ඉන්දියා-පකිස්තාන යුද අවදානමක්.. ශ්‍රී ලංකාව පකිස්තානයට එරෙහිව ඉන්දීය පිලේ සිටගනී..
October 1, 2016 at 3:50 pm | lanka C news
පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී පැවැත්වීමට නියමිතව තිබූ 19 වන සාක් සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා රජය ඊයේ දිනයේ නිවේදනය කර තිබින.
නොවැම්බර් 09-10 දෙදින පකිස්ථානයේ පැවැත්වීමට නියමිතව මෙම සමුළුව ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වී තිබෙන මතබේදාත්මක තත්වය මත කල් දැමීමට තීරණය කරන ලද්දේ අද දිනයේය.
මීට සහභාගී නොවන බව ශ්‍රී ලංකා රජය තීරණය කරනු ලැබුවේ සමුළුව කැඳවීම පිණිස සියලු රටවල එකඟත්වයක් නොමැති වීම හේතුව ලෙස දක්වමිනි.
මුලින්ම මෙම සමුළුව වර්ජනය කරන බව කියා සිටියේ ඉන්දියාවයි. අනතුරුව බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, භූතානයද එම තීරණය හා එක්විය.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පකිස්තාන-ඉන්දියා අර්බුදය කලාපීය යුද්ධයක් දක්වා තල්ලූ වී යා හැකි බවයි.