඇත.

trisodium phosphate යනු සේදිමට භාවිතා කරනු ලබන රසායනිකයකි. නෙස් ටී සදහා මෙම රසායනිකව භාවිතාකරනු ලබන්නේ තේ කැටි ගැසීම වැලක්වීම සදහා හා වඩාත් අලංකාරව අවසන් නිෂ්පාදනය තබා ගැනීමටය.

ලෝකසෙෘඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ මෙම trisodium phosphate රසායනිකය ආහාර සදහා භාවිතා කිරීමෙන් වකුගඩු රෝගය ඇති විමට බලපාන බැවින් එය ආහාර නිෂ්පාදන වලින් ඉවත් කල යුතු බවයි.

ලෝක ආහාර හා ඔෘෂධ අධිකාරිය ප්‍රකාශ කරන්නේ(FDA) trisodium phosphate මිලි ගෑමි 70 කට වඩා දිනකට භාවිතා කිරීම නුසුදුසු බවයි. මෙම රසායනිකය මිනිස් සිරට අහිතකරනමි අප භාවිතා කරන්නේ ඇයි? ද යන්න  මෙරට පාරිභෝගිකයා විසින් තිරණය කර යුතු අතර මෙම නිෂ්පාදනය තහනමි කිරීම සදහා බලපෑමි කිරීම වසවිස වළින් තොර ආහාර පිළිබදව හා වකුගඩු රෝගය වැලැක්විමට හඩ නගන අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුලු සේමා ආයතනය විසින් කළයුතුය. මෙරට පුරවැසියන් වශයෙන් අප එය බලාපොරොත්තුවන අතර එම සටනට උන්වහන්සේ සහ පිරිවර නොපැමිණියහොත්  ජනාධිපතිවරයා මේ පිළිබදව දැනුවත් කිරීමට හා පාරට බැස මහජනයා දැනුවත් කිරීමටද අප සූදානමිය.

රංජිත් විතානගේ
සභාපති

පාරිභෝගික අයිතීන්   සුරකීමේ ජාතික ව්‍යාපාරය

34 views

16 Comments to “අහෝ රතන හිමි.. නොදුටු ‘නෙස්-ටී’”

  1. වෛද්‍ය ජයම්පති says:

    නෙස්ලේ සමාගම මේ වන විට තම නිෂ්පාදන සඳහා ඉතාමත් සූක්ෂම අන්දමින්, ඔහුන්ගේ නිෂ්පාදනවලට මිනිස් ශරීරයට අහිතකර රස කාරක මෙන්ම අධික සීනි මිශ්‍රණ භාවිතා කරමින් බහුජාතික සමාගමක් ලෙස අධික ලාභ ලබන සමාගමකි .
    Nessprey Everyday නෙස්ප්‍රේ එවරිඩේ කිරි පිටි මේ සඳහා හොඳම උදාහරණකි. දරුවන් සඳහා යෝග්‍ය බව පෙන්වමින් අලෙවි කරන මේ කිරිපිටි වර්ගය තුල 20% වඩා අඩoගු වන්නේ සීනිය , පාරිභෝගිකයා නොමඟ යවමින් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වීදුරුවක් බීමේ අයිතිය කිරිපිටි මිලට සීනි අලෙවි කරමින් එක පැත්තකින් මේ රටේ පාරිභෝගිකයා ගසා කන අතර අපේ රටේ ජනතාව අනාගතයේදි දියවැඩියාව රෝගයෙන් පෙලෙන ජනතාවක් බිහිකොට මෙම බහුජාතික නෙස්ලේ ලoකා සමාගම ලාභ ඉපයීම ඔහුනගේ ප්‍රධාන අරමුණයි,
    රජයේ ඉහළම පාර්ශවයට විශාල වශයෙන් අල්ලස් ලබාදී නෙස්ලේ සමාගම මේ කරන මහා අපරාධයට වගකියයුතු අoශවල නිහඬතාවය සම්බන්ධයෙන් ජනතාවට අවදියෙන් සිටින බව මතක් කල යුතුය.

    • Champa says:

      “Boycott Nestle” “නෙස්ලේ වර්ජනය කරමු” කියලා ව්‍යාපාරයක් දියත් කරලා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ. Nestle නිෂ්පාදන වල තියෙන ශරීරයට අහිතකර රස කාරක මෙන්ම අධික සීනි මිශ්‍රණ ගැන “වෛද්‍ය ජයම්පති” කියනවා වගේ මිනිස්සුන්ව දැනුවත් කරලා ඒ නිෂ්පාදන වලින් මිනිස්සුන්ව ඈත් කරවන්න ඕනේ. මේක කට වචනයෙන් වුනත් ලේසියෙන්ම කරන්න පුළුවන්. පාසලෙන්, රැකියා ස්ථාන වලින්, ආගමික සිද්ධස්ථාන වලින් මේ දැනුවත් කිරීම් කරන්න ඕනේ.
      Nestle කොම්පැනියේ සදාචාර විරෝධී අලෙවිකරණ ක්‍රම වලට අපි විරෝධය පල කරන්න ඕනේ.

      මේ link එක ටිකක් පරණයි, හැබැයි දැනුවත් වීමක් වෙනවා. ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව වගේ රටවල් වල Nestle නිෂ්පාදන වර්ජනය කලේ අවුරුදු ගණනාවකට ඉස්සෙල්ල. http://www.infactcanada.ca/nestle_boycott_product.htm

      මිනිස්සු නොදැනුවත්කම නිසා වසවිස ඇඟට දාගන්නවා. මේ වගේ දැනුවත් කිරීමකින් Nestle ගැන විතරක් නෙමෙයි තමන් ඇඟට දා ගන්න අනිත් වස ආහාර ගැනත් මිනිස්සුන්ට අවබෝධයක් ලැබෙනවා.

      පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිතුමා කරන ජාතික මෙහෙවර අපි ඉහලින්ම අගය කරනවා සහ උපරිම සහයෝගය දෙනවා. රතන හාමුදුරුවන්ට වඩා අපිට ඔබ ගැන විශ්වාසයක් සහ ගෞරවයක් තියෙනවා.

      රංජිත් කිව්වට “ඒ කෙසේ වෙතත් සුරක්ෂිත ආහාර ලබාගැනීමට අයිතියක් පාරිභෝගිකයාට ඇති නිසා වසවිසවලින් තොර ආහාර පිළිබදව අප දිගින් දිගටම කථා කරනුයේ අද ඊයේ සිට නොවේ” කියලා ඒ ගැන මම වගේම මහජනතාවගෙන් වැඩි දෙනෙකුත් අද මේ පෙන්වන තරම් අවධානයක් උනන්දුවක් මීට කලින් පෙන්වලා නැහැ මම හිතන්නේ. LankaCNews එකට ස්තූති වෙන්න ඕනේ රටේ හැම වැදගත් ප්‍රවෘත්තියක්ම අපේ අවධානයට ලක් කරනවට.

  2. පාසැල් සිසුවා says:

    ඇයි රතන හිමියනි, කෘෂි රසායන ගැන පමණක් හොයන්නේ , පොඩ්ඩක් ඔය නෙස්ලේ වගේ බහු ජාතික සමාගම් වලින් අලෙවි කරන කෙලින්ම මනුෂ්‍ය පරිභෝජනයට ගන්න කෑම බීම මෙන්ම ලදරු කිරිපිට් ගැනත් ටිකක් හොයලා බලලා මත ඉදිරිපත් කරන්න,

  3. රමනි says:

    පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරප් සභාපති ලෙස රංජිත් විතානගේ මහතා කරන සේවය අගය කරමු.

  4. Jerome says:

    ලෝක වෙළෙඳපොලේ කිරිපිටි කිලෝ එකක මිල අද රුපියල් 499යි මේ වසරේ මුල රුපියල් 250යි . අපේ රටේ පාලන මිල රුපියල් 810යි කාගේ සාක්කුවේද ඉතිරි මුදල්?https://www.globaldairytrade.info/en/product-results/whole-milk-powder/

    • Jerome says:

      ලෝක වෙළෙඳපොලේ කිරිපිටි කිලෝ එකක මිල අද රුපියල් 400යි සමාවන්න 499 නෙවේ

    • Champa says:

      අපි කිරිපිටි ගෙන්වන කිසි රටක මිනිස්සු කිරිපිටි බොන්නේ නැහැ. ඒ රටවල මිනිස්සු සහ ලෝකේ බොහෝ දියුණු රටවල මිනිස්සු බොන්නේ පැකට් කරලා තියෙන liquid fresh milk.

      අපේ මිනිස්සුන්ට fresh milk බොන්න විදියක් නැත්තේ එක්කෝ මිල අධික නිසා නැත්නම් පහසුවෙන් ලබා ගන්න පිළිවෙලක් නැති නිසා.

      මුළු රටටම අවශ්‍ය fresh milk සපයන්න පුළුවන් සම්පත් අපිට තියෙනවා. රජය මගින් විතරක් නෙමෙයි, ස්වයං රැකියා උත්පාදනය කරලත් මේ සැපයුම අඛණ්ඩව කරන්න පුළුවන්. මේ මෝල් ආණ්ඩුවට ඕක කරන්න පුළුවන් කමක් නැහැ.

      “අපේ” ආණ්ඩුවක් ආවනම්, අපේ රටේ අපි දකින්න කැමති දේවල්, අපි අගය කරන දේවල්, මිනිස්සුන්ගේ එදිනෙදා ජීවීතයට අවශ්‍ය දේශීයව නිෂ්පාදනය කරගන්න පුළුවන් දේවල් ගැන කියන්න පුළුවන්.

  5. Sunanda says:

    නෙස්ලේ සමාගම අපව සූරා කන එක ඇත්ත.

    ඒත් මේ ලිපිය ලියපු හාදයාට ඇති සුදුසුකම මොකක්ද මේ වගේ වෛ ද්‍ය වාර්තාවක් පලකරන්න.. මෙයා අඩුම ගණනෙ වෛද්‍ය වරයකූ උපුටා දක්වලත් නැහැ…

    නිකම්ම නිකන් විරෝධය දක්වලා පොරක් වෙන්න හදන මිනිස්සු අපේ රටේ වැඩියි.

    ඇත්තටම කරන්න තිබුනෙ වෛද්‍ය කණ්ඩායමක් හරහා මේක ජනගත කරන එක. කී දෙනාද මේ වගේ අය කියන කතා මොනතරම් ඇත්ත වුනත් පිළිගන්නෙ… මේව මාධ්‍ය නාටක.

    ඒ නිස වැඩක් කරනවනම් අඩුම ගණනෙ විද්වත් සහායක් අරගෙන දාන්න. නැත්නම් පොඩි චූන් එකක් එයි, පැය ගාණකින් ඉවරවෙනවා.

    බලන්න මේ සංවිධානය අපි වැඩිය දැකල නැති, පිරිස නැති එකක්. බෝඩ් එකක් දාගෙන කාගෙන් හරි සප්පායම් වෙවී, පොඩි කෑල්ලක් දාලා කාලෙකට පස්සෙ, පොඩි චූන් එකක් ගන්නවා.

    මේ කිසිකෙනෙක්ට ජනතාව මේවයින් මුදවගන්න අවශ්‍ය නැහැ. තමන්ගෙ මානසික ව්‍යාධිය සන්තර්පනය කරගන්න ඕන බාල වැඩ.

    • Champa says:

      Sunanda

      ඇයි නැත්තේ? අර දීල තියෙන්නේ source එක.

      1. ලෝකසෙෘඛ්‍ය සංවිධානය (WHO – World Health Organization) පවසන්නේ මෙම trisodium phosphate රසායනිකය ආහාර සදහා භාවිතා කිරීමෙන් වකුගඩු රෝගය ඇති විමට බලපාන බැවින් එය ආහාර නිෂ්පාදන වලින් ඉවත් කල යුතු බවයි.

      2. ලෝක ආහාර හා ඔෘෂධ අධිකාරිය ප්‍රකාශ කරන්නේ(FDA – Food and Drug Administration) trisodium phosphate මිලි ගෑමි 70 කට වඩා දිනකට භාවිතා කිරීම නුසුදුසු බවයි.

      මීට පස්සේ හරියට කියවන්න. පිලිගන්න කැමති නැත්නම් ඒකෙ කියලා තියෙන දේවල් ඇත්තද කියලා ඕනේ හැටියේ check කරලා බලන්න පුළුවන් කම තියෙනවා. නිතර පොත්පත් කියවනවා නම් කෙනෙක් කියන දේ වටහා ගැනීමේ ශක්තිය ප්‍රගුණ කල හැකියි.

    • මන්ද සු නන්ද? says:

      ඉතින් සුනන්ද කරල තියෙන්නෙ ත් ඔය වැඩේ ම නේද?

      • Champa says:

        මොකක්ද? රංජිත් නම් පාරිභෝගිකයන්ව දැනුවත් කරන්න නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. සුනන්ද ඒ වෙනුවෙන් මොකක්ද කරලා තියෙන්නේ? “නෙස්ලේ සමාගම අපව සූරා කන එක ඇත්ත” ලු. ඇත්ත නම් ඒ වෙනුවෙන් සුනන්ද මේ වෙනකම් කරලා තියෙන්නේ මොකක්ද කියල කියන්නේ නැත්තේ ඇයි ? කොරන්න ඕනේ විදිය තමන් දන්නව නම් සුනන්දටම ඕක කරන්න පුළුවන්නේ. රංජිත් තමන්ට පුළුවන් විදියට පාරිභෝගිකයා දැනුවත් කරලා තියෙනවා. මෙච්චර කල් නිකම් හිටපු මිනිස්සු, ඒකෙ වැරදි හොයනවා. තමන්ට කරන්නත් බැහැ, කරන හැටි දන්නෙත් නැහැ, කරන්න ඕනේ කමකුත් නැහැ, හැබැයි කරන මිනිහෙකුට ඒක කරන්න දෙන්නෙත් නැහැ.

    • වැසියා says:

      ගල ගැහුවේ කොහෙන්ද කියල හොයන්නේ නැතුව ගල වැදුනේ කොහෙටද කියල බලන්න එපයි. එක එකාට කඩේ යන්නැතුව.

      • Champa says:

        වැසියා

        ගල් ගහන තැනෙනුයි, ගල වදින තැනෙනුයි දෙකෙන්ම මට වැඩක් නැහැ. මම කතා කරන්නේ ගල ගැහීමට හේතුවත් ඒ නිසා ඇතිවෙන ප්‍රතිඵලය ගැනත් විතරයි.

        කෙනෙක් මොකක් හරි වැඩක් කරන කොට ගල් ගැහීම, මුකුත් නොකර නිකම් ඉන්න සමහරුන්ගේ පුරුද්දක්.

        Quote: බලන්න මේ සංවිධානය අපි වැඩිය දැකල නැති, පිරිස නැති එකක්. බෝඩ් එකක් දාගෙන කාගෙන් හරි සප්පායම් වෙවී, පොඩි කෑල්ලක් දාලා කාලෙකට පස්සෙ, පොඩි චූන් එකක් ගන්නවා.” Unquote: සප්පායම් වෙන්නේ NESTLE එකෙන් නෙමෙයි කියන එක sure. රංජිත් ගේ පලවෙනි නිවේදනය නෙමෙයි මේක. මේ ගැනම තව එකක් තිබුන ටික දවසකට කලින්. කරණ වැඩේ නෙමෙයි ප්‍රශ්නේ. වෙන කෙනෙකුට වඩා හොඳින් කරන එකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.

  6. gayan says:

    mahinda gedara yawuu rathna thuma innawada?

  7. Sinhala Koluwa says:

    Aho ..Rathana..Oba koheda?

Main News