83 කළු ජූලිය හා සමාන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- සර්ව පාක්‍ෂික සමළුව තැති ගන්වමින් පොහොට්ටුව ඉදිරිපත් කල වාර්තාව මෙන්න..

April 25, 2019 at 7:58 pm | lanka C news
83 කළු ජූලිය හා සමාන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- සර්ව පාක්‍ෂික සමළුව තැති ගන්වමින් පොහොට්ටුව ඉදිරිපත් කල වාර්තාව මෙන්න..

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුවට මුල් වතාවට සහභාගී වෙමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මෙසේය.

ජාතික ආරක්ෂාව පිලිබඳ  සර්වපාක්ෂික සමුළුව 2019 අප්‍රේල් 25

පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ සහාසික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තත්වය සාකච්චා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීම පිළබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෞරවය පුද කර සිටින අතර ඒ සඳහා සහභාගී වීමට අප පක්ෂය වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පල කර සිටින්නෙමු.

පසුගිය ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවත් ඉන් පෙර,පසු තත්වය පිළිබඳවත් පවතින තත්වය හමුවේ  ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සමගිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට නිරන්තර සූදානමින් සිටින අප පක්ෂයේ අදහස් හා යෝජනා මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපේ දර්ශනය සිංහල,දමිළ,මුස්ලිම්,මැලේ,බර්ගර් යන සියලු ශ්‍රී ලංකික පුරවැසි සහෝදරත්වයන්ට තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් රැක ගෙන නිදහසේ ජීවත්විය හැකි. සෞභාග්‍යමත් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමයි.  ඒ අනුව වාර්ගික සුහදත්වය ආගමික සහජීවනය සහිතව ජිවත්වන නුතන ශ්‍රී ලංකීය ජාතිය නිර්මාණය කිරීම අපේ ඒකායන අපේක්ෂාවයි.

මානව සමාජයේ අනෙක් සියලු අයිතීන් තියෙන්නේ ජිවත් වීමේ අයිතියට යටින්. ඒ නිසා ජාතික ආරක්ෂාවට ඉහලින් කිසිවක් තියෙන්න බෑ. වාර්ගික සුහදත්වයආගමික සහජීවනය  ආදී මේ සියලු යහපත් මානව බැදීම් නිර්මාණය වන්නේ සුරක්ෂිත සමාජ වටපිටාවක් තුළ පමණයි. සංහිදියාව තියෙන්නෙත් ජාතික ආරක්ෂාව නැමති මහා පොදු සාධකය ඇතුලේ.

නමුත් පහු ගිය කාලේ ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිදියාව අතර ප්‍රතිවිරෝධයක් තිබෙන බවට වූ ආකල්පයක් ඉහල සිට පහලට සමාජ ගත උනා. ඒ ආකල්පය විසින් අන්තිමේදී ජාතික ආරක්ෂාව පිළිබඳව උනන්දු වීම ජාතික සංහිදියාවට එරෙහිවීමක් යන මතය අපේ පොළවේ පැළ කලා. එක හරියට හුස්ම ගැනීම හදවතට අහිතකරයි කියනවා වගේ අවිද්‍යාත්මක විකෘති අදහසක්. දැන සහ නොදැන ඍජුව හා වක්‍රව එකී තත්වය මේ මහා විපතට හේතුවක් උනා.

අපි අවධාරණය කරන්නේ  ජාතික ආරක්ෂාව නිසි තැන ස්ථානගත කරන්න කියලා. ජාතික ආරක්ෂාවට හිමි තැන දෙන්න කියලා. ජාතික ආරක්ෂාව කළමනාකරණය කිරීමේ  වගකීම නිසි වෘත්තියභාවයක් සහිත පරිනත සුදුස්සන් අතට පත් කරන්න කියලා.

ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රමුඛව ජාතික ආරක්ෂාව භාර ආයතන වල බරපතල බිද වැටීමක් අපට නිරීක්ෂණය උනා. වහාම ජාතික ආරක්ෂාව භාර ආයතන විද්‍යාත්මකව ප්‍රතිව්‍යුහගත කරන්න.

 

රාජ්‍ය බුද්ධි සේවා අත්තනෝමතික දණ්ඩනයකට ලක්වී ඇති බව ප්‍රසිද්ධ කරුණක්. ඒ හේතුවෙන් රාජ්‍ය බුද්ධි සේවාවන් අකර්මන්‍ය වෙලා. රාජ්‍යයක  පැවැත්ම උදෙසා රාජ්‍ය බුද්ධි සේවාවක ඇති අවශ්‍යතාව වහාම තේරුම් අරගෙන අකර්මන්‍ය කර ඇති රාජ්‍ය බුද්ධි සේවාව යලි සක්‍රිය කරන ලෙස අපි ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.

රැස් කරගන්න ලද තොරතුරු නිශ්චිත දත්ත බවට පත්වෙන්නේ විද්‍යාත්මක පිරිපහදු (Filtering) කිරීමකට පස්සේ. බුද්ධි සේවාවක් විසින් ඉදිරිපත් කරන බුද්ධිමය දත්ත කියන්නේ ඕපා දුප නොවේ. පසුගිය සිදුවීම විශ්ලේෂණය කරද්දී අපට පෙනී යනවා බුද්ධි අංශ දත්තයන්ට සාමාන්‍ය කට කතාවකට ලැබෙන තරමේ වත් වටිනාකමක් ලැබී නොමැති බව. බෙහෙත් ගත්තට වැඩක් නැහැ බෙහෙත් බොන්නේ නැත්නම්. ඒ නිසා ලැබෙන බුද්ධි තොරතුරු නිසි ලෙස භාවිතයට ගැනීම වගකිව යුත්තන්ගේ ප්‍රමුඛතම වගකීමක්.

ජාතික ව්‍යසනයකින් පසු හැසිරීම. වර්තමාන ආණ්ඩුව වහාම අධ්‍යනය කල යුතුයි. මේ සිද්ධියේදී  සිවිල් නායකයින් සහ සාමාන්‍ය මහජනතාව ඉතා දියුණු හැසිරීමක් ප්‍රකට කලා. ඔවුන් හිටියේ වගකිව යුතු බලධාරීන්ට වඩා බොහොම ඉදිරියෙන්.

මේ වන විට නිර්මාණය වී ඇති තත්වය පාදක කරගනිමින් ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව කෙරෙහි  වෛරයක් ඇති කොට ජාතීන් අතර සමගිය පළුදු කිරීමේ කුමන්ත්‍රණයක් 1983 කළු ජූලිය නිර්මාණය කළා සේ මේ මොහොතේ මතු විය හැකි බැවින් ඉතා වගකීමෙන් සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ මූලිකම වගකීම විය යුතුය.

පාස්කු ඉරිදා ඛේදවාචකය සිදු වූ සැනින් මනුෂ්‍යතත්වයේ නාමයෙන් සහ රාජකාරිමය වගකීමෙන් ඉදිරිපත් වූ අසල්වැසියන්ට, රෝහල් කාර්යමණ්ඩලයන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට සියලු අපදා සහන සේවාවන්ට. මෙන්ම පරිත්‍යාගශිලිව සහ කම්පනයන් යුතුව  උපකාර කල සැමටත් අපි හිස නමා අචාර කරනවා.

පළාත් සභා 09 න් 08 ක්ම මේ වන විට නිල කාලය අවසන් වීම හේතුවෙන් මහජන සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බරපතල දුෂ්කරතා පවතිද්දී ඊට මුහුණදෙමින් අපගේ පළාත් පාලන ආයතන සියල්ල මගින් මේ මොහොතට අවශ්‍ය සියලු සේවාවන් ලබාදීම සදහා 24 පැය පුරාම අපගේ මහජන නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන සූදානම් කර ඇත.

– ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

188 views

18 Comments to “83 කළු ජූලිය හා සමාන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- සර්ව පාක්‍ෂික සමළුව තැති ගන්වමින් පොහොට්ටුව ඉදිරිපත් කල වාර්තාව මෙන්න..”

  1. කෝනාර says:

    මේ දුර්දාන්ත බටහිර ගැති යහපාලන රෙජීමය ISIS වලට මුවා වී මිලිටරි පාලනයකට රට ගෙනවිත් ඇත. තොරතුරු දැන ගැනීමේ අයිතිය අහිමි කර ඇත.
    ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සදහස්
    වහාම මැතිවරණයක් කැදවන ලෙස බල කරමු.

    • ගම්පහ සමන් says:

      අද මෙරටේ තිබෙන ජනතාව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රීලංකා පොදු පෙරමුණ බව අපි පිලිග න්නෙමු,
      අපි අපේ සහයෝගය සීයයට සීයක්ම ඉදිරියේ මැතිවරණයේ දි ලබා දෙන්නෙමු.

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        බයියන්ට ඕන මැතිවරණයක් රටට හෙන ගැහුවත් කමක් නෑ.

        • Boo says:

          පොෂ් කියල හිතාගෙන ඉන්න ළිං මැඩියන්ට ඕනෙම නැත්තේ මැතිවරණයක්. රටට හෙන ගැහිවත් කමක් නැහැ.

          • Sam says:

            Boo, ඡන්දයක් තිබ්බොත් හූඇන්පී ජඩපාලනය හේදිලාම යන එන ඉර-හඳවගේ විශ්වාසයි.
            ඒකයි රනිලගෙ බත් බැලයොයි, කොටියි, ජෙප්පොයි, NGO කුක්කොයි මැතිවරණ වලට පරාන භය.
            නැතුව මේ රටට ආදරේට නෙමෙයි.

        • Brahmana says:

          ඕස්ට්‍රේලියාවෙ සරණාගතයො ලෙස ඩෝල් එකෙන් ජීවත්වන අපතයො ලංකාවෙ ඡන්ද පවත්වනවට කැමති නෑ.

    • පොදු ජනතාව says:

      එමෙන්ම රටේ තිබු පැරණි පක්ෂ සියල්ලම අබිබවා මේ ජයග්‍රහණය ලැබුවේ රටට සැබැවින්ම ආදරය කල මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා නිසාය. ඔහුගේ සාර්ථකත්වය පිටුපස සිටින විශාලතම බලවේගය බැසිල් රාජපක්ෂ බව එදා 1970 මහින්ද තරුණ මන්ත්‍රීවරයා ලෙස පත් වූ දා සිට ඒ ජයග්‍රහණයන් සියල්ලම මෙහෙය විය,
      එදාට වඩා අද බැසිල් ට කරන්න විශාල රාජකාරියක් ඇත. ඒ නැවත මහින්ද බලයට ගෙන ඒම පමණක් නොව ඊට පසු මෙරටේ ඇති වී තිබෙන විනාශයෙන් ගොඩගැනිම සහ මහින්දගේ ආණ්ඩුව වඩා ජනතාවාදි ලෙස ආරක්සා කිරිමයි.

  2. rajeewa says:

    මේ මොකක්ද? වාර්තාවක් කියන්නේ සංඛ්‍යෙලෙඛන හා පුරොකතනයක් හේතු විශ්සලේෂණයන්හි හා සංස්ලේෂනයන් සහ යොජනාවන් සහිත විද්‍යත්මක ලියවිල්ලකි.
    හැමදාම කියන ජාතින් අතර සංහිදියාව වචන විතරක් වෙලාි ඉවරයි දැන් අපට අවහ්‍ය අලුත් ප්‍ර වේශයක් සුසමාදර්ශයන්ගේ විතෑන් විමක් ත්‍රස්ත්‍රවාදියා සහ ඔවුන්ගේ සැලසුම් ඉලක්ක අලුත් වෙලා අපි පරණ ජාතික් එතමුතුව ගැන් කතා කරනවා

  3. අනීමා රුමිල්ලා says:

    කුප්‍රකට දො.ජු.විකුම්සිහගෙ තිර නාටකයක් විය හැක…. යැංකි ඩිකිගෙ බෑණා….

  4. Bat says:

    Suicide attackers? Actors? Moda katha kiyanna epa.

  5. පොඩි එකා says:

    ශ්‍රී ලංකා ප්‍රඡාතන්ත්‍රවාදී සමාඡවාදී අනේ මං දන් නෑ රඡය ගැන ඡනතාවගේ විශ්වාසයක් නැත…

  6. sunil Aththanayake says:

    Eda beruwala deeth mahinda ,basil gaththe hambayange paththa ,medaa paara sinhala apitama kelawanna mun hadanne,mahinda boruwata rangapewata shiranthiwath ,uoowath medaa paara kochchi kade palli giya naththe kalinma danna hinda,,!!
    Ara sataka sunaka Basilaa thamayi badurdeenta wilpaththuwa liyalama dunne,siripade dunneth hambayanta uooma thamayi ,dan uooge pohottuwa labbenuth apita kelawanna yanne….!!!

    • Darshana Abayakoon says:

      ජෙප්පන්ගේ ජාතික ලැයිස්තුවට පත්කල එකෙක් මෙම බිහිසුන ත්‍රස්ත ප්‍රහාරයට කෙලින්ම සම්බන්ධයි විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී හෙලිදරවු කිරීමේ තරහට ජෙප්පො කිසිම පදනමක් නැතිව මහින්දලට අභූත චෝදනා කරනව.

  7. රජා says:

    සින්හල කොල්ලෝ හතලිස් දාහකට වඩා ජීවිත පුජාකරලා 2009 දී, ශතවර්ශ ගානකට පස්සේ අන්ගි අවස්ථාවක් ලබාදුන්නා මහරාජාට.
    ඔය කියන හෑමදෙයක්ම ඒ වෙලාවේ කරන්න තිබුනා.
    නමුත් රජා කොරේ මොනවද?
    ෂරියා නීතියට අදාලව කාති උසාවි නීතිගත කලා
    ෂරියා නීතියට අදාලව බෑන්කු ක්රමයක් නීතිගත කලා.
    හලාල් කෑම නීති ගත කලා.
    සින්හල ලමයින්ට දෙමල ඉගෙනීම අනිවාර්ය කලා.
    රජයේ සෙවකයන්ට උසස්වීම් සදහා දෙමල භාශාව අනිවාර්ය කලා.
    විල්පත්තුව හම්බයන්ට පවරලා දුන්නා.
    අරාබි පාසල් (මද්රසා) පිහිටුවා ශරියා නිති උගන්වන්නට ඉඩදුන්නා.
    රටේ සියලු දෙනාටම එක නීතියක් සම්මත කිරීම මගහෑරියා (තේසවලාමේ, ඉස්ලාමික විවාහ නීතිය ආදිය අවලන්ගු නොකීරීම)
    කලු ගෝනිබිල්ලා ඈදුම ව්යාප්ත වෙන්නට ඉඩහෑරියා.
    කොටින්ම අන්තවාදයට වඩාත්ම වෑඩෙන්නට ඉඩ ලෑබුනේ මහරාජාගේ කාලයෙයි.
    දෑන් අස්වෑන්න ලෑබෙනවා.

    • රාණි says:

      මේ ප්‍රහාරයට මූලික හේතුව සන්නද්ධ බුද්ධි අංශ දුර්වල කිරීම බව නොතේරෙන්නෙ, උඹ තුන් වේලටම කන්නෙ තනකොලද?

  8. asela says:

    Dewaka Baiya you are just a labourer. Do not utter a word if you do not know what is happening. I do not think that you can not even read a newspaper.

Main News