83 වියැති පියාට පහර දුන් දියණිය පොලිස් අත්අඩංගුවට…

April 29, 2021 at 2:27 am | lanka C news

බේරුවල බද නාගොඩ දේශයේ පදිංචි වයෝවෘද්ධ (83) පුද්ගලයෙකුට කොස්සකින් පහරදී හිරිහැර කරන ලදැයි කියන හතළිස් තුන් හැවිරිදි කාන්තාවක් (28) දින බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි .

හතළිස් තුන් හැවිරිදි දියණිය තමන්ට කොස්සකින් පහරදී හිරිහැර කරන ලදැයි 83 වියේ පසුවන පියා වන පුද්ගලයා බේරුවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක නිලධාරීන් කණ්ඩායමක් සැකකාර කාන්තාවගේ නිවසට ගොස් අත්අඩංගුවට ගත් බවකියයි.

පහර කෑමට ලක් වූ පුද්ගලයා තම මහගෙදර දියණිය සිටින නිවෙසට පැමිණි අවස්ථාවේ මෙලෙස පහර දී ඇති බවත් මෙම පුද්ගලයාට තවත් දියණියන් තිදෙනෙක් ද සිටින බවත් මහගෙදර අයිතිය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මුල්කරගෙන තම පියාට සැකකාර දියණිය පාර දී දී තිබෙන බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පැය කීපයක් පොලිසියේ රඳවා තබා ප්‍රශ්නකර පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ඉදිරි දිනෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට දින නියම කෙරේ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

29,719 views

3 Comments to “83 වියැති පියාට පහර දුන් දියණිය පොලිස් අත්අඩංගුවට…”

  1. ක්‍රිමිනල් says:

    බයියනේ…. අන්න බොලාගෙ අධිකරණ ඇමති අලුත් පණතක් ගේන්න යනවා. 15 දෙනෙක්ගෙ කොමිටියක් කැමති විධිහට විතරයි හාමුදුරුවන්ට බණ කියන්න පුලුවන්. ඊට වෙනස් ලෙස බණ කිවුවොත් 50,000ක් දඩ. ඊලගට වසර 7ක් හිරේ. අධිකරණයට වත් මීට එරෙහි වෙන්න බැරි ලෙසයි මේ පණත ගේන්නේ.

    මේකෙ යටි අරමුණ, මිනිස්සුන්ට දඩුවම් දෙන ශරියා අධිකරණ ගේන එක. 15 දෙනාගේ භික්ශු අධිකරණ තියෙනවා නම්, එලෙසම මුස්ලිම් මිනිස්සුන්ට ශරියා අධිකරණයක් තිබිය යුතුයි යන පදනමින් ශරියා අධිකරණය ගේන්නේ.

    එකරටක්… එක නීතියක් …… හුකෑස්.

    • හේරත් says:

      සාටක බයියා බලයේ ඉන්නකොටත් මතක හැටියට 2011 දී පන්සල් ගණින්නාන්සේලා එකතු වෙලා ඔහොම එකක් කමිටුවක් පිහිටුවාගෙන පන්සල් වල නොපනත්කම් වලට විරුද්ධ මත යටපත් කරා. ඒකෙදි මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්ගේ “සත්‍යෝදය” පොතේ පිටපතුත් එකතු කරලා විනාශ කලා. ඒ පොතෙන් සූත්‍ර වලින් උපුටලා හොඳට පැහැදිළි කරනවා, අද හාමුදුරුවරු කරන බොරුව.

      ඔය තට්ට වහන්සේලාටයි දේශපාලන වාසියට ඒවාට සහය දෙන දේශපාලුවන්ටයි අපායට තමයි යන්න වෙන්නේ…

  2. Gorilla says:

    අම්මට තාත්තට සලකන්නේ දරුවන්ට රජයෙන් කිසිදු සේවයක් නොමිලේ ලබාගන්නට නොහැකිවන ලෙස නීතියක් ගේන්න ඔනේ.

Main News